ආර්ථික යුක්තිය උදෙසා රුපියල් තිස් පන්දහසක දීමනාවක් ඉල්ලා අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගන්නා බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සංසන්ධානයේ, කැඳවුම්කරු රවි කුමුදෙස් මහතා පවසා සිටිනවා.
ඒ අනුව පරිපාලන නිලධාරීන්, සෞඛ්‍ය කළමනාකරණ සහකාර වරුන්, සංවර්ධන නිලධාරින්, උපස්ථායකවරුන්, රෝහල් සෞඛ්‍ය කාර්යය සහායකයන්, ඇතුළු සියලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද (11) දින උදෑසන 6 සිට පසුදා උදෑසන 8 දක්වා වර්ජන ක්‍රියාමාර්ගයට සහයෝගය පළකරමින් සේවයෙන් ඉවත් වීමට තීරණය කරන ලද බව වැඩිදුරටත් පවසා සිටිනවා.