සංචරණය යන්න ලෝක ඉතිහාසයේ මානව වංශකතාවේ ඉතාම ඈතට දිවෙන්නකි.අපේ ආදී මුතුන් මිත්තන්ගේ ජීවිතයේ ප්‍රධාන ලක්ෂණය වූයේ තැනින් තැනට යමින් හෙවත් සංචාරක ජීවිතය ගත කිරීමය.ඒ සංචාරක ජීවිතය තුළින් ඔවුන් ඔවුන්ගේ ජීවිතයට එකතු කරගත් අත්දැකීම් සහ දැනුම අති විශාලයි.මානව ශිෂ්ඨාචාරය අද තිබෙන මේ දියුණු තත්ත්වයට පත්වීමට අපේ මුතුන් මිත්තන්ගේ ඒ සංචරණ ජීවිතය බෙහෙවින්ම ඉවහල් වූ බව සත්‍යයකි.
අපේ රට ලෝකයේ සංචාරක ආකර්ෂණීය ඉලක්කයක් බවට පත් වී තිබූ බවට ඉතිහාසයේ වුවමනාවටත් වඩා සාක්ෂි ඇත.බටහිර ජාතීන් අපේ රටට පැමිණීමට පෙර සිටම අපේ රට විදේශිකයන්ගේ සංචාරක නැවතුම්පලක් ලෙස ප්‍රචලිතව තිබුණි.ඒ පිළිබඳ ඇති හොඳම සාක්ෂිය ලංකාව හැඳින්වීමට පූර්ව යටත් විජිත යුගයේ අප රටට ආ සංචාරකයන් ඔවුන්ගේ සටහන්වල තබා ඇති අපේ රට නම් කළ අති විශාල නම් සංඛ්‍යාවයි.උදා.ලෙස ඉන්දීය බ්‍රාහ්මණයන් ලංකා හෝ තම්බපණ්ණි ලෙස ද පාර්සිවරුන් සෙරන්ඩිබ් හෝ සෙලෙන්ඩිබ් ලෙස ද මාර්කෝ පොලෝ සෙයිලන් ලෙස ද අරාබින් ටෙනරිසම් ලෙස ද දමිළයන් ඉලනාරේ ලෙස ද චීන ජාතිකයන් Pa-Ou-Tchow (මිණිකැට දූව) යන්න පෙන්වා දිය හැක.
සංචාරක ආකර්ෂණීය කොදෙව්වක් ලෙස අපේ රටට ඇති සංචරණීය ඉල්ලුම සහ විදේශීය සංචාරකයන්ගේ ඇති දැඩි සංචාරකලෝලිත්වය මෙතෙක් අඩු වී නැත.නමුත් රටේ පැවති තිස් අවුරුදු යුද්ධය සහ විවිධ අභ්‍යන්තරික නොසන්සුන්තා නිසා සහ වෙනත් රටවල සංචරණය සඳහා වූ දිරිගැන්වීම් නිසා අපේ රටට පැමිණෙන සංචාරකයන්ගේ යම් අඩුවීමක් දක්නට ලැබුණි.
මේ නිසා සාම්ප්‍රදායික සංචාරක ව්‍යාපාරයෙන් අපේ මඳක් ඔබ්බට ගොස් නව සංචාරක ඉසව් සඳහා වන නව ප්රවේශයන් හඳුනා ගැනීමට දැන් මෙරට සංචාරක අමාත්‍යාංශය ක්‍රියා කරමින් යනවා.
ඒ පිළිබඳ තොරතුරු දැක් වූ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ මධුභාණි පෙරේරා මහත්මිය කියා සිටියේ " මෙතෙක් අප බොහෝ විට සංචාරකයන් සඳහා ඉලක්ක කර ගත්තේ අපේ රටේ ඉපැරණි රාජධානිවල හමුවන ඓතිහාසික තත්ත්වයන් මත ගොඩනැගූ ඉසව් කිහිපයක්.නමුත් මේ වන විට ඉන්දියානු සංචාරකයන් විශාල වශයෙන් නුවරඑළිය ප්‍රදේශයේ ඇති සීතා අම්මාන් කෝවිලට පැමිණෙමින් සිටිනවා. ඒ වගේම ලෝකයේ තිබෙන ඉතාමත් ප්‍රබල හා පුළුල් සංචරණ ඉසව්වක් තමයි Film location tourism කියන්නේ.විවිධ චිත්‍රපටවල පසුතල සඳහා වෙනත් රටවල ස්ථාන යොදා ගැනීම අද ලෝකයේ තිබෙන චිත්‍රපට කර්මාන්තයේ වගේම සංචාරක කර්මාන්තය ද ප්‍රධාන ඉසව්වක්. චිත්‍රපට පමණක් නොව විවිධ රූපවාහිනි වැඩසටහන්, වෙළෙඳ දැන්වීම්,Online channel, OTA,ටෙලි මාලා නාට්‍ය නිර්මාණ සඳහා පසුතල සපයා ගැනීම් වැනි සිනමා, හා රූපවාහිනිය කර්මාන්ත පාදක කරගත් නව සංචාරක අංශයත් මේ වන විට ලෝකය පුරා ක්‍රියාත්මක වෙමින් පවතිනවා යැයි මධුභාණි පෙරේරා මහත්මිය පැවසුවාය.
ලෝකයේ බොහෝ රටවල් මෙම Film location destination කියන කාරණයට විශාල අනුග්‍රහයක් දක්වමින් එම සිනමාකරුවන් තමන්ගේ රටට ගෙන්වා ගැනීමට දැඩි ප්රයත්නයක් සහ උනන්දුවක් දක්වනවා.
ඉන්දියාව,මැලේසියාව තායිලන්තය කොරියාව රටවල් මෙම Segment එක ප්‍රවර්ධනය සඳහා විශාල උනන්දුවක් ගන්නවා. අපේ රට ද 1950-1960 වැනි කාලයේ සිටම විවිධ සිනමාකරුවන් තමන්ගේ චිත්‍රපට තිරගත කිරීමට Location සඳහා තෝරා ගත් රටක්. ඒ අතර කිතුල්ගල දී නිර්මාණය කර Bridge on the river Kwai චිත්‍රපටය නිසා අපේ රට ලෝකයේ ඉතාමත් විශාල ප්‍රසිද්ධියක් ලැබුවා. මේ කාරණයේදී චන්ද්‍රන් රත්නම් මහතා අපේ රටට ඉටු කළ සේවය අති විශාලයි.1950-1960 වැනි කාලයේ සිටම හොලිවුඩ් සිනමාවට සම්බන්ධ වෙලා කටයුතු කරපු එතුමා තමයි ලංකාවට විදේශ රටවල සිටින දැවැන්ත සිනමාකරුවන් ගෙනල්ලා අපේ රටේ සිනමා පසුතල සංචාරක කර්මාන්තයට විශාල ශක්තිමත් ආරම්භයක් දුන්නේ. Indiana Jones චිත්‍රපටය, Temple of the throne රූපවාහිනී නාට්‍ය මාලාව,ශ්‍රීමත් බෙන් කිංස්ලි ගේ Common man වැනි සිනමාපට අපේ රටේ පසුතල වල රූගත කළා. මේ සිනමාපට අපේ රටේ රූගත කිරීම තුළින් අපිට දෙවිදියකින් අපේ රටේ ආර්ථිකයට දැවැන්ත විදේශ විනිමය ගලා ඒමක් සිදු වෙනවා. පළමු කාරණය තමයි මෙම සිනමාපටය නිර්මාණය කිරීම සඳහා පැමිණෙන සිනමාකරුවන් වෙතින් අපේ රටට ලැබෙන විදේශ විනිමය.සාමාන්‍යයෙන් එක චිත්‍රපට රූගත කිරිමකට පැමිනෙන අය වෙතින් ඩොලර් මිලියන ගණනක් අපේ රටට ලැබෙනවා. ඒ වගේම ශිල්පීන්ගේ පෞද්ගලික අත්දැකීම් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්රචාරණයවීමත් සමඟ ඔවුන්ගේ සමීපතමයන්ට හා ඔවුන්ගේ රසිකයන්ට (Fans) අපේ රටේ සුන්දර සංචාරක ඉසව් පිළිබඳ පුළුල් රසාස්වාදනය තොරතුරු විශාල ප්‍රමාණයක් ගලා යනවා.මිනිසුන් සංචාරණය සඳහා තෝරා ගන්නේ බොහෝ වෙලාවට තවත් කෙනෙක් ගිහිල්ලා රසවිඳි තැනක් තමයි.අනුව තමන්ගේ සමීපතමයන්, සිනමා තරු වගේ අය ගිහිල්ලා රසවිඳින සංචාරක ගමනාන්තයන්ට යන්න සංචරණයට රුචි ජනතාව පෙළඹෙනවා.
ඒ වගේම සිනමා රසිකයන් හරිම කැමතියි තමන් නැරඹූ ජනප්‍රිය චිත්‍රපටයක හමුවන සුවිශේෂ සිනමා පසුතල වලට (Location) යන්න. ගිහින් එම ස්ථානවල හිඳ එම අත්දැකීම ඡායාරූප හෝ වීඩියෝ මගින් තමන්ගේ තමන්ගේ සමීපතමයන් මිතුරන් සමග බෙදා හදා ගන්න සහ ඊට ආනුශාංගික විවිධ මාධ්‍ය ක්‍රියාකාරකම්වල නිරත වන්න.දැන් (Bridge on the) බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපට හදලා වසර ගානක් ගතවුණත් තවමත් එම පාලම තිබුන තැන බලන්න එම චිත්‍රපටය නැරඹූ රසිකයන් සංචාරකයන් ලෙස දිනපතා පැමිණෙනවා.ඒ වගේම තායිලන්තයේ රූගත කළ ලියනාඩෝ කැප්රියෝ රඟපෑ The Beach චිත්‍රපටයේ එන Maya beach එක බලන්න අතිවිශාල රසික පිරිසක් තායිලන්තයේ එම මුහුදු වෙරළට පැමිණෙනවා. ඒ රටේ සංචාරක කර්මාන්තය විශාල ආදායමක් ඒ තුළින් ලබනවා.
නමුත් අපේ රටේ සංචාරක ව්‍යාපාර ක්ෂේත්රයට බැරි වුණා මේක හොඳ සංචාරක ගමනාන්ත අවියක් කර ගන්න. අපේ පෞද්ගලික අංශය රාජ්‍ය අංශය ගෙන දෙකම ඒ පිළිබඳ අවධානය යොමු කරලා නෑ පහුගිය අවුරුදු 40 ක වගේ කාලය පුරාම. මෙම පසුතල පහසුකම් සම්පාදනය කරන ලංකාවේ සමාගම් විස්සකට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. නමුත් ඔවුන් වත් තවම හරියට උනන්දුවක් දක්වලා නෑ මෙය සංචාරක කර්මාන්තයේ ආංශික කොටස හැටියට සලකා රජයේ අවධානය ඒ වෙත දිනාගෙන එය නව සංචාරක ඉසව්වක් හැටියට සලකා එය තවදුරටත් ඉදිරියට ගෙනියන්න අවශ්‍ය පහසුකම් හදාගන්න. පුරාම.නමුත් තායිලන්තය වගේ රටවල් බොහොම ඉදිරියට ගිහිල්ලා තියෙනවා , මෙම සිනමා පසුතල සංචාරක ඉසව්වට විශේෂ බදු සහන වගේ දේවල් ලබාදෙමින්.මම සිනමා පසුතල සැරිසර ඉසව්ව ජාතික තලයේ ඉසව්වක් බවට පත් කරගන්න අපිට ජාතික මට්ටමේ දැක්මක් අවශ්‍ය වෙනවා.අපිට අවශ්‍ය යුරෝපා මාස්ටර් ප්ලෑන් එක දැන් අපි හැදුවා.සාමාන්‍යයෙන් ලෝකයේ සිනමා අධ්යක්ෂවරයෙක් තමන්ගේ තිරපිටපත පළපුරුදු පසුතල සම්පාදකයින්ට දීලා (Film location Master) ඔහු හරහා තමයි තමන්ගේ චිත්‍රපටයට අදාළ පසුතල පිලිබද නිගමනයක් තීරණයක් ලබා ගන්නේ.
එංගලන්තෙ එවැනි Film Location Master ලා හත් දෙනෙක්ම අපි මේ පිළිබඳව 2018 දි ඉතා ප්‍රබල ලෙස දැනුවත් කිරීමක් කළා.එහි ප්‍රතිඵලයක් ඊශ්‍රායල සිනමාකරුවෙක් ලංකාවේ "අරුගම්බේ" චිත්‍රපටය රූගත කිරීමට පැමිණියා යයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහකාර අධ්යක්ෂ චමින්ද මුණසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙහි දී අපි විශාල අවධානයක් යොමු කරා අපේ ආසන්නම ඉන්දියාවේ සිනමා කර්මාන්තයට.ඉන්දියාවේ සිනමා කර්මාන්තය ඒ රටේ ආර්ථිකයේ වගේම සමාජ සංස්කෘතියේ ඉතාමත්ම ප්‍රබල අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වෙලා තියෙනවා.ඉන්දිය සිනමාව කියන්නේ බොලිවුඩ් සිනමාව පමණක් නොවේ.දමිළ, කන්නඩ මලයාලම්, බෙංගාලි සිනමා ශිල්පීන් සහභාගී වන අන්තර්ජාතික වැඩමුළුවලට අපි සහභාගි වෙලා අපේ රටේ මෙම පසුතල සම්පාදනය සඳහා වන පහසුකම් පිළිබඳ ඔවුන්ව දැනුවත් කරන්න අපේ film location ෆිල්ම් ලොකේෂන් සමාගම් වලට ඉඩපහසුකම් අපි හදලා දුන්නා.
ඉන්දියානු මහ සිනමාවට අමතරව ඉන්දියාවේ ප්රාන්තබදව හින්දි හැරුනුවිට උපභාෂා වලින් සිනමා නිර්මාණ අති විශාල ප්‍රමාණයක් වාර්ෂිකව නිෂ්පාදනය කෙරෙනවා.
ඒ අතරෙන් කන්නඩ සහ (malayalam) මලයාලම් සිනමාව ඉතා ඉදිරියෙන් සිටිනවා.
සාමාන්‍යයෙන් කන්නඩ භාෂාවෙන් නිර්මාණය කරන චිත්‍රපටයක් සෑම සිකුරාදාම එළිදක්වන බව කන්නඩ සිනමාවේ වර්තමාන සිටින ජේෂ්ඨ සහ අතිවිශිෂ්ට සිනමාකරුවෙකු වන නාගතිහාල්ලි චන්ද්‍රශේකර් මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් කන්නඩ සිනමා ශිල්පීන් සඳහා පසුගියදා සංවිධානය කළ මෙරට සිනමා පසුතල නිරීක්ෂණ චාරිකාවක් අතර දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
මෙම සංචාරයට හා මාධ්‍ය හමුවට ප්‍රවීණ සිනමා අධ්යක්ෂ නාගතිහාල්ලි චන්ද්‍රශේකර් (Nagathihalli Chandra Shekhar) ජේෂ්ඨ කන්නඩ සිනමා නිෂ්පාදක ශංකර් ගවුඩා (Shankar Gowda) වර්තමානයේ ජනප්‍රිය කන්නඩ සිනමා තරු වන නිරූප් භන්ධාරි (Nirup Bhandari) සහ කාව්‍යා ශෙට්ටි (Kavya Shetty) දක්ෂ තරුණ සිනමා කැමරා ශිල්පියකු වන එස්.කේ.රාඕ (S.K.Rao) ප්‍රවීණ කන්නඩ සිනමා මාධ්‍යවේදීන් වන ජී.එන්.මොහන් (G.N.Mohan) සහ කර්ණාටක ප්‍රාන්තයේ හසාන් දිස්ත්‍රික්කයේ වැඩිම අලෙවියක් ඇති කන්නඩ පුවත්පත වන "ජනමිත්‍රා" පුවත්පතේ ප්‍රධාන කර්තෘ මදන් ගවුඩා (Madan Gowda) යන අය එක් වූහ.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ චමින්ද මුණසිංහ මහතා කියා සිටියේ,මෙම කන්නඩ සිනමා කර්මාන්තකරුවන් දින පහක් පුරා මෙරට සංචාරක ආකර්ෂණීය ස්ථාන සහ සිනමා පසුතල සඳහා සුදුසු ස්ථාන නිරීක්ෂණයට සංචරණයේ නිරත වූ බවය. ඒ අනුව කොළඹ නගරය, හම්බන්තොට, රන්මිණිතැන්න සිනමා ගම්මානය, මහනුවර හා ඒ අවට ගම්මාන ඇතුළු මෙරට විවිධ ආගමික සිද්ධස්ථානවලට ඔවුන් පසුතල නිරීක්ෂණය සඳහා සංචාරය කළ බවය.
මේ පිළිබඳව නාගතිහාල්ලි මහතා කියා සිටියේ,ලංකාව සිනමා නිර්මාණ සඳහා පසුතල පාරාදීසයක් බව ය.ඉතාම කෙටි වේලාවකින් විවිධ පාරිසරික තත්ත්ව ඇති ස්ථානවලට ළඟාවීමේ පහසුව මෙහි දී ඉතාම වැදගත් සාධකයක් බවය.
ලංකාවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 65,000 යි.ඒ සීමාව ඇතුලේ ඕනෑම දේශගුණික තත්ත්වයක, සොබා විවිධත්වයක් සහිත ලොකේෂන් තියෙනවා.මේක ලෝකයේ කිසිම රටක නැති සුවිශේෂ තත්වයක්.
එසේම මෙරට විචිත්‍රත්වයෙන් හා ඓතිහාසිකත්වයෙන් අනූන විවිධ ආගමික සිද්ධස්ථාන බහුලව පැවතීම ඔහු සිත් ගත් කාරණයක් බව ද නාගතිහාල්ලි මහතා පැවසීය.
ශ්‍රී ලාංකේය ජනතාවගේ ආගන්තුක සත්කාර සහ සංග්‍රහශීලී බව ඉතාමත්ම ඉහල බව කාව්‍යා ශෙට්ටි, එස්. කේ. රාඕ, නිරූප් භන්ධාරි අවධාරණය කළහ.
විශේෂයෙන් තරුණ සිනමාකරුවෙකු වන එස්. කේ. රාඕ මහතා, ලංකාවේ වීදිවල පවතින පිරිසුදුභාවය ගැන විමතිය පළ කළේය. බරපතළ ආර්ථික අර්බුදයක ගිලී සිට යන්තම් හිස ඔසවන්න ගත් ගත් ඔබේ රට නගරයේ හා පොදුවේ රටේ වීදි මේ තරම් පවිත්‍රව පිරිසුදුව තබා ගන්නේ කෙසේදැයි මෙරට මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකාවේ හෝටල්වල සේවකයන්ගේ ආචාරශීලීභාවය සහ ආහාරපානවල විවිධත්වය සහ රසවත් භාවය පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ජී. එන්. මොහන් සිය ප්‍රසාදය හැම විටම එම හෝටල් සේවකයන් වෙත පළහ.
ඔවුන් හැම දෙනාගේම කතාබහ වූයේ ඉතාමත් ඉක්මනින් මේ රසවත් අත්දැකීම් සිය රසිකයන් සහ සමීපතමයන් සමග බෙදා ගැනීම සහ හැකි ඉක්මනින් නැවත දිගු සංචාරක නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳවයි.
නිරූප් භන්ධාරි මහතාගේ අදහස වූයේ සිනමා කර්මාන්ත කරුවන්ට මෙවැනි විවිධත්වයෙන් යුක්ත පසුතල හඳුන්වාදීම තුළින්,ඔවුන්ගේ සිත් හි මෙම සුන්දර සුවිශේෂී පසුතල දර්ශන බරපතළ ලෙස තැන්පත් වන නිසා ඔවුන්ගේ ඊළඟ සිනමා නිර්මාණය කිරීමේ දී මෙම පසුතල නිතැතින්ම ඔවුන්ට සිහි වන බවය.සාම්ප්‍රදායික සංචාරක කර්මාන්තයෙන් ඔබ්බට ගිය මෙවැනි නව ඉසව් ඔස්සේ සංචාරක කර්මාන්තය දෙසට නව බැල්මක් හෙලීම ඔහු සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට සිය ප්‍රසාදය පළ කළේය.
එසේම අපේ විදේශ විනිමය අනුපාතය විදේශිකයන්ට විශාල ලාභයක් අත්කර දෙන තත්ත්වයක පවතින්න බවත්, ඉන්දියාවේ පහල ප්‍රාන්තවල සංචාරකයන් උෂ්ණාධික කාලයට රට ඇතුලෙම ඉහලට යනවට වඩා කැමැත්තක් දක්වන්නෙ ලංකාවේ නුවරඑළිය, ඇල්ල,මහනුවර වගේ සෞම්‍ය දේශගුණයක් සහිත ප්‍රදේශවලට එන්න. ඒ අයට ලංකාවට එන්න උත්තේජනය සපයන්නේ මෙම චිත්‍රපට කර්මාන්තය බව ද චමින්ද මුණසිංහ මහතා පැවසීය.එසේම විදේශීය සිනමාකරුවන්ට මෙරට චිත්‍රපට තිරගත කිරීම සඳහා අවශ්‍ය කරන විවිධ ආයතනීය අවසර සහ අනෙකුත් පහසුකම් ලබාගැනීමේ කටයුතු එකම ස්ථානයකින් (Single window approvel possess) ඉටුකරදීම සඳහා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මේ වන විට සියලු පහසුකම් සම්පාදනය කර ඇතැයි ද චමින්ද මුණසිංහ මහතා පැවසීය.
හම්බන්තොට රන්මිනිතැන්න සිනමා ගම්මානය ට ගිය මෙම සිනමාකරුවන් එම සිනමා ගම්මානයේ දී රූගත කළ Bombay Velvet චිත්‍රපටයේ පසුතල ද නරඹා විමතියට පත්විය.එම අවස්ථාවට ලංකාවේ සිටින ප්‍රවීණ පසුතල සම්පාදකයකු වන ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ චන්ද්‍රන් රත්නම් මහතා ද එක්විය.ඔහු මෙම සිනමාකරුවන්ට ආරාධනා කළේ මෙම ගම්මානයේ ඕනෑම වර්ගයක චිත්‍රපට රූගත කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඇති බැවින්, ඉන්දීය සිනමාකරුවන්ට සියලු දෙනාට එම පහසුකම් ප්‍රයෝජනයට ගන්නා ලෙසය.
මෙහි දී අදහස් දැක් වූ නාගතිහාල්ලි චන්ද්‍රශේකර් මහතා කියා සිටියේය,තමන්ගේ චිත්‍රපට සඳහා ලංකාවේ පසුතල යොදාගැනීමට අදහස් කර ඇති බවත් ඊට අමතරව, සුන්දර, යහපත් මිනිසුන් පිරුණු ලංකාවේ සිනමා නිර්මාණ කිරීමට තම සහෝදර සිනමාකරුවන්ට ද ආරාධනා කරන බව ය.
විශේෂයෙන් සංචාරක ප්‍රවර්ධනය සඳහා සිනමා පසුතල සම්පාදනය වැනි විශේෂ විෂයක් කේන්ද්‍ර කර ගැනීම පිළිබඳව නාගතිහාල්ලි මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට තමන්ගේ ප්‍රසාදය ප්‍රකාශ කර සිටියේය.
ලබන ජූනි මාසයේදී බැංගලෝරය හා බෙල්ගාඕ නගර ආශ්‍රිතව පැවැත්වෙන ජනමාධ්‍යවේදීන් දෙසීයකට ආසන්න පිරිසක් සහභාගි වන ජාත්‍යන්තර ජනමාධ්‍ය සමුළුවට සහභාගිවන ලෙස මෙහි දී ජේෂ්ඨ මාධ්‍යවේදී මදන් ගවුඩා මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියෙන් ට සහ මෙම සිනමාකරුවන්ගේ සංචාරයේ සම්බන්ධීකාරකවරුන් ලෙස කටයුතු කළ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයට ආරාධනා කර සිටියේය.