පරිපාලන නිලධාරින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වෙයි

පරිපාලන නිලධාරින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වෙයි

කළමණාකරණ සේවා නිලධාරි සේවයේ අධිශ්‍රේණියේ නිලධාරින් වන පරිපාලන නිලධාරි, ප්‍රාදේශීය සභා ලේකම්, විද්‍යපීඨ ලේඛකාධිකාරීන්, කාර්මික විද්‍යාලයන්හි ලේඛකාධිකාරීවරුන් සහ රෝහල් ලේකම් ආදී තනතුරු දරමින් රාජ්‍ය සේවයේ ආයතනික ව්‍යුහය තුළ ඉතා වගකිවයුතු වැඩ කොටසක් ඉටු කරමින් සිටින අතර, තම වෘත්තීය ගැටළු විසඳා ගැනීම පිළීබඳව බලධාරීන්ව දැනුවත් කළත් මෙතෙක් ඒ වෙනුවෙන් කිසිඳු ක්‍රියාමර්ගයක් නොගැනිමෙන් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹෙන බව ඒ්කාබද්ධ පරිපාලන නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

02. විධායක තනතුරක් ලෙස ආරම්භ කළද මෙම තනතුර විවිධ පරිපාලන බලපෑමි හේතුවෙන් ඊට හිමිවිය යුතු සියළු වරප්‍රසාදයන් කප්පාදුවට ලක්කරමින් දැඩි අසාධාරණයට ලක් කර ඇති අතර එකී අසාධාරණයන් නිවැරදි කරන ලෙස වසර 35 වැඩි කාලයක් කරනු ලද ඉල්ලීම් සඳහා සාධනීය ප්‍රතිචාරයක් මෙතෙක් කිසිදු රජයක් විසින් දක්වා නොමැත.

03. එබැවින් එකී අසාධාරණයන්ට එරෙහිව සහ පහත ඉල්ලීමි 16 මුල් කරගනිමින් පරිපාලන නිලධාරින් විසින් 2024.07.03 දින සංකේත වැඩවර්ජනයක් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු කරනු ලැබේ..

04.මේ සඳහා ඔබ ආයතනයේ මාධ්‍ය ආවරණය ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

05.මේ සම්බන්ධ දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව 2024.07.01 දින ප.ව 2.00ට බොරැල්ල, ඇන්.ඇමි. පෙරේරා මාවත, අංක 106 ස්ථානයේ පිහිටි ඇන්.ඇමි.පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බැවින් ඒ සඳහා ද මාධ්‍ය ආවරණය ලබා දෙන මෙන්ද ඉල්ලා සිටින්නෙමු

  1. 2006 දී කළමනාකරණ සේවා නිළධාරී සේවයේ අධිශ්‍රේණියේ නිළධාරීන්ගේ අහිමි කළ විධායක තත්වය ලබාදීම.
  2. 1993 දී එකග වූ පරිදි කළමනාකරණ සේවා නිළධාරී සේවයේ අධිශ්‍රේණියේ නිළධාරීන්ගේ වැටුප් විෂමතාව ඉවත් නොකිරීම.
  3. සේවා ව්‍යවවස්ථාවේ සදහන් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධිශ්‍රේණිය පිළිබද අර්ථ නිරූපනය සංශෝධනය කිරීම සහ සේවා ව්‍යවස්ථාවේ සදහන් පරිදි ශ්‍රේණිගත උසස්වීමක් නොවන බවට සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම
  4. කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධිශ්‍රේණියේ නිලධාරීන් සදහා පුහුණු අවස්ථා අනිවාර්යය කිරීම සහ ඒ සම්බන්ධව සේවා ව්‍්‍යස්ථාවට ඇතුලත් කිරීම
  5. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ 2013.03.13 දිනැති විදේශ පුහුණු අවස්ථා යටතේ වූ (TA) Circular2013/2014චක්‍රලේඛයට අනුව කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධිශ්‍රේණියේ නිලධාරීන් දැනට අහිමි කර ඇති විදේශ පුහුණු අවස්ථා ලබා ගැනීම හැකි වන පරිදි අදාල චක්‍රලේඛය සංශෝධනය කිරීම
  6. පළාත් සභා ගණනාවක ප්‍රාදේශීය සභා ලේකමි ධූර සදහා නුසුදුස්සන් පත් කිරීම නතර කිරීම සහ දැනට පත් කර ඇති නුසුදුස්සන් ඉවත් කර සුදුසු නිලධාරීන් පත් කිරීම සහ විධිමත්ව සුදුසුකම්ලත් නිලධාරීන් පත්කිරීම් තහවුරු කිරීම
  7. ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ 2019.02.07 දිනැති EST/7/ALLOW/05/0107 ලිපියේ දක්වා ඇති සමිපත්දායක දීමනා ගෙවීමට අදාල කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියේ නිලධාරීන් සදහා ගෙවනු ලබන දීමනාව ඉහළ නැංවීමට එකී ලිපිය සංශෝධනය කිරීම.
  8. ශ්‍රී ලංකා පරිපාලන සේවයට සීමිත පදනම මත බදවා ගැනීමේ වාර ගණන 05ක් දක්වා ඉහළ නැංවීම සහ සීමිත පදනම මත බදවා ගැනීමේ ප්‍රතිශතය 40%ක් සහ කුසලතා මත බදවා ගැනීම 10% දක්වා සංශෝධනය කිරීම.
  9. මධ්‍යම රජයේ සහ පලාත් රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියේ නිලධාරීන් ඒකාබද්ධ කර දීප ව්‍යාප්ත සේවාවක් ඇතිකිරීම
  10. ප්‍රාදේශීය ලේකමි කාර්යාල සහ අනිකුත් ආයතනයන්හි කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධිශ්‍රේණියේ නිලධාරී පුරප්පාඩු සදහා වැඩබලන නිලධාරීන් පත් කිරීම.
  11. ග්‍රාම නිලධාරින් වෙත ලබාදීමට යෝජිත වැටුප් හා දීමනා මඟින් පෙර ඉහල මට්ටමක සිටි හා වර්තමානය වන විට සමතත්වයේ සිටින අප සේවාවන් අතර තවදුරටත් වැටුප් විශමතාවයන් ඇති කිරීම සහ රාජ්‍ය පරිපාලන ව්‍යුහය තුල අපගේ තනතුරු පහලට ඇද දැමීමට කරනු ලබන උත්සාහය.
  12. රජයේ සංවර්ධන කාර්‍යයන් සඳහා පරිපාලන නිලධාරින් දායක වුවද ඒ සඳහා දීමනා ගෙවීමේදී නොසලකා හැරීම.
  13. විද්‍යාපීඨ ලේඛකාධිකාරීන්ට 1987දී අනුමත කල රු 300.00ක දීමනාව වර්තමාන වැටුපට අනුරූපව ඉහළ නොදැමීම
  14. අස්වැසුම වැඩසටහන වෙනුවෙන් දීමනා ගෙවීමේදී පරිපාලන නිලධාරින් නොසලකා හැරීම
  15. රාජ්‍ය සේවයේ මේ වන විට ඇතිවී ඇති නව ප්‍රවණතාවක් වන කේවල් කිරීමේ හැකියාව අනුව වරප්‍රසාද සැපයීමේ ක්‍රියාවලිය
  16. දීමනා සහ වරප්‍රසාද කපා හැරීමේදී පමණක් හුදෙක් මාණ්ඩලික නිලධාරි ගණය අදාල කරගැනීම සහ දීමනා ලබා දීමේදී විධායක ගණය පමණක් අදාල කර ගැනීම.