මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගැනීමට නම් වගන්ති 30කට වඩා කාරක සභා අවස්ථාවේදී වෙනස් කරන්නට සිදු වන බවත්, එසේ නොමැති නම් කෙටුම්පත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරය අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ව්‍යවස්ථාවට ප්‍රකාරව ශ්‍රේස්ඨාධිකරණය හමුවේ එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 50ක් ඉදිරිපත් වූ අතර, එය වැඩිම විරෝධයක් එල්ල වූ පනත් කෙටුම්පතක් විය.
පනත් කෙටුම්පෙත් ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව 3, 5, 7, 9, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 25, 26, 27, 29, 30, 31, 32, 36, 37, 42, 45, 53, 56 යන වගන්ති ව්‍යවස්ථාවේ මූලධර්මවලට බලපාන අතර, එම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84.2 ව්‍යවස්ථාවට ප්‍රකාරව විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය.
එසේ වුවද වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කර ඇති පරිදි 3, 5, 7, 9, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 25, 26, 27, 28, 29, 30, 31, 32, 36, 37, 42, 45, 53, 56 පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරන්නේ නම් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සංශෝධනය කළ හැකිය.
ඉහත කරුණුවලට (යෝජිත සංශෝධනවලට) යටත්ව පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය අදහස් කරයි.