ඕනෑම ආණ්ඩුවක් වියදම් පියවා ගැනීමට බදු අය කළ යුතුයි. නමුත් ඒ වියදම්, අනවශ්‍ය වියදම් නොවිය යුතුයි. මේ රටේ ඕනෑ තරම් අනවශ්‍ය, විනාශකාරී වියදම් තියෙනවා. ඒවා වහා කපා හැරලා සාධාරණ බදු තීන්දු කිරීම ආණ්ඩුවේ වගකීමක්.
ඒ නිසා ජනතාව ආණ්ඩුවට බල කළ යුත්තේ
- මන්ත්‍රී දීමනා වැටුපට සහ ඉන්ධන දීමනාවට සීමා කරන්න
- ආරක්ෂක වියදම් යුද්ධය අවසන් කළ 2009 වසර වියදමට අනුව, රුපියල අවප්රමාණයවීම සළකා රු.බිලියන 200ට අඩු කරන්න
- වෛද්‍ය වෘත්තිකයින්ට මාසිකව ගෙවන කිසිදු අර්ථයක් නැති රු.50,000 ක ඩැට් (DAT) දීමනාව කපා හැර, අතිකාල ගෙවීම් සඳහා සේවයට පැමිණිමේ අත්සන් පොතක් තබන්න (වෛද්‍යවරුන් දේශප්‍රේමීන් නිසා ඊට විරුද්ධ වන එකක් නැහැ)
- ප්‍රාදේශීය, නගර හා මහ නගර සභා නියෝජනය සියයට 60 කින් අඩු කරන්න
ඒ සමග,
- පෞද්ගලික බදු අය කිරීමේ අවම සීමාව මාසික ආදායම රු.ලක්ෂ 2 ක් කරන්න සහ
- අත්‍යාවශ්‍ය ආහාර සඳහා බලපාන VAT ඇතුලු සියලු වක්‍ර බදු ඉවත් කරන්න
බල කළ යුතුයි.
මේවා වහා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට බල කිරීමේ අයිතිය ජනතාවට තියෙන අයිතියක්. ඒ සඳහා තමන්ගේ ප්‍රදේශයේ මන්ත්රීගෙන්ද ඉල්ලීම් කරන්න.
කුසල් පෙරේරා
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී