මේ ගැන වැදගත් නඩු තීන්දුවක් තමයි SCFR 76/2012 මේ නඩුවේදී ගුරුවරියක් තමන්ට වූ ලිංගික හිංසනය ගැන අධ්‍යාපන දෙපාර්ථමේන්තුවට හා පොලීසියට පැමිණිලි කොට ඉන් සහනයක් නොලැබූ නිසා මාධ්‍ය වෙත එනවා. මාධ්‍යට ප්‍රකාශයක් දීලා තමන්ට වූ අසාධාරණය ගැන කතා කියනවා.
ඒහි දී විදුහල්පතිවරයා හා අධ්‍යාපන දෙපාර්ථමේන්තුව ඇයව වැඩ තහනමකට ලක් කරනවා. මේ නඩුවේදී වැදගත් කථාවක් කියනවා. එනම් රාජ්‍ය සේවකයන්ට මාධ්‍ය වෙත යැමේ බාධාවක් තියෙන ආයතන සංග්‍රහයේ XLVII 6 වන වගන්තිය හා එහි අනු වගන්තීන්වල බලපැමක් ඇයට නැති බව.
ඒ කියන්නේ තමන්ට අසාධාරණයක් වූ විට හෝ තමන් දකින ව්‍යවසනයක් හෝ සොරකමක් හෝ වංචාවක් හෝ එවැනි දෙයක් ගැන ආයතනයට පැමිණිළි කොට හා හෝ ඉහලට පැමිණිළි කොට පලක් නැත්නම්, ඒ පිළිබදව මාධ්‍ය වෙත සිය අදහස් ප්‍රකාශ කිරීම නිසා ආයතන සංග්‍රහය උල්ලංගනයක් නොවේ යන්නය.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හි 10 හා 14.1 අ ව්‍යවස්ථාවන්, ආයතන සංග්‍රහය අභිභවා ක්‍රියාත්මක වෙන බවත් මෙහිදී සැලකිය යුතුයි.
මෙහීදී ප්‍රේමලාල් Vs වීරසුරිය, විකටර් අයිවන් Vs සරත් වීරසේකර හා විමල් ප්‍රනන්දු Vs ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වැනි නඩු මෙහි දී වැදගත් වෙනවා.
නමුත් රජයේ සේවකයකුට අයිතිවාසිකමක් තියනවද මාධ්‍ය වෙත යන්න කියන එකට යම් එළියක් මේ SCFR 76/2012 නඩුවේ තියනවා. හැබැයි සීමාවන් තියනවා.
ඒ කියන්නේ කොයි අවස්ථාවේ ද රජයේ සේවකයකුට මාධ්‍ය වෙත යන්න පුලුවන් කියන එක ගැන ඉඟියක් දෙන අතර ආයතන සංග්‍රහයේ මාධ්‍ය වෙත යන්න බැ කියන එක නිශේධනය කරන්නෙත් නැහැ.
ඒ කියන්නේ රජය ගැන මහජන විශ්වාසය(Public Trust) නැති කිරීමේ හෝ වෙනත් රාජ්‍ය ආයතන ගැන හෝ දෙපාර්තමේන්තු ගැන විශ්වාසය නැති කිරීමේ හෝ අපකීර්තිය ඇති කිරීම ඇතිවන අයුරුනි දේවල් ප්‍රකාශ කිරීමට රාජ්‍ය සෙවකයන්ට බලයක් නෑ කියන ආයතන සංග්‍රහයේ වගන්ති හෝ අනු වගන්ති මේයින් ඉවතලන්නේත් නැහැ.
ඒ හින්දා ඒ වගන්ති ගැන රජයේ සේවකයෝ සැලකිලිමත් විය යුතුය.
ඒ වගේම ඉහත කාරණාවක් නොවන, සද්භාවය හා සුපිලිපන්භාවය, විනිවිදභාවය වැනි දේවල් සම්බන්ධයෙන් ක්‍රියාකරන ක්රියාකාරිකයන්ට සහ whistle Blowing ට මෙයින් බාධාවක් නෑ යන්නත් මේ නඩුවේදී අප තේරුම් ගන්න අවශ්‍යයි.
ආයතන සංග්‍රයේ මේ වගන්ති තමයි රජය භාවිතා කරන්නේ රාජ්‍ය සේවකයන්ව යම් සීමාවකට කොටු කරන්න.
ඒත් තොරතුරු දැනගැනීමේ පනත නිසා රාජ්‍ය සේවකයට පුලුවන් තමන්ම, යම් දූෂිත/වංචා වැනි තොරතුරු ගැන මාධ්‍ය දැනුවත් කිරීමට වක්‍ර ක්‍රියාමාර්ග ගන්න. ඒ කියන්නේ නිතියේ සීමාව තුළ තමන් ඉදිමින්ම, ඒත් තොරතුරු දැනගැනීමේ පනතින් තොරතුර එළියට ගන්න කියලා මාධ්‍යවේදීන් දැනුවත් කරලා, ඊට පසු මාධ්‍යට එම තොරතුර මත පදනම් වී එම දූෂණයන්/ වංචාවන් ගැන තොරතුරු අහනවා නම් එහිදී එම තොරතුරු හෙළි කරන්න. මොකද එහි සද්භාවය තිබේනවා හා ද්වේශයක් හෝ මහජන වීශ්වාසය බිදින්න කරන දෙයක් නොවන නිසා. (මේ මගේ මතය විවාද සම්පන්න විය හැක.)
මේ හින්දා රාජ්‍ය සේවකයකුට මාධ්‍ය වෙත යන්න පුලුවන්ද ඇහුවෝත් මගේ උත්තරය ‘ඔවු’ ඒ තමන්ට වුනු හෝ තමන්ගේ සේවය ලබන පුරවැසියකුගේ අයිතිවාසිකම් උල්ලංගනය වීම වැළැක්වීමටත්, ඒ වගේම 29 ව්‍යවස්ථාවේ ඇති පරිදි හා 10 හා 14.අ ව්‍යවස්ථාවන් හී ඇති පරිදි අයිතිවාසිකම්වලට යටත්ව හා එම අයිතිවාසිකම් රැකීමට සිදු කළ දේවල් යන්න පදනම් කරමින්ය. (නමුත් ඉහත උපක්‍රම හා සීමාවන් සමග.)
කරන්න බැරි දේශපාලන මතවාදයක් නිසා රජය අපහසුතවයට පත් කිරීමේ ද්වෙශසහගත චේතනාවෙන් රජය කෙරෙහි මහජන අප්‍රසාදය ඇති කිරිමේලා කටයුතු කිරීම, මේ නිර්ණායකයන් තමයි සමහර විදේශීය නඩු වල තියෙන්නෙත්. කැනඩාවේ, ඔස්ට්‍රේලීයාවේ නඩූ තීන්දු උදාහරණ ලෙස දක්වන්න පුලුවන්.
වික්ටර් අයිවන් නඩුවේදී ජනමාධ්‍යවේදීයාට විශේෂ වූ ‘ප්රකාශනයේ නිදහසක්’ නැති බව කියන අතරම එම නිදහස කාටත් ඇති නිදහස වන ‘භාශණයේ හා ප්රකාශනයේ නිදහසම’ බවත් ඒ නිදහස ප්‍රවේසමෙන් භාවිතා කල යුතු බවත් කියනවා.
මෙයිනුත් කියවෙන්නේ සමාජ මාධ්‍ය ට හෝ සාම්ප්‍රදායික මාධ්‍ය ට පැමිණිය යුත්තේ ‘සද්භාවය’ යන්න පදනම් කර ගනිමින් බවයි. ඒ වගේම තමන් සේවය කරන රජය අපහසුතාවයට පත් කරන්න නොවේ.
නොවැලැක්විය හැකි දුෂණය හෝ අක්‍රමිකතා වැළැක්වීමට දුෂණ වීරෝධී පෙර ගමන්කරුවකු ලෙස නම් එය තමන්ගේ ක්‍රියාව සාධාරණිකරනය කරන්න හොඳ අවස්ථාවක් බවත් කිව යුතුය.
අර ගුරුවරිය කලා වගේ එහෙම කරලා වැඩ තහනමට ලක් වූවහොත් බය නැතිව නීතිය ඉදිරියට එන්න. බොහෝ විට ඔබව විනය පරීක්ශනයකට ගෙනෙයි. එවිට බය නැතුව සටන් කරන්න, මොකද සටන් කරන්නේ නැතුව අයිතිවාසිකම් දිනාගන්න්න බැහැ.
ඉහත නඩුවේදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් හා ජනාධිපති නිතීඥ J. C වැලිඅමුණ සහ සිරස රූපවාහිණි නාලිකාවේ පිටිගල සහෝදරයා සිහි කරනූ වටී.
| නීතිඥ ලක්ශාන් ඩයස්