විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් 09 වෙනිදා සිට තාවකාලිකව අත්හිට වූ වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට සූදානම් වන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධූරයෙහි රාජකාරිය ආවරණය කරන පුද්ගලයාට එරෙහිව සිදුකරන විමර්ශනය ස්වාධීනව සිදු කිරීම සඳහා එම පුද්ගලයා තාවකාලිකව හෝ එම තනතුරෙන් රෝහලේ ඉවත් නොකිරීමට එරෙහිව එක් අවස්ථාවක වර්ජන ක්‍රියාමාර්ගයක් (21 වෙනිදා ) දිවයින පුරා රෝහල්වල ක්‍රියාත්මක වූ අතර 28 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීම සිදු කළේ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා සමඟ පැවති සාකච්ඡා වලදී සිදු කළ ඉල්ලීමතයි. එහිදී 27 වෙනිදා පැවති සාකච්ඡාවේේ දී පැය 48 ක කාලයක් තුළ මෙම ගැටළුව විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කළත් මේ වනතෙක් එම එකඟතාවයන් ක්‍රියාත්මක වී නොමැත.
මූලික විමර්ශනයෙහි අතුරු වාර්තාව 29 වෙනිදා වන විට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාට ලබා දී ඇති අතර එම වාර්තාවෙහි සඳහන් නියෝග ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බව වාර්තාවන අතර මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා විසින් එම නියෝග ක්‍රියාත්මක කර නොමැත.
මෙවැනි තත්ත්වයක් තුළින් විකිරණ තාක්ෂණවේදී නිලධාරීන්ට නැවතත් වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට සිදුවී ඇති අතර 09 වෙනිදා සිට අඛණ්ඩ ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට ඊයේ දිනයේ පැවති විධායක සභාවේදී තීරණය කරන ලදී.
ඒ අනුව සෞඛ්‍ය සේවාවේ විසඳා ගත හැකි ගැටලු විසඳීමට අවශ්‍යය පියවර නොගැනීම සහ ප්‍රමාද කිරීම මත මෙලෙස වර්ජන ක්‍රියාමාර්ගයන්ට වෘත්තිකයන් ඇද දමන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණාවකි. මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාගෙන් සහ ඇමතිවරයාගෙන් සංගමය ඉල්ලීමක් කරන අතර වැරදි සිදු කරන පුද්ගලයන් ආරක්ෂා කිරීමට කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වන අදිසි හස්තය සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා එවැනි නිලධාරීන්ට එරෙහිව කඩිනමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී.

