කම්කරු නීති සංශෝධනය ගැන වෘත්තීය සමිති කියන්නේ කුමක්ද?

කම්කරු නීති සංශෝධනය ගැන වෘත්තීය සමිති කියන්නේ කුමක්ද?
අවුරුදු සියයකට ආසන්න පැරණි කම්කරු නීති සංශෝධනය කරමින් නූතන වැඩ ලෝකයට ගැලපෙන ආකාරයට සේවා නියුක්ති පනත ගෙන එන බවත්, එමගින් පීතෘ නිවාඩු ලබාදීම, දිද 180ක් සේවය කළත් පාරිතෝශික දීමනාවන්ට හිමිකම්කීම වැනි අවස්ථාවන් විවෘත කරන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසා තිබුණි. සේවා නියුක්ති පනත් කෙටුම්පත සකස් කිරීමට ආදාල දළ කෙටුම්පත කම්කරු උපදේශක සභාවට දැනටමත් ඉදිරිපත් කර ඇත.
 
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද, පවසා තිබුණි.
 
"සේවයට බදවා ගැනීමේදී, සේවා ස්ථානයේදි වෙනස් කොට සැලකීම වැළැක්වීම සඳහා වන නීතිමය ප්‍රතිපදන අපි මේ හරහා ගෙන එනවා. රැකියා ස්ථානයේදී සියලුම ආකාරයේ හිංසන හා ලිංගික හිරිහැර වැලැක්වීම සදහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අරගෙන එනවා. ලිංගික හිංසනය පිළිබද අංක 190 දරණ සම්මුතිය අපරානුමත කිරීමට මේ මගින් අපට හැකියාව ලැබෙනවා.  C190 අපරානුමත කරන්න කියලා ඉදිරිපත් වෙලා තියෙන ඉල්ලීම් මේ හරහා ඉටු කරලා දෙන්න පුළුවන්.
 
ඒ වගේම වෘත්තීය ආරක්ෂාව සෞඛ්‍ය හා සුබසාධනය පිළිබද නව නීති හදුන්වා දෙනවා. වෘත්තීය ආරක්ෂාව හා සුබසාධනය සම්බන්ධයෙන් අංක 155 දරණ සම්මුතිය අපරානුමත කිරීමටත් මේ ප්‍රතිපාදන මගින් හැකියාව ලැබෙනවා. ඒ වගේම පාරිතෝශික ගෙවීම සදහා මේ වන විට තිබෙන සේවකයින් 15ක් ිසිටිය යුතු බවට හා වසර පහක් සේවය කළ යුතු බවට වන සිමාවන් ඉවත් කිරීමට කටයුතු කරනවා. ඒක ඉවත් කරලා දින 180ක් සෙවය කරන සේවකයාටත් මාස භාගයක පාරිතෝශික ගෙවිය යුතු බවට වන නියමයක් ඉදිරිපත් කරනවා. එතකොට අවුරුද්දක් සේවය කළත් පාරිතෝෂික ගන්න පුළුවන්. අවුරුදු පහක් බලාගෙන ඉන්න ඕන නෑ.
 
කර්මාන්ත ශාලාවක හෝ කාර්මික ව්‍යාපාරකය රාත්‍රී සේවයේ නිරත වන කාන්තාවක් පමණක් නොව ඔනෑම සේවකයෙක් රාත්‍රී සේවයේ යොදවන විට පැයක කරනු ලබන ගෙවීම මෙන් පැය එකහමාරක ගෙවීමක් කළ යුතු බවට වන නීතිමය ප්‍රතිපාදන අරගෙන එනවා. කලින් මේ අවස්ථාව ලැබුණේ කාන්තාවන්ට පමණයි."
 
අමාත්‍ය වරයා මේ අයුරින් මෙහි පවත්නා සාධනීය දේ ගැන කුමන කරුණු කීවද, මේ පිළිබඳ වෘත්තීය සමිති ක්‍රියාධරයින් මෙන්ම වැඩකරන ජනයා අතර පවතින්නේ යහපත් බලාපොරොත්තුවක් නොවේ. ඒ් ඇයි? 'වැඩබිම' ලෙස අප විසින් මේ සම්බන්ධයෙන් ප්‍රබල  වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙකුගෙන්ම අදහස් විමසීමක් කරනු ලැබුවේ ඒ් නිසයි.
 
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවි කුමුදේශ් ඒ් සම්බන්ධයෙන් පළකරනු ලැබුවේ මෙවැනි අදහසකි.
 
"ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මර්දනයයි කියන එක මේ මොහොත වෙද්දි තහවුරු කරලා තියෙනවා. වෘත්තීය සමිති සමඟ හෝ සාමූහික සාකච්ඡා නතර කරලා තියෙනවා.ඒ්ක පාර්ශ්වීය තීන්දු ගැනීමේ ක්‍රියාවලියකට ගිහින් තියෙනවා. සාමූහිකව තීන්දු ගැනීම අදාළ නැති බව අඟවමින් තියෙනවා. වෘත්තීය සමිති හෝ මහජනතාව කියන දේවල් අදාළ නැති බව අවධාරණය කරමින් ඉන්නවා. කීප දෙනෙක් තමා දැනුම්වත් අය ඉන්නෙ, ඒ් අය තමා රට හදන්න දන්නෙ, අනිත් අය බලාගෙන ඉන්න ඔ්න වගේ දෙයක් තමා අඟවමින් ඉන්නෙ. එහෙව් පසුබිමක කම්කරු නීති සංශෝධනය ගැන වුණත්, අපට හිතන්න වෙන්නෙ සැක සංකා සහිතව තමයි. කම්කරු නීති හෝ මේ රටේ පවත්නා මොනම නීතියක් හෝ යාවත් කාලීන වෙනවට අපේ විරුද්ධත්වයක් නෑ. ඒ්ත් අපි විරුද්ධ වෙන්නේ මේ වෙලාවෙ මේ කරන දේ ගැන අපේ විශ්වාසයක් නැති කම නිසා තමයි, ඒ්ක හිතළුවක් නෙවෙයි. සාධාරණ සැකයක්. 
 
සාමාන්‍යයෙන් නීතියක් හෝ පනතක් සංශෝධනය වෙනවා නම්, ඒ්කට සාකච්ඡාවක් ඇති විය යුත්තේ මූලික කෙටුම්පතක් නිර්මාණය කරගෙනයි. කම්කරු ඇමතිවරයා කොහෙදිවත්, එහෙව් කෙටුම්පතක් ගැන හෙළිදරව් කරන්නෙ නෑ. එහෙම නැතිව ඔහු නිකම්, මිනිස්සුන්ට මේ ගැන අදහස් දක්වන්න කියලා කියනවා. අදහස් දක්වලා, ඒ් අදහස් දක්වපු අයත් එක්ක සාකච්ඡා කළා කියලා, ඔහු ළඟ හංගගෙන තිබෙන මොකක් හෝ ලියවිල්ලක් එළියට දාන්න යන බව පැහැදිලියි. එතකොට ඒ්ක හදපු අරමුණ මේ වටපිටාව ඇතුළේ, ඒ්ක මේ රටේ ශ්‍රම බලකායට හොඳ දෙයක් කියලා හිතන්න අමාරුයි. සුබවාදීව අප හිතනවා.මේ රටේ පාලන ක්‍රමය පරිවර්තනය විය යුතුයි, යල්පැන ගිය නීති රීති වෙනස් විය යුතුයි. සියල්ල පරිවර්තනය විය යුතුයි. ඒ් පරිවර්තනය කරන ක1මවේදියත් යල්පැන ගිහින් තියෙන්නෙ. ඒ් යල්පැන ගිය පරිවර්තන ක්‍රමවේදයත් පරිවර්තනය විය යුතුයි.
 
සාමාන්‍යයෙන් ලෝකෙ දැන් මේ වගේ දේවල් කරන්නෙ දැනට ඒ් සම්බන්ධයෙන් තියෙන දැනුම එක තැනකට ගෙනත්, කෙටුම්පතක් හදලා, ඒ් ගැන සාකච්ඡා කරල. මානව සම්පත් සංවර්ධනය සඳහා විවිධ ක්‍රමවේද, ඒ් අයගේ ශක්තිය හා දැනුම වර්ධනය කරන ක්‍රම, මානව සම්පති නිවරදිව අභිප්‍රේරණය කරන හා කළමනාකරණ කරන විදිහ. ඒ්වා ගේනව නම් අපට සාකච්ඡාවක් තියෙනවා. ඒ් මොකුත් නැතිව මේ රහසිගතව කරන දේ ගැන අපට සැකයක් තියෙනවා. අපි කම්කරු ඇමතිවරයාට කියන්නේ ඔබගේ කෙටුම්පත වටමේසයකට දාලා අපි කතා කරන්න පටන් ගමු කියලයි. ඊට පස්සෙ අපට ඒ්ක අනුමත කර ගැනීමේ ක්‍රියාදාමයකට සහය දෙන්න පුළුවන්."
 
නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මේ සම්බන්ධයෙන් දැරුවේ මෙවන් අදහසකි.
 
"අපි වෘත්තීය සමිතියක් හැටියට මේ කම්කරු නීති සංශෝධනයට අදාළව කරුණු වශයෙන් පවත්නා අගතිගාමී දේවල් ගැන දැනටමත් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ්කෙ තියෙන කරුණු ටික කෙටියෙන් කීවොත්, මෙහෙමයි.
 
සේවකයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 60 සිට 55 දක්වා පහත හෙළලා තියෙනවා.  පැය 8ක  වැඩ දිනය අහෝසි කරලා තියෙනවා. පැය 8 ඉක්මවා සේවය කරන සෑම විටම අතිකාල ගෙවීම් ලබාගැනීමට ඇති නෛතික අයිතිය අහෝසි කරල තියෙනවා. එක් දිනක් තුළදී මූලික සේවය, අතිකාල සහ විවේක කාල ඇතුළුව සේවකයෙකු සේවයේ යෙදවිය හැකි උපරිම පැය ගණන පැය 12 නොඉක්මවිය යුතු බවට වන අනිවාර්ය නෛතික ප්‍රතිපාදනය අහෝසි කරලා තියෙනවා. ඒ් කියන්නෙ හාම්පුතෙකුට තමන්ගෙ සේවකයෙකුගේ ශ්‍රමය නිදහසේ සූරාගෙන කන්න විතරක් නෙවෙයි, ඒ් සම්බන්ධයෙන් සේවකයාට තමන්ගෙ ශ්‍රමය සම්බන්ධයෙන් පැවති අයිතිය අහෝසි කරලා තියෙනවා.
 
මීට අමතරව  වැඩ මුර ක්‍රමය (Shift basis) මත සේවය කරන සේවකයින්ට කිසිදු අතිකාල (OT) ගෙවීමක් රහිතව, පැයක විවේක කාලයකට යටත්ව එක දිනක් තුළදී එක දිගට ගෙවී යන ලෙස පැය 16ක් සේවයේ යෙදවිය හැකියි. ඒ් සතියට අදාළ පැය 45 සැපිරීම උදෙසායි. වැඩ මුර ක්‍රමයට (Shift basis) සේවය නොකරන සේවකයින්ට කිසිදු අතිකාල (OT) ගෙවීමක් රහිතව, පැයක විවේක කාලයකට යටත්ව දිනකට පැය 12 බැගින් සේවයේ යෙදවිය හැකියි.ඒ් සතියට අදාළ පැය 45 සැපිරීම උදෙසා. පැය 45 වැඩ සතියට අමතරව, සේවකයාගේ කැමැත්ත නොමැතිව සතියකට පැය 20ක් දක්වා සහ මසකට පැය 80 ක් දක්වා, සේවකයින්ව අතිකාල සේවයේ යෙදවීමේ පූර්ණ අභිමතය හාම්පුතා සතු කිරීම කරලා තියෙනවා.
 
ඒ් වගේම  කම්කරු කොමසාරිස්ගේ කිසිදු පූර්ව අවසරයකින් තොරව ඕනෑම දිගු කාලීන ස්ථීර සේවකයෙකු වුවද, සේවායෝජකගේ ව්‍යාපාරික අවශ්‍යතා මත පදනම්ව දින 30 ක කෙටි දැනුම් දීමක් මගින් සොච්චම් වන්දි සූත්‍රයක් හරහා ඒකපාර්ශ්විකව සේවයෙන් නෙරපීමට හාම්පුතාට පූර්ණ බලය දීලා තියෙනවා.  කම්කරු කොමසාරිස්ගේ කිසිදු පූර්ව අවසරයකින් තොරව ස්ථීර සේවකයෙකු වුවද, සේවායෝජක ලබා දෙන ටාගට් සැපිරීමට අසමත් වන්නේ නම් හාම්පුතාගේ තනි කැමැත්ත මත දින 30 ක කෙටි දැනුම් දීමකින්, සොච්චම් වන්දි සූත්‍රයක් හරහා ඒකපාර්ශ්විකව සේවයෙන් නෙරපීමට හාම්පුතාට පූර්ණ බලය දීලා තියෙනවා.  දින 30 ක කෙටි දැනුම් දීමක් මගින් සොච්චම් වන්දි සූත්‍රයක් හරහා ඒකපාර්ශ්විකව සේවකයින් සේවයෙන් නෙරපීමේදී, එකී වන්දි සූත්‍රයේ මුදල ගෙවීමට සේවායෝජක පැකිලෙන්නේ නම් එම වන්දි මුදල තවත් අඩුකර හාම්පුතාට සහන සැලසීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන නීතිගත කරලා තියෙනවා.
 
මීට අමතරව කොන්ත්‍රාත් (Fixed Term) සේවකයින් හට දින 14 ක කෙටි දැනුම් දීමක් හරහා ඒකපාර්ශ්විකව සේවය අවසන් කිරීමේ පූර්ණ බලය සේවායෝජක සතු කරලා තියෙනවා.  ස්ථිර සේවා නියුක්තිය සහ රැකියා සුරක්ෂිත භාවය තවදුරටත් ප්‍රායෝගිකව වලංගු නෛතික හිමිකමක් වීම සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙනවා.  විනය හේතු මත මාස 6ක් දක්වා හෝ ඊටත් වඩා එක දිගට සේවකයින්ගේ වැඩ තහනම් කිරීමේ නෛතික බලය දීලා තියෙනවා. ජාතික අවම වැටුපටත් වඩා අඩු වැටුපකට පුහුණුවන සේවකයින් සේවයේ යෙදවීමට අවසර දීලා තියෙනවා.  රු.20,000 කට වඩා වැඩි එනමුත් රු.40,000කට වඩා අඩු මූලික මාසික වැටුපක් ලබන සේවකයින්ට නීතියෙන් ලබා දෙන රු.2,500 මාසික අයවැය සහන දීමනාව ඉදිරියේදී සේවයට බැඳෙන සේවකයින්ට අහිමි කරලා තියෙනවා.  රු.20,000කට වඩා අඩු මූලික මාසික වැටුපක් ලබන සේවකයින්ට නීතියෙන් ලබාදෙන රු.1,000 මාසික අයවැය සහන දීමනාව සහ රු.2,500 ක අමතර මාසික අයවැය සහන දීමනාව ඉදිරියේදී සේවයට බැඳෙන සේවකයින්ට අහිමි කරලා තියෙනවා.
 
ඒ් වගේම මෑන් පවර් වහල් සේවයට නෛතික පිළිගැනීම ලබාදීලා තියෙනවා.  ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් හෝ එවැනි ව්‍යාපාරික අවශ්‍යතාවයක්, ටාගට් සපිරීමට අසමත්විමක් වැන්නක් හුවා දක්වමින් සේවායෝජකගේ වෙනත් ආයතනවලට හෝ වෙනත් අංශ වලට සේවකයාගේ කැමැත්ත නොමැතිව ඒකපාර්ශවිකව මාරු කර හැරීමේ පූර්ණ බලය හාම්පුතා වෙත පවරලා තියෙනවා.  දින එකහමාරක පඩි සහිත සති නිවාඩුව, දින භාගයක් දක්වා අඩු කිරීම සහ සති නිවාඩුවේ ඉතිරි දිනයට හිමි පඩිය  අහිමි කරලා තියෙනවා. අදාළ සතියට හිමි සති නිවාඩුව, එම සතිය තුළදී හෝ ඉක්බිතිව එළඹෙන සතියේදී භුක්ති විඳීමට දැනට ඇති නෛතික අයිතිය අහෝසිකොට, ඒ වෙනුවට සේවකයාගේ කැමැත්ත රහිතව සති හතරක් එක දිගට නිවාඩු රහිතව අඛණ්ඩව සේවයේ යෙදවීමෙන් අනතුරුව පමණක්, එකතු වූ සති නිවාඩුව භුක්ති විඳිය යුතු යැයි නියෝග කිරීමට හාම්පුතාට බලය පවරා තියෙනවා.
 
එපමණක් නොව පාරිතෝෂික හිමිකර ගැනීම සඳහා වසරකට දින 180 ක් සේවයට වාර්තා කර තිබීම අනිවාර්ය කොන්දේසියක් බවට නියම කරලා තියෙනවා.  අර්ධ කාලීනව (Part Time) සේවා සැපයීමට ගිවිසගෙන සිටින සේවකයින් කෙතරම් කලක් එක දිගට සේවය කළත් ඔවුනට සති නිවාඩු සඳහා ප්‍රතිපාදන සලසා නොමැත. ඔවුන්ට පෝය සහ ප්‍රසිද්ධ නිවාඩු සඳහා වැටුප් සහිත නිවාඩු නෑ.  අර්ධ කාලීන (Part Time) සේවකයින් පෝය සහ ප්‍රසිද්ධ නිවාඩු දිනවල සේවයේ නිරත වුවහොත්, ඔවුන්ට ගෙවිය යුත්තේ සාමාන්‍ය දිනකට ගෙවන වැටුප පමණයි.  විනය නොවන හේතු මත සේවය අවසන් කිරීමේදී සේවකයාගේ ලිඛිත අවසරය හෝ කම්කරු කොමසාරිස්ගේ පූර්ව අවසරය ලබා ගැනීමේ අනිවාර්ය නෛතික අවශ්‍යතාවය අහෝසි කිරීම හරහා රිසි සේ සේවකයින් ඉවත් කිරීමට සේවායෝජකට ඒකපාර්ශ්වික බලයක් පවරලා තියෙනවා.
 
වෘත්තීය සමිති ගොඩනැඟීමට තැත්කරන, සිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින හෝ සේවායෝජකගේ උදහසට ලක්වන ඕනෑම සේවකයෙක්, ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් කම්කරු කොමසාරිස්ගේ කිසිදු පූර්ව අවසරයක් රහිතව දින 30 ක කෙටි දැනුම් දීමක් මගින් සොච්චම් වන්දි සූත්‍රයක් හරහා ඒකපාර්ශ්විකව සේවයෙන් නෙරපීමේ පූර්ණ බලය හාම්පුතාට දීලා තියෙනවා.  මෙමගින් අයුක්තියට එරෙහිව සේවකයින්ට කටයුතු කිරීමට ඇති හැකියාව මොට කර, හාම්පුතාට හීලෑ වී කටයුතු කිරීමේ වැඩපොළ සංස්කෘතියක් නිර්මාණයට මග පාදා තියෙනවා.
 
එසේම,  පඩි පාලක සභා හරහා ප්‍රජාතන්ත්‍රවාදීව සේවායෝජක, සේවක සහ රජය යන ත්‍රෛ පාර්ශ්වීය සම්මුතියෙන් සහ සාකච්ඡා මාර්ගයෙන් එක්, එක් කර්මාන්ත ක්ෂේත්‍ර සහ නිශ්චිත සේවා නියුක්ති ක්ෂේත්‍ර උදෙසා සේවා නියුක්ති කොන්දේසි සැකසීමට ඉඩ සලසන පඩි පාලක සභා ආඥා පනත මුළුමනින්ම අහෝසි කර එකී සම්පූර්ණ බලයම කම්කරු අමාත්‍යවරයාගේ අත්තනෝමතික විධායක අධිකාරියට යටත් කරලා තියෙනවා. සේවායෝජකගේ අවසරය රහිතව සේවාස්ථානය තුළ පත්‍රිකා හෝ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම, බෙදාහැරීම සේවය අවසන් කිරීමට තුඩු දිය හැකි විෂමාචාරයක් ලෙස නීතිගත කරලා තියෙනවා.  විනය නොවන හේතුවක් උදෙසා වැරදි සහගත ලෙස සේවය අවසන් කිරීමක් පිළිබඳව කම්කරු කොමසාරිස් වරයාට පැමිණිලි කිරීමට දැනට නීතියෙන් ලබා දී ඇති කාලය සය මසක සිට මාස තුනක් දක්වා අඩු කරලා තියෙනවා.
 
එසේම,  සේවායෝජකගේ හෝ කළමනාකරණ කාර්යමණ්ඩල සාමාජිකයෙකුගේ නිවාස ඉදිරිපිට පෙළපාලි පැවැත්වීම, අධිකරණය හමුවේ දඬුවම් ලැබිය යුතු වැරදි ලෙස නීතිගත කරලා තියෙනවා.  වසරකට දින 14ක වාර්ෂික නිවාඩු භුක්ති විඳීමට සැලැස්වීමේ අනිවාර්ය නෛතික අවශ්‍යතාවය දියාරු කොට, වාර්ෂික නිවාඩු වලින් දින 7ක කාලයක් සේවය ලබාගෙන, එම නිවාඩුව මුදලට හිලව් කිරීමට ප්‍රතිපාදන සලසා තියෙනවා.  රැකියා ගිවිසුමේ කොන්දේසිවල කුමක් සඳහන් වුවද, වසංගත, යටිතල පහසුකම් බිඳවැටීම්, ගෝලීය ආර්ථික අවපාත, ඇනවුම් අඩුවීම වැනි අවස්ථාව හුවා දක්වමින්, සේවායෝජක නම් කරන සේවකයින් අවිනිශ්චිත කාලයකට මූලික වැටුපෙන් 50%ක් ගෙවා නිවසේ රැඳවීමේ හැකියාව සහ රැකියාවට අදාළ අනෙකුත් සියළු දීමනා හා ගෙවීම් අහිමි කරලීමට ඉඩ ප්‍රස්ථා සලසා දී තිබෙනවා.
 
කාර්මික අංශයේ ස්ත්‍රීන් රාත්‍රී සේවයේ යෙදවීමේදී ඔවුන්ට අවශ්‍ය නිසි ආරක්ෂාව සලසනුවස් නීතියේ විධිවිධානවලට අනුකූලව සේවයේ යෙදවීම තහවුරු කිරීම පිණිස කම්කරු කොමසාරිස්ගේ පූර්ව අවසරය ලබාගැනීමේ නෛතික අවශ්‍යතාවය අහෝසි කිරීම සහ විධිමත් නෛතික අධීක්ෂණ ක්‍රියාවලිය දුර්වල කරලා තියෙනවා.  කාර්මික අංශයට අදාළව නීතියෙන් මසකට දින 10කට සීමාවී පැවති, රාත්‍රියේ ස්ත්‍රීන් සේවයේ යෙදවිය හැකි සීමාව දින 15 දක්වා වැඩි කරලා තියෙනවා. රාත්‍රී 8 න් පසු සාප්පු හා කාර්යාල අංශයේ ස්ත්‍රී සේවකයින් සේවයේ යෙදවීම සීමා කරන නෛතික විධිවිධාන සම්පූර්ණයෙන්ම අහෝසි කරලා තියෙනවා. කම්කරු කොමසාරිස්ගේ පූර්ව අවසරයක් රහිතව සාප්පු හා කාර්යාල අංශයේ ස්ත්‍රී සේවිකාවන්ට හාම්පුතාගේ අභිමතය පරිදි තීරණය වන ප්‍රවාහන දීමනාවක් මත රාත්‍රී 10 න් පසුව ඕනෑම වෙලාවක් දක්වා සේවයේ නියුක්ත කරවීමට අවසර දීලා තියෙනවා..
 
ඒ් විතරක් නෙවෙයි, අතිකාල සහ රාත්‍රී සේවය ඇතුළුව (විවේකය සඳහා දිනකට ලබා දෙන පැය අතහැර) සතියකට  පැය 80 ක් දක්වා කාන්තාවන් සේවයේ යෙදවීමට හාම්පුතාට අවසර තියෙනවා. මේ වන විට කර්මාන්තශාලා සේවකයින් සහ කාර්යාල සේවකයින් හට වෙනස් වූ සේවා කොන්දේසි ක්‍රියාත්මක වනුයේ පඩිපාලක සභා ආඥා පනත සහ සාප්පු සහ කාර්යාල පණත මගින් එම සේවක සේවිකාවන් වෙන් වෙන්ව ආවරණය වූ බැවිනි. එහෙත් පඩිපාලක සභා ආඥා පණත සහ සාප්පු සහ කාර්යාල පණත අහෝසි වන බැවින් මින් ඉදිරියට මෙම සේවක කොට්ඨාෂ දෙකටම ක්‍රියාත්මක වනුයේ මෙම නව පණතෙහි අන්තර්ගත ඉහත දැක්වෙන සේවා කොන්දේසියි.  සේවානියුක්තියට අදාළ සාධාරණත්වය සහ යුක්තිය සලසන මූලික අණපනත් 13 ක් සම්පූර්ණයෙන්ම අහෝසි කර ඒ වෙනුවට සූරාකෑම සහ මර්දනය නීතිගත කරන, ශ්‍රමය තවත් වෙළඳ භාණ්ඩයක් බවට පත්කරන දියාරු තනි කම්කරු නීති මාලාවකට සේවකයින් බැඳ තැබීමක් තමා කරලා තියෙන්නෙ. මේ නිසා මේ කම්කරු නීති සංශෝධන තුළ කම්කරු අයිතිවාසිකම් මුළුමනින්ම අහෝසි කොට හාම්පුතාගෙ අයිතිවාසිකම් වඩ වඩාත් තහවුරු කරන කම්කරු නීති සංශෝධනයක් බව අමුතුවෙන් කියන්න ඔ්න නෑ"
 
ලංකා බැංකු සේවක සංගමයේ සභාපති, රංජන් සේනානායක පැවසූයේ මෙවන් අදහසකි.
 
"රටේ කම්කරු පංතියට ගැටළු ගණනාවක් මතුවෙලා තියෙනවා. ප්‍රධානම ප්‍රශ්නය තමා රටේ කම්කරු නීති හදලා තියෙන්නෙ, ලෝක කම්කරු සංගමය ඇතු‍ළු ජාත්‍යන්තර සංවිධාන හා ප්‍රඥ්ඥප්ති ගණනාවක් අසුරු කරගෙනයි. ඒ්වාට අනුකූලවයි. අනෙක් පැත්තෙන් මේ රටේ කම්කරු ජනතාව දීර්ඝ කාලයක් තිසේසේ කරන ලද අරගලවල ප්‍රතිඵලයක් හැටියටයි. වරින්වර ඇතිවුණු සංශෝධන සමගයි. ක්‍රමානුකූලව වර්ධනය වී කම්කරුවා ආරක්ෂා කරන නීති රීති පද්ධතියක්. එහෙව් ශක්තිමත් නීති පද්ධතියක් තිබියදී පවා, ඒ්වායේ හිල් වලින් රිංගා ගිහින් හාම්පුතුන් හා පාලකයින් කම්කරුවා මර්දනය කරනවා. අයිතිවාසිකම් කප්පාදු කරනවා. ඒ් වගේ වෙලාවක කම්කරු නීති සංශෝධනයක් ගෙනෙද්දි අපි පළමුවෙන්ම අහන්න ඔ්න දේ නම්, ඇත්තටම කම්කරු නීති සංශෝධනයක් අවශ්‍ය වෙන්නේ ඇයි? ඒ් කාටද යන්නයි.
 
අදත් මීට පෙරත් කීවෙ එකම කාරණයයි. ඒනම් ආයෝජකයින් ලංකාවට ගෙන ඒ්ම සඳහා කම්කරු නීති ලිහිල් කළ යුතුයි කියන එකයි. ඒ්ක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.  ලෝක බැංකුව විසින්ම මීට පෙර කරලා තියෙන සමීක්ෂණයට අනුව ආසියාවේ සෙසු රටවල් එක්ක සසදා බලද්දී, ලංකාවේ ඒ් තරම් තද කම්කරු නීති පද්ධතියක් නෑ. ඊට වඩා තද කම්කරු ආරක්ෂණ නීති පද්ධතියක් වෙනත් රටවල තියෙනවා. වියට්නාමයත් උදාහරණයක්. වියට්නාමයට ආයෝජකයින් ඔ්න තරම් එනවා. එහෙනම් ලංකාවට එන්නෙ නැත්තෙ ඇයි? දේශපාලන අස්ථාවරත්වය, පාලකයින්ට හිතුමනාපෙට ජාතික ප්‍රතිපත්ති වෙනස් කිරීමට තියෙන හැකියාව, ආර්ථික පදනම් විරහිත වෙනස් වීම්, දූෂණ වංචා කොමිස් ගැහිලි. මේවා නිසා තමයි එන්නෙ නැත්තෙ.
 
ආයෝජකයින් ඒ්මේදී, වැඩකරන ජනතාව තෘප්තිමත්ද කියන කාරණයත් අදාළයි. සේවකයා ආයතනයට ඇද බැඳ තබාගැනීම අවශ්‍යයි. මේ කිසි දෙයක් නැතිව හදිසියේ කම්කරු නීති වෙනස් කිරීමේදී මීට පෙරවත් දකින්නට නොලැබුණු තත්ත්වයන්ද, මෙහිදී හඳුනාගන්නට පුළුවන්. ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති සමඟ කිසිදු සාකච්ඡාවක් නොකොට, එතෙන්ට ඉදිරිපත් නොකර තමා මේ නීති සංශෝධන‍ ගෙනාවෙ. ඊට පස්සෙ දැඩි විරෝධයක් ආවම කම්කරු උපදේශන සභාවට මේක ගේනවා. ඒ්ත් ඒ් ගෙනෙද්දි, ඔහු විසින් කම්කරු උපදේශන සභාවේ සංයුතිය ඔහුට ඔ්න ආකාරයට වෙනස් කරනවා. ජාතික කම්කරු උපදේශන සභාවට මේ යෝජනා ගෙනෙද්දී, කළ යුතුව තිබුණේ තවදුරටත් එහි සංයුතිය පුළුල් කර තව තවත් වෘත්තීය සමිතිවල හා වැඩකරන ජනයාගේ හඬ ඒ් තුළ නියෝජනය වීම වැඩි කිරීමයි. වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නෙ ඒ්කයි. ඒ්ත් ඒ් වෙනුවට ඔහු කරනු ලැබුවේ. තමන්ට කැමති පිරිසක් ඇතුළු කරලීම හා තමන් අකමැති පිරිසක් එතැනින් ඉවත් කිරීමයි. මේ තුළින්ම පෙනී යන කාරණය නම් මේ යෝජනා කිසිසේත්ම කම්කරුවාට, වැඩකරන පංතියට යහපත් නොවන බවයි.
 
මේ කම්කරු නීතිය ගේන්න යන්නේ තනි නීතියක් හැටියටයි. එ‍තනදි වෘත්තීය සමිති ආඥා පනත, කම්කරු ආරාවුල් පනත, සාප්පු හා කාර්යාල පනත, ප්‍රසූති නිවාඩු ආඥා පනත..මේ සියලු පනත් අහෝසි කරමින් ගෙන එන කම්කරු පනත සාකච්චා කරන්න ජාතික කම්කරු උපදේශන සභාවට දීලා තියෙන්නෙ දින 14ක් පමණයි. ඒ්ක අමු විහිළුවක්. මේ වගේ රටක මේ සා බරපතළ, තීරණාත්මක නීතියක් සංශෝධනය කරන විට ප්‍රමාණවත් කාලයක් ලබා නොදීම තුළම මේකෙ යම් යම් බරපතළ කාරණා අඩංගු වන බවට සැකය තහවූරු කරනවා. නිදසුනක් විදිහට යෝජිත පනත් කෙටුම්පතේ 328 වන වගන්තියේ තියෙන විදිහට සියලුම පැරණි කම්කරු නීති අහෝසි වෙනවා. ඊළඟට 71-72 වගන්තිවල දැක්වෙන වගන්ති තමා ඉවත්වෙන්නෙ කියලා තියෙනවා. නමුත් ඒ් වගන්ති දෙකේ දැක්වෙන්නේ විදේශගත ලංකාවේ සේවය කරද්දි, ඔහුගේ අයිතිවාසිකම් කඩ වුණාම ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න ඇතුළත් කිරීමටයි. ඒ් නිසා මේකෙන්ම පෙනෙන්නෙ පනතක් හදිසියේ හැදුවාට ඒ් අයවත් මේක කියවලා, අවශ්‍ය කරුණු ටික තියෙනවාද කියන එක නැවත නැවත පරීක්ෂා කර බලා නැති බව. මේ වගේ පුංචි අඩුපාඩු වත් බලලා නෑ. මේ එකක් විතරයි. මේ වගේ තාක්ෂණික ගැටළු ගණනාවක් තියෙනවා. අපි ඒ් ගැන ඉදිරියේදී වඩාත් සවිස්තරාත්මකව කරුණු දක්වනවා. 
 
මෙවැනි තත්ත්වයක වැඩකරන පංතිය අඇතුළු රටේ ජනතාව ඇන්දවීම උදෙසා කරන වැඩක්. බැලූ බැල්මට වාසිදායක යයි හැඟෙන වගන්ති කිහිපයක් ඇතුළත් කොට ඊට වඩා සිය දහස් ගුණයකින් බලවත්, දැනට පවත්නා කම්කරු හිමකම් පවා අමු අමුවේ උල්ලංඝණය කරන පනතක් තමා මේ ගෙනෙන්න යන්නෙ. අන්න ඒ් නිසයි අපි මේකට විරුද්ධ වෙන්නෙ. අනෙක් අතට එහෙව් බරපතළ, රටේ කම්කරු පංතියටම බලපාන තීරණාත්මක නීති සංශෝධනයක් කරන්න තරම් මේ පාලකයින්ට, ආණ්ඩුවට තියෙන ජනවරම මොකක්ද? මේක එහෙම ජන වරමකින් පත්වුණු ආණ්ඩුවක් නෙවෙයි. දේශපාලන පක්ෂ/ සිවිල් සමාජ ක්‍රියධරයන්, මේ සියලුදෙනාට එකට එක්ව මේක පරාජය කරන්න වගකීමක් තියෙනවා"
 
ලංකාවේ ස්වාධීන වෘත්තීය සමිති මෙන්ම විවිධ දේශපාලන පක්ෂ සමඟ ගැටගැසුණු වෘත්තීය සමිති ගණනාවක්ද, තිබේ. රටේ වැඩකරන සමස්ත කම්කරු ප්‍රජාවට බලපවත්වන අන්දමේ නීතියක් ගෙන ආ විට, එය කුමන දේශපාලන පක්ෂයට කුමන ආකාරය බලපානවාද යන කාරණයෙන් ඔබ්බට ගිය පොදු ගැටළුවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ් නිසාම පක්ෂ, පාට භේදයෙන් තොරව කුමන වෘත්තීය සමිතිය වුවද, එකට එක්ව මේ ිපළිබඳ සාකච්ඡාවක් ගැනීම කාලීන අවශ්‍යතාවක් වී තිබේ.
 
 
පී.ඩබ් මුතුකුඩආරච්චි