බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් සමුළුව ට සහභාගිවන ලෙස දන්වා විදෙස් කටයුතු ඇමති දිනේශ් ගුණවර්ධන මහතා විසින් මියෙන්මාර හමුදා ජුන්ටාව වෙත ලිපියක් යොමුකර තිබේ. අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාව බොහෝ දෙනාගේ අවධානයට ලක්වූවා පමණක් නොව ඒ් පිළිබඳ දැඩි විරෝධයක්ද එල්ල විය.
මේ පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයින් හා සිවිල් සමාජ ක්‍රියාධරයින් පිරිසක් ඉකුත් මාර්තු මස 16 වන දින කොළඹ පැහිටි විදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්ද පවත්වන ලදී. මේ සම්බන්ධයෙන් 'වැඩබිම' කළ විමසීමකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා මෙසේ කියා සිටියේය.
" මියෙන්මාරයේ හමුදා ජුන්ටාවට ලෝකයේම ප්‍රජාතන්ත්‍රික රටවල් විරුද්ධවෙද්දී එයාට ලංකාවේ විදේශ ඇමති ආරාධනා කරනවා. මේක අඩුම ගාණේ රාජ්‍යයේ නමට, රටේ නමට කරන ආරාධනයක් නෙවෙයි. හමුදා ලොක්කගේ නමින් තමා ආරාධනා කරන්නෙ. ලංකාව කියන්නෙ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක ඉන්නෙ කියලා. මේවන තෙල් ලංකාව, මියෙන්මාරයේ හමුදා ජුන්ටාව ගැන නිල ප්‍රකාශයක් කරලා නෑ. දැනට ඒකසිය ගණනක් මිනිස්සු මැරිලා. ලංකාව කිසිම විරෝධයක් දක්වලා නෑ. ලංකාවේ මිනිස්සු 69 ලක්ෂයක් ඡන්දය දුන්නට රටේ ජනගහණයෙන් බහුතරයක් ඡන්දය දීලා නෑනෙ. මේ ආණ්ඩුව පොදු ජනතාව නියෝජනය නොකොට චීනයේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් ඉන්නවා."
මීළඟ බිම්ස්ටෙක් සමුළුව පවත්වන්නට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාවේය. ඒසේත් නැතිනම් එය සත්කාරක රට වන්නේ ශ්‍රී ලංකාවය. එම නිසා එහි මුලසුන හිමිවන්නේ මෙරටට බැවින් සෙසු රාජ්‍යයන්ට ආරාධනා කිරීමත්, ඔවුන් සම්බන්ධීකරණයත් කිරීමේ වගකීමත් පැවරෙන්නේ මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයාටය. එසේ නම් මියෙන්මාරය පිළිබඳ අනුගමනය කළ යුතු වන්නේ කෙබඳු ප්‍රතිපත්තියක්ද?
මියෙන්මාර් ජනතා සහයෝගිතා කමිටුව නියෝජනය කළ වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති, ෆ්‍රෙඩී ගමගේ ඒ් පිළිබඳ අදහස් දැක්වූයේ මේ අයුරිනි.
" මියෙන්මාරයේ විශාල ජනවරමක් ලබා මැතිවරණය ජයග්‍රහණය කර, පසුගිය පෙබරවාරි 1වන දින නව රජය පිහිටුවීමට තිබියදී එදින හමුදා කුමන්ත්‍රණයක් මගින් බලය උදුරා ගැනීමක් සිද්ධවෙනවා. වෙන විදිහකට කියනව නම් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් පෙරළා දමා බලය උදුරා ගනු ලැබූ හමුදා ජුන්ටාව අපි විරෝධතාව පවත්වන දිනය වෙද්දි, එරට වැසියන් 188ක් පමණ ඝාතනයට ලක්වෙලා තිබුණා. 2000ට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒතකොට ශ්‍රී ලංකාව විසින් ආරාධනා කරනු ලබන්නේ ඒ් ආකාරයේ මිනීමරු ජුන්ටාවකටයි. අපි විදේශ ඇමති හමුවුණු වෙලාවෙ කීවේ මේක තනතුරකට ලියුම ඇරියා නම් ප්‍රශ්නයක් නෑ. මොකද සභාපති හැටියට ලංකාවෙන් නිල ආරාධනා යවන්න ඔ්න. ඒ්ත් මේක යවලා තියෙන්නෙ හමුදා ජුන්ටාවේ විදේශ ඇමතිගෙ, හමුදා නායකයෙකුගෙ නමින්. ඒ්ක තමා ගැටළුව. මේ ඉල්ලීම ශ්‍රී ලංකා රජය විසින් ආපසු කැඳවිය යුතුයි කියන එක තමා අපේ ස්ථාවරය.." වෘත්තීය සමිති නියෝජිතයින් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් තම ස්ථාවරය දන්වා විදේශ කටයුතු අමාත්‍යවරයාට ලියුමක් බාරදී තිබේ.
බිම්ස්ටෙක් සමුළුව ආරම්භ කිරීමේ අරමුණ වන්නේ මෙම රටවල් අතර සිදුවන ආනයන-අපනය වෙළඳාම තීරු බදු රහිතව කරගෙන යාමයි. මීට අමතරව මෙම රටවල් පොදුවේ මුහුණ දෙන ප්‍රශ්න හා ස්භාවික විපත් අවම කිරීමට එකට එකතු වී තීරණ ගැනීමත් අපේක්ෂිතයි.
මුලින්ම මෙම සංවිධානය ආරම්භ වෙන්නේ 1997 වසරේ ජූනි මාසයේ දී ය. බංගලාදේශය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, හා තායිලන්තය මෙහි ආරම්භ සාමාජිකයන් වූ අතර ආරම්භයේ දී මෙම සංවිධානය හදුන්වනු ලබන්නේ BIST-EC (Bangladesh, India, Sri Lanka, and Thailand Economic Cooperation) නමිනි.
1997 වසරේ දෙසැම්බර් මාසයේ දී මියන්මාරය ද, 1998 වසරේ නේපාලය ද, 2004 වසරේ භූතානය ද මෙම සංවිධානය හා එකතු වෙයි. 2004 වසරේ සංවිධානයේ නම බිම්ස්ටෙක් ලෙස වෙනස් කරන අතර එහි තේරුම වන්නේ බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්කේ එකඟතාවය (Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation)යන්න යි. බිලියන 1.5ක ජනතාවක් බිම්ස්ටෙක් සංවිධානයට අයත් රටවල වාසය කරන අතර එය ලෝක ජනගහනයෙන් 22%ක් පමණ වෙයි. රටවල් හතේ දළ ජාතික නිෂ්පාදිතයේ එකතුව ට්‍රිලියන 2.7ක් පමණ වන අතර පසුගිය වසර පහ ඇතුළත රටවල් වල ආර්ථිකය 6.5%ක සාමාන්‍ය වර්ධන වේගයක් දැකිය හැකිය.
- පී.ඩබ් මුතුකුඩආරච්චි