අධ්‍යාපනයේ විෂමතා තිව්රර කරන හා විකෘතිතා ඇති කරන ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවට වසංගත කාලය තුළ දරුවන්ට ගුණාත්මක හා අඛණ්ඩ අධ්‍යාපනයක් දීමට විධිමත් වැඩපිළිවෙළක් වහාම ආණ්ඩුව සකස් කළ යුතුයි. ඊයේ (09) දින නුගේගොඩ දී පැවති මාධ්‍ය හමුවකදී සංජීව බණ්ඩාර මහතා මෙසේ ප්‍රකාශ කරන ලදී. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ
වසංගතයත් එක්ක දැන් නැවතත් පාසල් වසා දාල තියෙනවා. නමුත් ආරම්භ කිරීමට අදාලව දින නියමක් නෑ. ආරම්භ කළත් යළි වසංගතයේ හතර වෙනි රැල්ලක් ආවොත් යළි වසා දමන්න සිද්ධ වෙයි. මේ විදිහට වසංගතයේ උච්චාවචනයන් එක්ක පාසල් වසා දැමීම සහ විවෘත කිරීම වෙනුවට වසංගත කාලය තුළ අධ්‍යාපනයේ අඛණ්ඩතාවය සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.
අපි මීට පෙර පාසල් වසා දැමූ අවස්ථාවලදීත් මේ ගැන ආණ්ඩුවට කිව්වා. නමුත් ආණ්ඩුව ඒ ගැන සැලකිල්ලක් දැක්වුවේ නෑ. ඒ නිසා අපි මෙවර විධිමත් යෝජනාවක් ඉදිරිපත් කරනවා. පාසල්, පන්සල් හා දේවස්ථාන හැම ගමකම තියෙනවා. මේවා යොදා ගනිමින් ගමේ දරුවන්ට ගමේම අධ්‍යාපනය දෙන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. අපි දන්නවා පාසල් විවෘත කිරීමට බැරි වසංගතය පැතිරෙන අවධානම නිසයි. ඒකට එක හේතුවක් තමයි පාසල්වල ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව විශාල වීම. අනිත් එක ශිෂ්‍යයින්ට නිවසේ සිට පාසල් දක්වා විශාල දුරක් ගමන් කිරීමට සිදුවීම. නමුත් ගමේම පොදු තැනක දරුවන්ට අධ්‍යාපනය දෙන වැඩපිළිවෙළක් හැදුවොත් අවධානම අඩුයි.
ගමේම ගුරුවරු මේ ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න පුලුවන්. ඒත් ප්‍රමාණවත් නැත්නම් සහයක භූමිකාවක සඳහා සංවර්ධන නිළධාරී පත්වීම් දුන් උපාධිධාරීන් වුනත් සම්බන්ධ කරගැනීම ගැටලුවක් නෑ. මොකද අපි දන්නවා ඔන්ලයින් හරහා අධ්‍යාපනය අන්තිම අසාර්ථකයි. දැන් කෙරන ඔන්ලයින් ක්ලාස්වලට ගත්තොත් ශිෂ්‍යයෝ 20% ක්වත් සම්බන්ධවෙන්නේ නෑ. අනික ඒ සඳහා බොහෝ දරුවන්ට තාක්ෂණික මෙවලම් නෑ. අන්තර්ජාල පහසුකම් නෑ. පිරිවැය දරාගන්න බෑ. ඒ නිසා සාතිශය බහුතරයක් දරුවන්ට අධ්‍යාපනයට සම්බන්ධ වෙන්න බෑ.
අනිත් කාරණය තමයි ඔන්ලයින් කිය කියා දරුවෝ මේ තාක්ෂණික උපකරනවල ගොදුරක් වීමේ අනතුරක් තියෙනවා. වසංගතයට පෙර පවා දෙමාපියන් මුහුණ දුන් බරපතල ගැටලුවක් තමයි මේ ජංගම දුරකථනවලට දරුවෝ ඇබ්බැහිවීම. බාහිර ලෝකයත් එක්ක කිසි සම්බන්ධයක් නැති පැය 24 පෝන් එක්කම ජීවත්වන පරම්පරාවක්ඉදිරියේදී නිර්මාණය වීමේ ලොකු අවධානමක් තියෙනවා. සමහර දරවෝ ඉන්නවා එලිවෙනවා රෑවෙනවා දන්නෑ, කිසි සමාජ සම්බන්ධයක් නෑ, පොතක් පතක් බලන්නෙ නෑ පොන් එක විතරයි. දැන් ඔන්ලයින් හරහා දරුවෝ ඒ අනතුරටම තල්ලු කිරීම භයානකයි. වසංගතයෙන් ආරක්ෂාවීම විතරක් නෙවෙයි අපි වසංගතයෙන් පසු අනාගතය ගැනත් කල්පනා කළ යුතුයි. කුඩා දරුවෝ ගත්තොත් ඔවුන්ට ඔවුන්ගේ වයසට ක්‍රීඩා, විනොදාස්වාදය, විවේකය, සමකාලීන දරුවන්ගේ ඇසුර අවශ්‍යයි. අධ්‍යාපනයට ගුරුවරුන්ගේ මඟ පෙන්වීම ලබාදිය යුතුයි.නමුත් මේ ඔන් ලයින් හරහා ඒ මැදිහත්වීම සිද්ධවෙන්නේ නෑ. අවුරුදු 2 ක තුනක් ගියාම මේ දරුවන්ට මොකද්ද සිද්ධවෙන්නේ. ආණ්ඩුව මේ ගැන සිතා බැලිය යුතුයි.
අනික ඔන්ලයින් හරහා ඉගැන්වීමට කිසි පහසුකමක් නෑ. ලෝකයේ බොහෝ රටවල් ඒ සඳහා පසසුකම් ඇති කරල තියෙනවා. නමුත් අපේ රටේදි මේ කිසිවක් නෑ. වෙන් කරපු ප්රතිපාදනත් බිලියන 42 කින් කැපුවා. ගුරුවරුන්ට ලැබෙන සොච්චම් වැටුපෙන් මේ පිරිවැය දරාගන්න බෑ. දරුවන්ටත් එහෙමයි. ඒ නිසා මේ ක්‍රමය අසාර්ථකයි. සම්ක්ෂණයට අනුව විශ්වවිද්‍යාලවලවත් සිසුන්ට මේ සඳහා පහසුකම් නෑ. දැනුමහා නිපුණතා නෑ. අන්තර්ජාල ආවරණය නෑ. එහෙම නම් පාසල්වල තත්ත්වය පැහැදිලියි.
අධාපන අමාත්‍යාංශය කරන්නේ ගුරුවරුන්ට බොරුවට උපදෙස් දෙන එක විතරයි. නමුත් කිසි පහසුකමක් දෙන්නෙ නෑ. ඒ නිසා අපි කියනවා මේ විකෘති ඔන්ලයින් ක්‍රමවේදය වෙනුවට අපි ගේන යෝජනාව ක්‍රියාත්මක කරන්න. එතනදි ගුරුවරයගෙ සෘජු අධීක්ෂණයක් දරුවන්ට ලැබෙනවා. ඇතැම් පාඩම් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මේ මධ්‍යස්ථානවලදී විකාශනය කළ හැකියි. එතන ඉගෙනුම් පරිසරයක් හැදෙනවා. ගුරුවරු ඉන්නවා. ඒ නිසා දරුවන්ට මඟ අරින්න බෑ.
වාස් ගුණවර්ධන මහතා අදහස් දක්වමින් ,අපි කැබිනට් මණ්ඩලය ගත් තීරණ දෙකකට අපි අපේ විරෝධය පලකරනවා. පළවෙනි එක තමයි ප්‍රතිඵල නැවත සමීක්ෂණවලට පෙර සරසවිවලට සිසුන් බඳවාගන්න. මේක බරපතල අසාධාරණයක්. මොකද නැවත සමීක්ෂණවලින් තේරෙන සිසුන් බඳවාගන්න පුරප්පාඩු නැති වුනොත් ඒක දරුවන්ට අසාධාරණයක්. ඒ නිසා අපි කියනවා බඳවාගැනීම් නැවත සමීක්ෂණවලට පසු කළ යුතුයි. ඊළඟ එක තමයි සාපෙළ හා උසස්පෙළ විභාග පැවැත්වෙන දින වෙනස් කරන තීරණයක් ගත්තා. අපොස සාපෙල අගෝස්තු මාසයේ තියන්න යනවා. අපි අහනවා මාස 7කින් පුලුවන් ද 11 වසර විෂය නිර්දේශය අවසන් කරන්නේ කොහොමද අඩුමගානේ ප්‍රායෝගික පරීක්ෂණවලටවත් කාලය ප්‍රමාණවත් නෑ. අපි කියනවා මේ තීරණය ගනිද්දී විදුහල්පතිවරුන්ගෙන් අහන්න. ගුරුවරුන්ගෙන් අහන්න. එහෙම නැතුව දරුවෝ පරීක්ෂණාගාර මීයෝ ගානට දාල තීරණ ගන්න එපා.
ඊළඟ කාරණය තමයි ගුරුවරු සහ දරුවෝ වසංගතයට ගොදුරු වෙමින් ඉන්නවා. හැබැයි රෝහල් ගත කරන්නෙ නෑ. ඒ නිසා ඔවුන්ට අග්‍රහාර සහ සුරක්ෂා රක්ෂණ වන්ධි ලබාගන්න බෑ. මොකද රෝහල් ගතවීමට අදාල සහතිකයක් නැතුව ගෙවන්නෙ නෑ. ඒ නිසා අපි කියනවා MOH සහතිකයක් දුන්නම මේ වන්ධි ගෙවීමට වැඩපිළිවෙළක් හදන්න කියල අපි ආණ්ඩුවට කියනවා යනුවෙන් ප්‍රකාශ කලේ ය.