පාසල් කාලයෙන් අනතුරුව සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.
මෙහි නියමු ව්‍යාපෘතිය ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 7 ක ආරම්භ කළ බව අධාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මහින්ද යාපා මහතා පවසයි.
එම සිසුන්ට දිවා ආහාරය ලබාදීමට ද පියවර ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කළේ, මීට සමගාමීව පාසල් වේලාවෙන් අනතුරුව සිසුන්ගේ විනෝදාස්වාදය සඳහා ද විවිධ වැඩසටහන් සකස් කර ඇති බවයි.