අද අප පසුකරමින් සිටින්නේ ඇසට පෙනෙන හා නොපෙනෙන බරපතල දේශපාලන අර්බුදකාරී අවස්ථාවකය. අප දැන හෝ නොදැන එහි පංගුකාරයන් පමණක් නොව වින්දිතයන් බවට පත්ව සිටිමු. මෙම තත්ත්වයට බලයේ සිටින හා කලින් බලයේ සිටි සියලූම පාර්ශව වගකිව යුතුය. එසේ කියා අපේ වගකීමෙන් අපට ගැලවිය නොහැක. අපේ ක්‍රියාකාරිත්වය කුමක්වීද ?
මේ රටේ ඔබ නම් කරන ඕනෑම ක්ෂේත්රයක්, එනම්, ආර්ථිකය, පරිසරය, ආහාරපාන, අධ්‍යාපනය, සෞඛ්‍යය, ගොවිතැන, ප්‍රවාහනය, රැෙකියා, ආදියෙහි විස්තර කල නොහැකි අර්බූදකාරී තත්ත්වයක පවතී.
රටේ සදාචාරය, නීතිය, අධිකරණය, පරිපාලනය, අර්බූදයෙන් අර්බූදයට ගොස් ඇතිබව ජනාධිපති, අගමැති, ප්රමුඛ නායකකාරකාදීන්ගේ කියුම් කෙරුම්වලින් පැහැදිලිවේ. නීති ක්‍රියාදාමයෙන් වරදකරුවන්වු අය යලි නීති ක්‍රියාදාමය තුලින් නිවරද කරුවන්ව නිදොස් වෙති. වරද නිවැරද්දක් වෙය.
ජනතාවගේ සිතුම් පැතුම්, විවිධ මාධ්‍ය සංදර්ශනවලින් අවුලෙන් අවුලට පත්කර ඇති අතර, පාලකයන් එහි විපුල ප්‍රයෝජන ගනිමින් තවදුරටත් ඔවුන්ගේ දුෂ්ඨ හා කූඨපාලනය පවත්වා ගෙනයෑමට නිසි තොරතුරු වසන්කර තිරයෙන් පිටුපස ජනතාවට හොරෙන් පිඹුරුපත් සකස් කරමින් සිටිති. පවතින හා පැවති ආණ්ඩු දෙකම වගකිව යුතු කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, චීන වරාය ඉංජිනේරු සමාගම යෝජනා කරන ලද්දක් විය. මෙම වරාය නගරය නිසා ශ්‍රී ලංකාව මෙරට ජනතාවගේ ඉදිරි අනාගතයේදී විදේශ බලඅරගල මධ්‍යස්ථානයක කේන්ද්‍රස්ථානයක් වනුඇති බවට දැනටමත් ඉඟි පලවෙමින් ඇත. එපමණක් නොව චීනය දිගින් දිගටම ණය දෙමින් ණය උගුලේ ශ්‍රී ලංකාව හිරකරමින්, කලාපයේ තම අනසක පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් කර ගැනීමට ඉඩසැලසීම සෑම දේශපාලන පක්ෂයක්ම එකඟතාවය පලකර ඇත.
පසුගිය වසර ආවර්ජනය කලවිට, ජනාධිපතිවරණය, මහමැතිවරණය, 2/3 බලය, 20 වන ව්‍යවස්ථා සංශෝධනය ආදිය මගින් ඇතිකර ගත් බලස්ථාවරත්වය අනුව, රටේ වෙනසක් බලාපොරොත්තුවූ ජනතාවගේ බලාපොරොත්තු බලා සිටියදීම එකින් එක බොඳවී මේ වන විට ජනතාවට නැවත ආපසු හැරවිය නොහැකි වංකගිරියක අතරමංව සිටිති. ජනතාව කුල්මත් කරන කතා කියමින් ජනතාව මෝඩයන්ට ඇන්දවීමට ඉතා දක්ෂ ලෙස ජනාධිපති, අගමැති, පමණක් නොව විපක්ෂය ඇතුලූ මුලූ පාර්ලිමේන්තුවම සෑදී පැහැදී කටයුතු කරන බව අපේ කියැවීමයි.
පාර්ලිමේන්තු දේශපාලන පක්ෂ සෑම එකක්ම ඔවුන්ගේ බලය අත නොහැර, පාර්ලිමේන්තු වරප්‍රසාද, ජනතා බදු මුදලින් භුක්තිවිඳීමට තවදුරටත් සැලකියයුතු උත්සාහයක් දරති. රජයේ නිලනිවාස, විදුලිය, ජලය, දුරකථන වියදම් , මහජන මුදලින් ලබා ගනිමින්, යානවාහන, පරිවාර පොලිස් ආරක්ෂාව, විවිධ වරදාන හා වරප්‍රසාද භුක්ති විඳීමටත් තම දරුවන් හා නෑසියන් විදේශ ගතකර, ඒ සඳහාද මහජන මුදල් හා සිය නිල තත්ත්වය භාවිතා කරන බවත් දැකීමට ඇති යථාර්තයයි. වසර 5 කින් විශ්‍රාම වැටුපක් ලබාගැනීමටත්, නැවත අවස්ථාවක් තවත් අවරුදු පහකට ලබාගැනීමට හෝ තම දූ දරුවන් හෝ නෑ හිතවතුන් පාර්ලිමේන්තුවට රිංගවා ගැනීමට දැනට පාර්ලිමේන්තුවේ කුම්භාණ්ඩයන්සේ අරක්ගෙන සිටින පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරුන් සමහරකගේ එකම අභිලාෂය බව පසුගිය කාලය නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි.
මෙරට පවතින ව්‍යවස්ථාවට පැලැස්තර අලවමින් පාලක පංතිය තවදුරටත් උත්සාහ කරනුයේ, පසුගිය වසර 70 ක් පුරාම කල අයුරු, විවිධ පොරොන්දු හා බලාපොරොත්තු දෙමින්, කැරට් අල පෙන්වමින් ජනතාව පරණ පාර දිගේම දක්කාගෙන යන්නටය. බලාපොරොත්තුවූ ”වෙනස” සිහිනයක් බව ජනතාව දැන් තේරුම් ගනිමින් සිටිති. මහින්ද චින්තනය, යහ පාලනය, වියත්මග, සෞභාග්‍යයේ දැක්ම ”ආසියාවේ ආශ්චර්්‍යය” මෙන්ම හුදෙක් සම්ප්‍රලාප බව අත්දකිමින් සිටිති.
මේ අතර වැඩ කරන ජනතාව, ගොවිජනතාව, ගුරුවරු, ධීවරජනතාව, ශිෂ්‍යයන් මෙරට පවතින අසතුටුදායක රාජ්‍ය මැදිහත්වීම වලට එරෙහිව ජනතාවට අවශ්‍ය වෙනස්කම් සඳහා කරන අරගල නිමක් නැත. ඒවා සියල්ල බිහිරි අලින්ට වීනා ගායනා කරනු වැනිවී ඇත. විසඳුම් සඳහා තැන් තැන් වලට යොමු කරනු වෙනුවට නිසි විසඳුම් නැත. ඒ වෙනුවට නිදහස් අධ්‍යාපනය පෞද්ගලීක කරණය නිදහස් වෛද්‍ය ක්‍රමය අභාවයට යැවීම ගොවීජනයාගේ ගැටළු උපහාසයට ලක් කිරීම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ඉඩම් දීම මගින් ගොවීන්ගේ සමප්රදායික ගොවි ඉඩම් අහිමි වන බවත් අලි උවදුර හා හදිසි තීරණයක් අනුව පෝහෝර ගෙන්වීම නැවැත්වීමෙන් ගැටල උග්‍රව ඇති බවත් වාර්තාවේ’
ඊනියා කොරෝනා වසංගතය කළමණාකරනය ගැනද රජයේ අසමත්භාවයත්, අතීශෝක්තියෙන් යුතුව කරන ලද මැදිහත්වීම් පිළිබඳවත් අප සංගමයේ අදහස වන්නේ, රාජ්‍ය කළමණාකරනයේදී රජයේ අසමත්භාවය වසා ගැනීමට ”කොරෝනා වසංගතය” රජයට ”දෙවියන්ගෙන්”් ලැබුන ”ආභරණයක්වූ” බවය.
මෙරට නිදහස් වෙළඳ කලාප සේවකයන් ඇතුලූ කර්මාන්තායතන බහුතරයක කොරෝනා වසංගතය මුවාවෙන් රැකියා අහිමි කිරීම, වැටුප් අහිමි කිරීම, වාර්ශික වැටුප් වැඩි කිරීම් ඇතුලූ සේවා අයිතීන් අහිමි කිරීම සුලභව දක්නට ලැබුනු යථාර්තයයි. අවශ්‍ය නිසි පියවර ගැනීම මන්දගාමිව සිදුවීම නිසා කබලෙන් ලිපට වැටුන සේවක සංඛ්‍යාව දසදහස් ගණනකි.
වඩාත් සැලකිල්ල යොමු වන්නේ අඩු සේවක සංඛ්‍යාවකින් 100% නිශ්පාදනය ලබා ගැනීමට සේවායෝජකයන් දරන උත්සාහයයි. සේවක රැුස්වීම තහනම්කර ඇති පාලකයන් රැුස්වීම වලට සහභාගි උවහොත් වැටුප් රහිතව දින 14 ක් නිරෝධායනයට යවන බවට තර්ජනය කරති. ඒ අතර පවතින ගිවිසුම් වලින් ඉවත්ව පාලක නීති පනවති, තිබෙන අයිතීන් උදුරා ගැනීමට එරෙහිව එක්ව සටන් කිරීමට සූදානම් විය යුතුයයි අපි යෝජනා කරමු
කොරෝනා වසංගතයට මුවාවී ස්ථීර සේවාදායකයන්ට බලපෑම් කරමින් වහල් තත්ත්වයකට ඇද දැමීම අප හෙලා දකින අතර අනියම්, තාවකාලික, මෑන් පවර්, සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවා දායකයන්ගේ රැුකියා අහිමි කරමින් ගෙනයන නිර්ලජ්ජිත ක්‍රියා පිලිවෙත හෙලා දැකීමට සියලු බේද වලින් තොරව වැඩ කරන ජනතාව එකතු විය යුතු බව මෙම මැයි දිනයේදී අප යෝජනා කරමු.
සේවා ස්ථානයේ හිංසනයන්ට ගොදුරු වන ස්ත්රීන්ගේ අයිතීන් පිළිබඳව අපරානුමත කල සී 190 ප්රඥප්තියේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට රජය නිසි නීති පැනවීමේ අවශ්‍යතාවය අප සටහන් කරමු.
වසර 30 යුද්ධයෙන් පසුවද ජාතික ප්රශ්නය ගැන නිසි විසඳුමක් සදහා ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව අපි දනිමු. උතුරු නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ හා මුස්ලිම් ජනයා තවමත් ඔවුන්ගේ මානව හා ප්‍රජා අයිතීන් පිළිබඳව නගන හඬටද සද්භාවයෙන් සවන් දිය යුතුයයි අප යෝජනා කරමු
මෙහිදී මෙරට ඊනියා විපක්ෂයද, අඳුරේ අතපතගානු විනා, තම විපක්ෂ වගකීම ඉටුකරන්නට අපොහොසත්වී ඇත්තේ හොරු, සහචර හොරුන් රකින න්‍යාය අනුවය. ජනතා අභිලාෂයන් ඉටුකිරීමට ඔවුන් බලයේ සිටියදී බරපතල ලෙස අසමත්වූ නිසා දැන් මොන බණ කීවත් ඒවා අවලංගු කාසි බවට පත්ව ඇති නිසාය. පාස්කු ප්‍රහාරය, බැඳුම්කර වංචාව, මහා පරිමාන වන සංහාර ආදිය තවමත් පිලිතුරු නොමැති ප්‍රශ්න ලෙස පවතී.
මේ සියල්ල සිදුවන්නේ මෙරට පාලනය කිරීමට බලය ලබාගෙන තිබෙන ව්‍යවස්ථාව අනුවය. මෙම විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ රටට කර තිබෙන සාපලත් වින්නැහිය ගැන කවුරුත් දන්නා කරුණු කාරණා එකින්එක දැක්වීම දැන් අවශ්‍ය නොවේ යයි අප සිතමු.
මේ හැමදේකටම දැනට පවතින ව්‍යවස්ථාව මූලිකවේ නම්, රෝගය නොව, රෝගයට හේතුව එනම් රෝග කාරකය මෙම ව්‍යවස්ථාව බව අප කියා ඇත්තෙමු. සියලුම පක්ෂ මේ බව දැන දැන රෝග කාරකය හඳුනාගෙන සිටියත්, විවිධ හේතු දක්වමින් රෝග කාරකයට පිළියම් නොකොට රෝගයට සංශෝධන, ඇමුණුම් ඉදිරිපත් කරමින් රෝගය යටපත් කරන්නට දරන උත්සාහය නිසා රෝගය තවතවත් උත්සන්න කර ඇත. එහි ප්‍රතිවිපාක විඳින්නට සිදුුව ඇත්තේ ජනතාවටය. ඒ අනුව පෙනීයන්නේ මෙම සියළුම දේශපාලකයන් අතර නියම එකඟතාවය ජනතාව මූලාකර බලය රැක ගැනීම බවයි.
ජනාධිපති ධූරය හා ජනාධිපති ව්‍යවස්ථාව අහෝසි කර මහජන ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව අප සීඑම්යූ කියා සිටියේ එම ජනාධිපති ව්‍යවස්ථාව ඉදිරිපත් කළ 1978 වර්ෂයේදී සිටමය. අදත් සීඑම්යූ ස්ථාවරය එය බව අපි තරයේ කියා සිටිමු. පවතින ව්‍යවස්ථාව වෙනස් කලයුතු බවට විවිධ සංවිධානද කලක් කියන්නට පටන් ගත් නිසා අප දැරූ ස්ථාවරයේ නිරවද්‍යභාවය ඔප්පු විය.
එහෙත් අද එම ජනාධිපති ව්‍යවස්ථාව ශක්තිමත්කර පවත්වාගෙන යාමට සියලූ දේශපාලන පක්ෂ එකඟත්වයකින් කටයුතු කරන බව පෙනේ. මෙම රටට බරක්ව ඇති ජනාධිපති ව්‍යවස්ථාව ගැන අද කතා කරන්නේ නැත.
අපගේ යෝජනාව වන්නේ මෙම ජනාධිපති ව්‍යවස්ථාව වෙනුවට මහජන ව්‍යවස්ථාවක් ඇති කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අභියස අප නතරවී ඇති බවය.
සිල්වෙස්ටර් ජයකොඩි
ප්‍රධාන ලේකම්
ලංකා වෙළද කාර්මික හා පොදු කම්කරු සංගමය (CMU)