රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා විසඳීමට විශේෂඥ කමිටුවක්

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා විසඳීමට විශේෂඥ කමිටුවක්

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් එකී සේවක කණ්ඩායම් හා අදාළ වෘත්තීය සමිති විසින් වරින්වර ඉදිරිපත් කරනු ලැබ ඇති නියෝජනයන් සැලකිල්ලට ගෙන, එකී වැටුප් විෂමතාවන් පිළිබඳව කරුණු අධ්‍යයනය කර 2025 වර්ෂය සඳහා වන අයවැය මඟින් එම විෂමතාවන් නිවැරදි කිරීමට හැකි වන පරිදි වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.