ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පුළුල්, සියළු දෙනා ඇතුළත් කර ගන්නා කතිකාවතක් අත්‍යවශ්‍යයි

වරක් සාඩම්බරයට මූලාශ්‍රයක් වූ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය දැන් සැලකිය යුතු අභියෝගවලට මුහුණ දී සිටී. සුදුසුකම් ලත් ගුරුවරුන්ගේ හිඟයක්, යල් පැන ගිය විෂය මාලා සහ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ අතර ගුණාත්මක භාවයේ වැඩි වන විෂමතා පවතී. ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා ඕස්ට්‍රේලියානු සහයෝගිතාවයේ (AAGGSL) අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඊළඟ අදියර සමානාත්වවාදී, සාක්ෂි මත පදනම් වූ සහ දිගු කාලීන ජාතික ප්‍රමුඛතාවයන් සමඟ පෙළ ගැසෙන බව සහතික කිරීම සඳහා පුළුල් සහ සියළු දෙනා ඇතුළත් කර ගන්නා කතිකාවතක අවශ්‍යතාවය අවධාරණය කරමු.
අධ්‍යාපනය සමාජ සමානාත්මතාවයේ සහ ආර්ථික ප්‍රගතියේ පදනම වේ. වේගයෙන් කළ නොහැකි නැතහොත් දේශපාලනය මගින් මෙහෙයවිය නොහැකි ප්‍රතිසංස්කරණ, ගුරුවරුන්, දෙමාපියන්, සිසුන් සහ ප්‍රජාවන් සමඟ කරන අව්‍යාජ කතිකාවත් මත පදනම් විය යුතුය.
ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය වැනි රටවල බහුලව යොදා ගෙන තිබෙන ගෝලීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (GERM), ප්‍රමිති ගත පරීක්ෂණ සහ වෙළඳපොළ පදනම් කර ගත් මාදිලි මත අධික ලෙස රඳා පැවතීමේ අන්තරායයන් පෙන්වා දී ඇත. මෙම ප්‍රවේශ බොහෝ විට අසමානතාවයන් වඩා ගැඹුරු බවට පත් කර ඇති අතර ගුරුවරුන් මත අනවශ්‍ය පීඩනයක් පටවා තිබේ. ඊට වෙනස් අන්දමට, ෆින්ලන්තය සහ කියුබාව ගුරු වෘත්තීය නිපුණත්වය, සමානාත්මතාවය සහ ශිෂ්‍ය සුබ සාධනය අවධාරණය කිරීම මගින් රාජ්‍ය අධ්‍යාපන ක්‍රම පද්ධති කෙතරම් සඵල ලෙස පවත්වා ගෙන යා හැකි ද යන්න විදහා දක්වයි.
ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සහ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින අය අධ්‍යාපන වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 දක්වා ක්‍රමයෙන් වැඩි කරන ලෙස ඉල්ලා සිටී. මෙම ආයෝජනය විෂය මාලා ප්‍රතිසංස්කරණය, ගුරුවර ගුරුවරියන් බඳවා ගැනීම සහ පුහුණු කිරීම, ග්‍රාමීය පාසල්වල පහසුකම් වැඩි දියුණු කිරීම සහ අවාසි සහගත තත්වයන්ට මුහුණ දෙන සිසුන් සඳහා පෝෂණ සහාය ලබා දීම කෙරෙහි යොමු කල යුතුය. ළමයින් අඩු පාසල් වසා දැමීම හෝ ඒකාබද්ධ කිරීම ප්‍රායෝගික විසඳුමක් නොවන්නේ, එය කොන් කරන ලද ජන ප්‍රජාවන් තුල අධ්‍යාපනය හැර යාමේ අනුපාතය උග්‍ර කර ලිය හැකි බැවිනි.
අධ්‍යාපනය යනු ඕනෑම ජාතියක අනාගතය සඳහා කරන ආයෝජනයකි. හැම දරුවෙකුට ම, ඔවුන්ගේ පසුබිම කුමක් වුවත්, ඔවුන්ගේ පරිපූර්ණ විභවය සාක්ෂාත් කර ගැනීම සඳහා බල ගන්වා ලිය යුතුය. මේ සඳහා තිරසාර ආයෝජන, නවීකරණය කරන ලද විෂය මාලා සහ නිර්ව්‍යාජ ප්‍රජා සහභාගීත්වය අවශ්‍ය කෙරේ.
ප්‍රතිසංස්කරණ සඳහා පවතින ඉල්ලීම මගින් අවධාරණය කරන්නේ වේගයෙන් වෙනස් වන ගෝලීය ආර්ථිකයක් සඳහා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සූදානම් කිරීමේ දී සහ සමාජ ව්‍යවසායකත්වය පෝෂණය කිරීමේ දී අධ්‍යාපනය සතු කාර්යභාරය යි. සමානාත්මතාවය, පුද්ගල ආරෝපිත ඉගෙනීම සහ 21 වන සියවසේ කුසලතාවලට ප්‍රමුඛත්වය ලබා දීමෙන් රටට වඩාත් ඔරොත්තු දෙන සහ නවෝත්පාදක ශ්‍රම බලකායක් වර්ධනය කළ හැකි බව අප සංවිධානය විශ්වාස කරයි.
ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා ඕස්ට්‍රේලියානු සහයෝගිතාවේ
විධායක කමිටුව වෙනුවෙන් අත්සන් කලේ:
ආචාර්ය ලයනල් බෝපගේ
ඊමේල්: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.