වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ කාන්තාවන් සවිබල ගැන්වීම හා ඔවුන්ගේ සන්නිවේදන කුසලතා හා නිපුණතා වර්ධනය කිරීමේ අරමුණු ඇතිව සංවිධානය කරන ලද දෙදිනක පුහුණු වැඩසටහනක් පසුගිය 16 හා 17 වෙනි දින වත්තල පෙගාසස් රීෆ් හෝටල් ශ්‍රවනාගාරයේදී පැවැත්විනි.
එහිදී මානව හිමිකම් ක්‍රියාකාරි හා මාධ්‍යවේදී ජනරංජන, මාධ්‍යවේදිනී/නීති නිලධාරී භාග්‍යා වීරකෝන් හා මාධ්‍යවේදී ප්‍රියාන් ආර් විජේබණ්ඩාර යන මහත්ම මහත්මීන් විසින් ප්‍රධාන දේශනයන් සිදුකළ අතර ඊට අමතරව ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමටද අවස්ථාව උදාවිය.
වෘත්තීය සමිති නියෝජනය කරන කාන්තා සාමාජිකයින් ලෙස සේවා ස්ථානයේදී කාන්තාවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සිය හඩ ඉදිරිපත් කිරීමත්,ඊට එරෙහිව නැගී සිටිමින් කාන්තාවන් ගේ අයිතීන්, අයිතිවාසිකම්, මානව නිදහස මෙන්ම හිමි නීති ප්‍රතිපාදන ලබා ගැනීමටත් ඒ වෙනුවෙන් කාන්තාවන් සවිබල ගැන්වීමත් මෙහිදී වැඩසටහන් සංවිධානය වී තිබුණි.
මීට අමතව රැකියා ස්ථානයේ සිදුවන හිංසනය සහ හිරිහැර අවසන් කිරීම සඳහා ලෝක කම්කරු සංවිධානය විසින් අනුමත කරන ලද C190 සම්මුතිය සම්මත කර ගැනීමේ වැදගත්කමත් එහිදී කාන්තා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ලෙස සිය දායකත්ව ලබා දීමේ වැදගත්කම හා ඉදිරි ක්‍රියාමාර්ග ඊට සක්‍රීයව දායකත්වය ලබාදෙන ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්කෙරිණි.
මේ අවස්ථාව සඳහා රාජ්‍ය අxශය,පෞද්ගලික අxශය,අර්ධ රාජ්‍ය අxශය හා අවිධිමත් ක්ෂේත්‍රයන්හි වෘත්තීය සමිති රැසක් නියෝජනය කරමින් කාන්තා සාමාජිකාවන් සහභාගිය විය.
එම අවස්ථාවේ ඡායරූප කිහිපයක් පහතින්....
![151660100 248597130290763 6398427994413206205 n](/images/2021/02/02/151660100_248597130290763_6398427994413206205_n.jpg)
![151892164 718031235527128 1953252401156143130 n](/images/2021/02/02/151892164_718031235527128_1953252401156143130_n.jpg)
![151801930 222076019625740 8920153797336793533 n](/images/2021/02/02/151801930_222076019625740_8920153797336793533_n.jpg)