ප්‍රජාතන්ත්‍රවාදී රටක හෝ සමාජයක ස්ත්‍රීන්ට වුව නිසි තැන ලැබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හා සමාජ ඉඩ ප්‍රස්ථා අහිමි කිරීමත්, දෙවෙන පෙළ පුරවැසියෙකු ලෙස සැලකීමත් ප්‍රායෝගික වශයෙන් දක්නට ලැබෙන කනගාටුදායක තත්ත්වයයි. මීට එරෙහිව යම් යම් සිවිල් සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් සාධනීය මැදිහත්වීම් විටෙන් විට සිදුකරනු ලැබුවද, ඒ් වෙනුවෙන් පුළුල් ජන සහභාගිත්වයක් සහිත කතිකාවක් හෝ ජාතික වැඩපිළිවෙළක් නොමැතිවීම මෙවන් සාධනීය මැදිහත්වීම් නිසි වැඩපිළිවෙළක් දක්වා වර්ධනය නොවීමට බලපාන ප්‍රමුඛතම සාධකයයි. මෙම තත්ත්වයට යම් පිළියමක් ලෙස එසේත් නොමැතිනම් ආරම්භක පියවරක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් "ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා ජාතික ප්‍රතිපත්තිය"ක් සම්බන්ධයෙන් යෝජනාවක් ගෙනවිත් ඇති අතර එය කෙටුම්පත් කොට ක්‍රියාත්මක කරනු පිණිස සැලසුම් කර තිබීම සතුටුදායක ආරංචියකි.
මෙකී සත් කාර්යය මහපොළොවේ යථාර්ථයක් කරනු පිණිස වෘත්තීය සමිති, සංවිල් සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් මෙන්ම පොදු ජනයා අතර යම් කතිකාවක් ඇති කරමින් බිම් මට්ටමේ ඔවුන්ගේ අදහස් හා යෝජනාවන්ද, මෙම ජාතික ප්‍රතිපත්තියට එකතු කිරීමට වන්ටෙස්ට් ඉනිසියේටිව් ආයතනය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටියි.එය ඉතාමත් සාධනීය තත්ත්වයකි. 'වැඩබිම' විසින් මාසිකව සංවිධානය කරනු ලබන 'සංවාදශීලි සම්මන්ත්‍රණයේ මෙවර ඉඩ කඩ වෙන් කරනු ලැබුවේ මෙම ජාතික ප්‍රතිපත්තිය සඳහා වන යෝජනාවලිය සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායක/නායිකාවන් දැනුම්වත් කිරීම හා ඔවුන්ගේ අදහස් උදහස් මෙම වැඩපිළිවෙළට දායක කර ගනු පිණිසය.
ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්ති යෝජනාවලියේ ප්‍රධාන තේමාගත ක්ෂේත්‍ර 7 ක් යටතේ කරුණු ඉදිරිපත් කරනු ලැබේ. ඒ්වා පහත පරිදි සාරාංශගත කළ හැකිය.
1 අනන්‍යතාව සහ ස්වාධීනත්වය
2 ආර්ථික සවිබල ගැන්වීම සහ ඵලදායී රැකියා නියුක්තිය
3 සමාජ සමානාත්මතාව සහ සවිබල ගැන්වීම
4 තීරණ ගැනීමේදී සමානාත්මතාව
5 යුක්තිය සහ සාමය හා ආරක්ෂාව කරා ප්‍රවේශය
6 ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් නිදහස
7 ගැහැනු ළමයා
මීට අමතරව එක් එක් තේමාගත ක්ෂේත්‍රය පහත දැක්වෙන පරිදි ගැටළු ප්‍රධාන ලෙස ප්‍රවාහගත කරනු ලබයි. ඒ වියපත් කාන්තාවන්, ආබාධිකත්ව සහිත කාන්තාවන්, ස්ත්‍රී පුරුෂ සමාජභාවීමය සුළුතර කණ්ඩායම් වලට අයත් කාන්තාවන් සහ ද්විමය නොවන අනන්‍යතා සහිත කාන්තාවන්, ග්‍රාමීය කාන්තාවන්, විවාහයට අදාළ සියලුම තත්ත්ව වල කාන්තාවන් සහ ගෘහමූලික කාන්තාවන් ලෙසය.
මෙම ප්‍රතිපත්තියේ ප්‍රමුඛතම අරමුණු දක්වා ඇත්තේ පහත පරිදිය.
01. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ඒකාකෘතිකරණය සහ සංස්කෘතික හා ආගමික ප්‍රාග් විනිශ්චයන් සහ නීති සහ පරිපාලනමය පිළිවෙත් හරහා ඒවා ආයතනගත කිරීම හේතුවෙන් කාන්තාවන් සහ ගැහැණු ළමුන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීමය සුළුතරය විසින් මුහුණ දෙනු ලබන වෙනස් කොට සැලකීම වැළැක්වීම සහතික කිරීම.
02. ජාතිකත්වය අත්කරගැනීමට, වෙනස් කිරීමට හා රඳවා ගැනීමට, දරුවන්ට ජාතිකත්වය පවරා දීමට හා ඡන්ද බලය ක්‍රියාවේ යෙදවීමට නිදහස සඳහා කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් හිමි වන බවට වග බලා ගැනීම
කෙසේ වෙතත් වන් ටෙස්ට් ඉනිසියේටිව් ආයතනය වෙනුවෙන් එහි සම්බන්ධීකාරක හරීන්ද්‍ර දසනායක, මෙන්ම ස්ත්‍රීපුරුෂ සමාජභාවී/මැතිවරණ කාර්ය සාධක කමිටුවේ කැඳවුම්කාරිණී කනකා අබේගුණවර්ධන යන අයගේ මූලික අදහස් දැක්වීමෙන් පසුව පැවති සාකච්ඡාවේදී අවධානයට ගත යුතු කරුණු ගණනාවක් මතුවීම විශේෂත්වයකි.
* මෙම විෂය ක්ෂේත්‍රය හා සමීප මෙතෙක් සම්මත කරන ලද හෝ අපරානුමත කරන ලද අණ පනත්, ප්‍රඥ්ඥප්ති, සම්මුති, ආදිය මෙන් යෝජිත ජාතික ප්‍රතිපත්තියද, අනාගතයේ දවසක සම්මත වුවද, ප්‍රායෝගිකව එහි ඇතුළත් සාධනීය ක්‍රියාමාර්ග, ප්‍රියෝගිකව සාක්ෂාත් කරගත හැකිවෙනු ඇත්ද?
* වෘත්තීය ක්ෂේත්‍රය තුළ ජනතා ගැටළු ප්‍රතිඵලයක් ලැබෙන විසඳුමක් බවට පත්කර ලීමේ (solution orianted) අභියෝගය?
*සුනිත්‍ය රැකියා වැඩපිළිවෙළ වැනි මෙම ගැටළු සෘජුව ස්පර්ශ කරන වැඩපිළිවෙළක් තිබියදී, අලුත් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ මන්ද?
* හුදු ප්‍රතිපත්තියක් සම්මත කර ගැනීමෙන් නොනැවතී අධීක්ෂණය, දුක්ගැනවිලි හා ප්‍රතිකාර්මික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම.
* අවිධිමත් ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිත කිරීම සඳහා යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුවීම.
* මෙවැනි වැඩපිළිවෙළක් සාර්ථක කර ගැනීමට නම් සමාජයේ ආකල්පමය වෙනසක් ඇතිවීම අත්‍යවශ්‍ය බැවින් ඒ් සඳහා සමාජ කතිකාවක් ගොඩනඟා ගැනීමේ වැදගත්කම.
* මූල්‍යමය වටිනාකමක් හෝ තක්සේරුවක් ලබානොදෙන ස්ත්‍රීන් විසින් ශ්‍රම දායකත්වය ලබාදෙන ක්ෂේත්‍ර සඳහා නීතිමය ආවරණයක් ලබාදීම.
උදා-නිවස, කඩය, කුඹුර
* දැනට මෙම විෂය ක්ෂේත්‍රය ආවරණය වන යම් යම් සම්මුති, ප්‍රඥ්ඥප්ති, ප්‍රතිපත්ති, සම්මුති, අණ පනත් ආදිය ක්‍රියාත්මක වන අයුරු හා එසේ නොවන්නේ නම් ඒ් මන්ද යන කාරණාවන් සොයා බැලීමට පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවක් පත් කිරීම.
* රටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බැවින් එහි මූලික අයිතිවාසිකම් දැක්වෙන 3 වන පරිච්ඡේදයේ 12 වන වගන්තිය තුළ ස්ත්‍රී-පුරුෂ ලෙස පමණක් දැක්වීමෙන් ස්ත්‍රී පුරුෂසමාජභාවීය තත්ත්වයන් නොසලකා හැර ඇති බැවින් (සෙසු ලිංගික නැමියාවන් සහිත හා වෙනත් පිරිස් නියෝජනය වන පරිදි) එය සංශෝධනය කළ යුතුවීම.
* වනිතා කටයුතු අමාත්‍යංශය, කාන්තා කමිටු, ආදී මෙම විෂය ක්ෂේත්‍රය හා සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය කිරීමට කමිටුවක් ස්ථාපිත කිරීම හා එමගින් මේවායේ කටයුතු අධීක්ෂණය හා පසුවිපරම් කිරීම.
* නිවසේ සිට වැඩකිරීම/නම්‍යශීලි වැඩ රටාව ආදිය සාප්පු හා කාර්යාල පනතට ඇතුළත් කිරීමට පවත්නා ඉඩ ප්‍රස්ථා සොයා බැලීම.
මෙම කරුණු සියල්ල කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම මෙන්ම මෙම කුමන නීතිය හෝ ප්‍රතිපත්තිය සම්මත වුවද, සමාජයේ පහල ස්ථරය දක්වාම දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව සියලුදෙනාම පාහේ පිළිගන්නා ලදී.
-පී.ඩබ් මුතුකුඩආරච්චි