පුරවැසියෙකුට හිමි භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැති වුවත්, මේවන විට විවිධ අණ පනත්, රෙගුලාසි තුළින් එකී නිදහස බරපතළ ලෙස උල්ලංඝණය වෙමින් තිබේ. විශේෂයෙන්ම සාමකාමීව රැස්වීමේ, උද්ඝෝෂණ පැවැත්වීමේ, විරෝධතා පෙළපාලි පැවැත්වීමේ නිදහස ඉතාමත් නින්දිත ලෙස අමු අමුවේම උල්ලංඝණය කරමින් තිබේ. මෙවර 'වැඩබිම' විසින් සංවිධානය කළ සංවාදශීලි සම්මන්ත්‍රණයේදීද, අවධානය යොමුවූයේ ඒ් පිළිබඳවය.
"භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට යම් යම් සීමාවන් තිබිය හැකි වුවත්, සිතීමේ නිදහස මෙන්ම වධ හිංසාවෙන් මිදීමට ඇති අයිතියට' කිසිදු සීමාවක් පැනවිය නොහැකියි. හදිසි නීති රෙගුලාසි ආදියෙන් මූලික අයිතිවාසිකම් සීමා කළ හැකි වුවත්, අහෝසි කිරීමට හැකියාවක් නෑ" සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පැවැත්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් එහිදී පවසා සිටියේය.
මේ වන විට රාජ්‍ය සේවයේ රැකියාව කරන වෘත්තීය සමිති ක්‍රියාධරයින් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන්ද, යම් සලිතවීමකට ලක්ව ඇත. ඒ් පසුගියදා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් හේතුවෙනි. එහි දැක්වෙන පරිදි රාජ්‍ය සේවකයින්ට හිතුමනාපයට සමාජ ජාලා තුළ අදහස් දැක්විය නොහැකිය. මේ පිළිබඳ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසන්නේ මෙවැන්නකි.
"අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා වෙනවා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකම් සීමා කරලා තියෙනවා. ඒ්ත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි ව්‍යවස්ථාවේ විස්තර කර ඇති ආකාරයට මිස මූලික අයිතිවාසිකම් සීමා කරන්න බෑ. සමාගමේ නිදහස, රැස්වීමේ නිදහස.අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආදිය සීමා කරන්නට 15(2) අනුව පුළුවන්. වාර්ගික හා අගමික සහයෝගිතාව උදෙසා, පාර්ලිමේන්තු වරප්‍රසාද උදෙසා, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්, වරදක් කිරීමට පෙළඹවීම ආශ්‍රිතව මෙලෙස සීමා කළ හැකියි. එහෙත් මේ සීමාවන් පැනවිය යුත්තේ නියම කරන ලද නීතියේ ප්‍රතිපාදන අනුව පමණයි.අයි.සී.සී.පී.ආර් පනතෙන් හා දණ්ඩ නීති සංග්‍රහයෙන් වෛරීය ප්‍රකාශන තහනම් කරලා තියෙනවා.ඒ්ත් අත්තනෝමතික ලෙස පනවන්න බෑ. චක්‍රලේඛයකට වුණත්, නීතියේ සීමාව තුළන පමණයි නිකුත් කරන්නට හැක්කේ" ජාතික ආරක්ෂාව, මහජන සාමය, අන් අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සාධාරණ අයිතිවාසිකම් ආරක්ෂා කරනු පිණිස ආදී වශයෙන් සීමා කිරීම් කළ හැකිය.
"1982 දී පනවන ලද ජෝශප් පෙරේරා එරෙහිව ඇටර්ජි ජනරල් නඩුවෙන් කියන්නෙ නීතියෙන් සීමා පනවන්න පුළුවන් වුණත්, නීතියෙන් නියම කරන ලද, බලාපොරොත්තු වන අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා පමණක් එය කළ හැකි බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ ආණ්ඩුවට විරුද්ධව පවත්වන රැස්වීමක, ආණ්ඩුවට විරුද්ධව අත් පත්‍රිකා බෙදාහැරීමක් සිදුවෙලා තියෙනවා. ආණ්ඩුව විවේචනය කිරීම, විරුද්ධ වීම වරදක් නෙවෙයි. ජෝශප් පෙරේරා, විජේ ඩයස් වාගේ අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කිරීම සාධාරණ නෑ.ඒ්ක අයිතිවාසිකම් කඩවීමක්. ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කිරීමක් කළ හැකි වුවත්, එය අපරාධ වරදක් නෙවෙයි." සාලිය පීරිස් අවධාරණය කළේය.
එසේ වුවද, මෑත කාලයේ පොලීසිය විසින් මෑතකදී විරෝධතා ව්‍යාපාර, උද්ඝෝෂණ මර්දනය කිරීමට ක්‍රියාත්මක කරන ලද්දේ 120 වන වගන්තියයි. මහජනතාවට ආණ්ඩුව ගැන වෛරය පළ කරන ප්‍රකාශ නිකුත් කරන බවට පොලීසිය විසින් චෝදනා කරයි. යම් ආකාරයකට ප්‍රචණ්ඩත්වයට උඩගෙඩි දෙන ක්‍රියා වෙනවා නම් ඒ්ක වළක්වන්නට පොලීසියට හැකි මුත්, ආණ්ඩුව විවේචනය කරන්න නොහැකි නොවේ. අනෙක් අතට නීතිඥවරුන් පෙන්වා දෙන්නේ අවශ්‍ය කරන අරමුණට එහා ගිය අරමුණක් වෙනුවෙන් කවුරුන් හෝ මූලික අයිතිවාසිකම් සීමා කරන්න බලනවානම් එවැනි ක්‍රියා මාර්ග සඳහා නීතියේ වලංගු භාවයක් නොමැති බවයි.
මීට වසර ගණනාවකට පෙර, එවක කොළඹ මහනාම විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ගුරුවරියක වූ සමන්ති පැළකැටිය මහත්මියට ලිංගික බලපෑම් කළ ගුරුවරයෙකු පිළිබඳ මාධ්‍යයට ප්‍රකාශයක් කිරීම හේතුවෙන් දිගින් දිගටම ඇයට රැකියාව කරගෙන යා නොහැකි මට්ටමට අඬතෙට්ටම් සිදුකරන ලදී. තමාගේ මානව හිමිකම් කඩවී ඇතැයි පාසල් පරිපාලනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් ඇයට සාධාරණයක් ඉටු වන්නට වසර ගණනාවක් ප්‍රමාද විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ සංගමයේ සභාපති, සාලිය පීරිස් කියා සිටියේ මෙවැන්නකි.
"සමන්ති විසින් පනවන ලද නඩුවේදී සිද්ධවුණේ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සලකා බලලා, ඒ් නඩුවට අදාළව ඒ් ප්‍රතිපාදන අදාළ නෑ කියලා තමයි කියැවුණේ. ආයතන සංග්‍රහයේ එන කාරණය වන්නේ අනිල් ගුණරත්න විනිසුරු තුමා කියන්නේ අදාළ නඩුවේ කරුණු අනුව තමා මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා තියෙන බව කියන්නෙ. ඒ් අනුව යම් යම් සීමාවන් තුළ, ඒ් ඒ් නඩුවේ කරුණු මත රඳා පවතිනවා. මේ නඩු තීන්දුවෙන් ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් නිෂේධනය කරලා නෑ. මෑත කාලයේ නිකුත් කරනු ලබන චක්‍රලේඛය සම්බන්ධයෙන්ද, මේක අදාළයි. ආයතන සංග්‍රහයට යම් නීතිමය බලයක් තියෙනවා. රාජ්‍ය සේවකයින්ට දේශපාලන අයිතිවාසිකම් ලබා දීලා තියෙන අයට ගැටළුවක් නෑ. අනිත් අයට ඒ්කට අයිතියක් තියෙනවද කියලා යළි යළිත් සැලකිල්ලට ගත යුතුයි" හෙතෙම අවධාරණය කළේය.
පී.ඩබ් මුතු කුඩආරච්චි