ගාල්ල ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකිරීම සඳහා ලීනියර් ඇක්සලරේටර් ප්‍රතිකාර යන්ත්‍ර එකක් සහ කොබොල්ට් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර එකක් භාවිතා කරනු ලබයි. පිලිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සිදුකිරීමේ දී එම ප්‍රතිකාරය දින 5 ත් 35 ත් අතර කාලයක් දක්වා දිනපතා සිදුකරනු ලබයි. එම ප්‍රතිකාර සිදුකලයුතු දින ගනන තීරණය වන්නේ රෝගියාගේ තිබෙන පිළිකාවේ ස්වභාවය සහ එහි තත්ත්වය අනුවයි.
මෙම යන්ත්‍ර දෙකෙන් ලීනියර් ඇක්සලරේටර් ප්‍රතිකාර යන්ත්‍රය සදුදා දින (12 වෙනිදා) සිටත් කොබෝල්ට් ප්‍රතිකාර යන්ත්‍රය බදාදා (14 වෙනිදා) සිටත් බිඳවැටීම සිදුව ඇත.
පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර ආරම්භ කළ පසු එම ප්‍රතිකාර සේවාව අඛණ්ඩව සිදුකළ යුතු අතර මේ ලෙස යන්ත්‍ර බිඳ වැටීම හේතුවෙන් රෝගීන්ගේ ප්‍රතිකාර අඩාල වීම බරපතල ගැටලුවක් වී ඇත.ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය මගින් දිනකට පිලිකා රෝගීන් 100 ක් සහ කොබෝල්ට් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය මගින් දිනකට රෝගීන් 25 ත් 30ත් අතර ප්‍රමාණයකට ප්‍රතිකාර කිරීම මේ වනවිට සිදුකරමින් පැවතිනි.
විකිරණ තාක්ෂණවේදීන් විසින් මෙම බිඳවැටීම් සම්බන්ධයෙන් අදාළ සේවා සපයන සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ බලධාරීන් දැනුවත් කර ඇති අතර මේ වනතුරුත් එම යන්ත්‍ර යථාවත් කිරීම සිදුවී නොමැත. ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය බිඳවැටීම යථාවත් වීම ප්‍රමාද වීම පිටුපස එම යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම්ගතවීම වේලාවට සිදු නොකිරීම හේතු වී ඇති බවද තොරතුරු වාර්තා වී ඇත. මෙම යන්ත්‍ර මිලදී ගැනීම් සහ නඩත්තුවට සම්බන්ධ ගිවිසුම් ගතවීමේ තාක්ෂණික හැඟීම් කමිටුවලට විකිරණ තාක්ෂණවේදී නිලධාරියෙකු වූ සම්බන්ධ කරගෙන නොමැති අතර මේ පිළිබඳව ද සංගමය සෞඛ්‍ය බලධාරීන්ට දැනුවත් කළද එම තත්ත්වය නිවැරදි කිරීමට කිසිදු සෞඛ්‍ය බලධාරියෙකු කටයුතු කර නොමැත.

| චානක ධර්මවික්‍රම, සභාපති, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය
15/01/2026

