ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත ලංකාවේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට පළමු කොවිඩ් ප්‍රතිශක්තිකරණ අත්දැකීම ලබා දුන්නේය. නමුත් රටේ සාමාන්‍ය මහජනතාව සදහා එම අද්දැකීම ලැබෙන දිනය පිළිබදව නිෂ්ච්ත දිනයක් පෙනෙන මානයක නොමැති අතර, ඒ වෙණුවට එන්නත් සැපයුම්කරුවන්ගේ තරගයක් සුපුරුදු පරිදි ඖෂධ නියාමන අධිකාරිය හරහා මතුවෙමින් තිබේ.
එන්නත අපට මහ මෙරක් වුවද, කොවිඩ් වසංගතය හේතුවෙන් ලොව පුරා මතුවුණු "එන්නත් ඉල්ලුම" සඳහා සැපයුම් ලබාදීම මේ වන විට ව්‍යාපාරික තරගයක් බවත්, ඒ සදහා සීතල යුද්ධ ක්‍රියාතමක වන බවත්, අප අමතක නොකල යුතුය. ඇමරිකාව, එංගලන්තය, රුසියාව, චීනය සහ ඉන්දියාව මෙම ජත්‍යන්තර එන්නත් තරඟයේ මුල් පෙළට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව කිසිසේත්ම තරඟකරුවෙකු නොවුණ බව හා ගැනුම්කරුවෙකු ලෙස එම තරගයේ ආසියාතික කලාපයේ ඉත්තෙක් පමණක් වන බව රටක් ලෙස වටහා ගනිමින් කටයුතු කිරීම, රටේ බහුතර මහජනතාවට වඩා හොඳ එන්නතක් ලබාදීම සඳහා අත්‍යාවශ්‍යය.
ඒ නිසාම ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත පරිත්‍යාගයක් හරහා පැමිණ අප රටට විශාල සහනයක් ලබා දී තිබූ පමණින්, කොවිෂීල්ඩ් ඇබ්බැහියකට ලක්විය යුතු නැත.
ලෝකෙන් එන්නත් තරගය දෙස විමසිලිමත් වීමේදී, මෙතෙක් නිෂ්පාදනය වී ඇති එන්නත් අතර මුලටම පැමිණ ඇත්තේ ඇමරිකාවේ ෆයිසර් එන්නත බව පැහැදිලිය. සිංගප්පූරුව ඇතුළු ලෝකයේ දියුණු රටවල් ගණනාවකම ඒ ඒ රටවල් වල ඖෂධ අධිකාරීන් විසින් අනුමත කර ඇත්තේ ෆයිසර් එන්නත පමණි. ලෝක සෞඛ්‍ය සංවිධානය,මේ වන විටත් සිය පුර්ව එකඟතාවය ලබා දී ඇත්තේ ෆයිසර් එන්නතට පමණි. ඇස්ට්‍රා සෙනිකා එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය කාර්ය මණ්ඩලය සඳහා ලබා දීම පවා ඔවුන් තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. එසේම ෆයිසර් එන්නත RNA වර්ගයේ එන්නතක් වන බැවින් ප්‍රභේද සදහා වඩා සාර්ථක බවද කියැවේ. තවද, සාර්ථකත්වය 95%ක් පමණ වන බැවින්, එන්නත් තරඟයේ දී ඔවුන් ඉදිරියට පැමිණ ඇත්තේ වෙළඳ උපක්‍රම මගින්ම පමණක් යැයි කිව නොහැකිය.
නමුත් ශ්‍රී ලංකාව දිගින් දිගටම කොවිෂීල්ඩ් එන්නත මත පමණක් යැපෙන්නට කෘතිම උත්සාහයක් දරන්නේද යන සැකය මතු වන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අනුපිළිවෙල විමසීමේදීය. කොවිෂීල්ඩ් සදහා කෙටි කාලයකින් ලියාපදිංචිය ලබාදෙන අධිකාරිය, ෆයිසර් සදහා තවම ලියාපදිංචි අවසරය ලබා දී නොමැත. ඒ අනූව ලැබෙන සෑම අවස්ථාවකදීම, රටක් ලෙස අපට ඉල්ලුම් කල හැකි වන්නේ කොවිෂීල්ඩ් පමණි.
එන්නත් පරීක්ෂාව ලෙස අපට දැනට කල හැකිව තිබෙන්නේ ලේබල් සහ ලියකියවිලි පරීක්ෂාව පමණක් වන බැවින්ද, ඊට එහා ගිය විද්‍යාත්මක හැදෑරීමකට වෛද්‍ය පර්යේෂණ ආයතනය වැනි ආයතනවල් සූදානමක් නැති හෙයින්ද, මෙම ලියාපදිංචි කිරීම් ප්‍රමාද වීම සදහා විශාල හේතු තිබිය නොහැක.
මිලියන නවයක නව එන්නත් තොගයයක් ඇනවුම් කිරීමට පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශ කර ඇති අතර, ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර වශයෙන්නද විශාල එන්නත් තොගයක් ලැබීමට නියමිතය. මේකී සියළු ඇනවුම් සදහා කොවිෂීල්ඩ් පමණක් නිර්දේශ වන්නේ අහම්බයකින් නොවන බව අප වටහා ගත යුතු අතර, රටක් ලෙස ලොව පුරා වඩා වැඩි විශ්වාසයක් දිනා ඇති එන්නත් අපේ රටේ මහ ජනතාවට ලබා දීමට ඇති හැකියාව, සැලසුම් සහගතව අවහිර කරමින් පවතින්නේද යන්න පිළිබදව සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වියයුතුය. විශේෂයෙන්ම එන්නතෙහි හැකියාවට වඩා දේශීය සමාගම්වල හැකියාවට අනුව ගුණාතමකව පහල වර්ගයේ එන්නතක් සදහා අප වැඩි ඉඩකඩක් ලබා නොදිය යුතු අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වඩා වැඩි විශ්වාසය දීනා ඇති එන්නනත අපේ රටේ පුර වැසියන් සදහා ලබා දීම වෙණුවෙන් රජයේ පූර්ණ අවධානය යොමුවිය යුතුය.
එමෙන්ම එන්නත් පිළිබදවත්, එහි පසු ප්‍රවතා පිළිබදවත්, වෙළද දෘෂ්ඨියකින් කටයුතු කිරීම වෙණුවට, විද්‍යාත්මක දෘෂ්ඨියකින් කටයුතු කිරීම සදහා, ඊට අදාල පර්යේෂණාත්මක කටයුතු කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය මීට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර, වෛද්‍ය පර්යේෂණ ආයතනය වැනි ආයතන වල වගකීම නිවැරදිව කළමණාකරණය කල යුතුය.
රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය