ඖෂධයක උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරිමට අති විශේෂ ගැසට් නිවේදනයක්

ඖෂධයක උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරිමට අති විශේෂ ගැසට් නිවේදනයක්

යම් නිශ්චිත ඖෂධයක ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරිම සදහා වු මිල නිර්ණය කිරිමේ ක්‍රමවේදයක් සදහාත්, විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීමේ අරමුණින් යුත්ව යම් නිශ්චිත ඖෂධයක ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාළව මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම සදහා අති විශේෂ ගැසට් නිවේදනයක්  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇත.

2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 118 වන වගන්තියේ (4) වන උප වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 142 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් මෙම නියෝග නිකුත් කර ඇත.