නුවරඑළියෙ පමණක් නොව, මහනුවරද තැපැල් හල් ගොඩනැගිලි හෝටල් සඳහා විකුණා දමන ගනුදෙනු කෙලින්ම ජනාධිපති යටතේ කෙරෙන ජාවාරමක් බැව් දැන් පෙනෙන්නකි.
ජනාධිපති නොව කවුරුන් මුල් වූවත් සංචාරක ව්‍යාපාරයෙන් රටක් දියුණු කළ නොහැක. එය මාස 3-4 බැගින් වසරකට දෙවරක් රටෙන් බාගයකට සීමාවී ලැබෙන තාවකාලික මුදල් ගනුදෙනුවකි. සියයට 60ට වැඩි රැකියා තාවකාලික රැකියාවන්ය. ඒ සඳහා කම්කරු නීති නිසි අයුරු ක්‍රියාත්මක කෙරෙන්නේද නැත. බහුතරයකට අර්ථසාධකයද නැත.
එවගේම වෙරළාසන්න ප්‍රදේශ බරපතල පරිසර විනාශයකට ගොදුරු කෙරෙන්නකි. වෙරළ සංරක්ෂණ නීති තියේදැයි බලධාරීන්වත් දන්නේදැයි නොදනිමි.
සංචාරක ව්‍යාපාරය යැයි කියන්නේ ප්‍රධාන මහ නගරයක් දෙකක් කේන්ද්‍ර කෙරුණු කැසිනො, ගණිකා වෘත්තිය, බරපතල මත්ද්‍රව්‍ය, සීඝ්රයෙන් වර්ධනය කරන වෙළඳ ව්‍යාපාරයකි.
සංචාරක ව්‍යාපාරයේ ගණන් මිණුම් අතිශයෝක්තියට නගන සංඛ්යාවන්ය. සංචාරක වීසා ලබාගෙන එන සියල්ලෝ සංචාරකයින් නොවෙති. සැළකිය යුතු සංඛ්‍යාවක් කොළඹ නගරයේ දින කිහිපයක් ගත කරන වෙළඳුන්ය. විශාල සංඛ්‍යාවක් චූන් පාන් රථ පිටුපස දුවන, පාපැදි යතුරු පැදි කුලියට ගෙන යන එන, ඉතාම අඩු වියදමින් සතියක් දෙකක් ගත කරන්නට එන අය ය.
සංචාරක ව්‍යාපාරයේ සැබෑ ආදායම ගණන් හැදිය හැක්කේ වීසා ගාස්තු අනුව පමණි. සංචාරක ව්‍යාපාරයට ලබා දෙන බදු සහන සහ වෙනත් පහසුකම් ගණන් බැලූ විට, එය මහ විශාල ආදායමක් නොවේ. සංචාරකයෙකු එන විට ගෙනෙන ඩොලර් සංඛ්‍යාව ගැන කිසිදු නිවැරදි ගණන් හැදිල්ලක් නැතුවා වාගෙම, ආපසු යනවිට, ගෙනා ඩොලර් වලින් කොපමණ රට තුල වියදම් කර ඇතිදැයි ගණන් බැලීමක් නැත. එනිසා සංචාරකයින්ගෙන් උපයන ඩොලර් කොපමණද යන්න පිළිබඳව ඇත්තේ හිතලු පමණි.
සංචාරක ව්‍යාපාරය ඔසවන්නේ ඒ සමග සිදුවන දූෂණ වංචා සහ ජාවාරම්කාර කලු ආර්ථිකයෙන් ලබාගත හැකි වාසි වෙනුවෙනි.
| කුසල් පෙරේරා
2023 නොවැම්බර 08