රජය විසින් වැඩි කළ රුපියල් දහසේ දෛනික වැටුප සියළු තේ වතු කම්කරුවන්ට හිමි විය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා ප්‍රකාශ කළේ ඇතැම් කුඩා තේ වතු හිමියන් මේ වනවිටත් වතු කම්කරුවන්ට රුපියල් දහසකට වැඩි දෛනික වැටුපක් ගෙවන බවයි.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට එරෙහිව වතු සමාගම් 19 ක් අභියාචනාධිකරණයේ ඉකුත්දා රිට් පෙත්සමක් ගොණු කළා. ඒ සම්බන්ධයෙන්ද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කරුණු දැක්වූවා.
වතු සමාගම් 19 ගොණුකළ රිට් පෙත්සම ලබන 26 වනදා සළකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.