වෛරසයක් සම්ප්‍රේෂණය වෙන කොට එහෙම නැත්නම් වෛරසයක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වෙන කොට මේ වෛරසයට වාතය හරහා ගොස් වාතයේ රැඳෙමින් තව කෙනෙකුට බෝ වෙන්න පුළුවන්ද?
ඒ අනූව ඇත්තටම බොහොම සාමාන්‍ය විදියට හිතන කෙනෙකුට “ඉතිං එහෙම නේද වෛරසය බෝවෙන්නේ” කියල හිතන්න පුළුවන්
පිළිතුර: නැහැ.
කොරෝනා වෛරසය පිළිබඳව අද වෙනකොටත් තියෙන නිශ්චිත පිළිගැනීම තමයි, කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වෙන්නේ බිඳිති මඟින් කියන එක.
එතකොට බිඳිති මඟින් සම්ප්‍රේෂණය වීම සහ වාතයෙන් වෛරසයක් සම්ප්‍රේෂණය වීම කියන එක දෙකක්
බිඳිති මඟින් වෛරසයක් සම්ප්‍රේෂණය වෙනව කියන්නේ, පුද්ගලයෙකුගේ මුවින් එහෙම නැත්නම් ඔහුගේ ශ්වසන මාර්ගයෙන් පිටවන ඉතා කුඩා ඇහැට පෙනෙන්නෙ නැති බිඳිත්තක් හරහා වෛරසය තව කෙනෙකුට යනව කියන එක.
එතකොට බිඳිත්තක් හරහා වෛරසයක් යනව කියන එක ඇතුලේ කාරණා ගණනාවක් තියෙනව
1. ඒ බිඳිත්තෙන් එළියට වෛරසය ආවම වෛරසයට ජීවත් වීමේ හැකියාව සහ රෝගය බෝ කිරීමේ හැකියාව අඩපණ වෙනවා
2. දෙවැනි එක තමයි බිඳිත්තක් ඇති වීම සහ බිඳිත්තක් වාතයේ රැඳවීම කියන කාරණය සහ
3. බිදිත්ත වාතයේ රැඳි සිටින කාලය. මෙය ඉතා කෙටි කාලයක් වෙන නිසා ඒකෙන් වෛරසය තව කෙනෙකුට බෝ වීමට තියෙන හැකියාව අඩු වෙනවා
නමුත් අපි airborne එහෙම නැත්නම් වාතය මඟින් සම්ප්‍රේෂණය වන රෝගයක් බවට හඳුන්වා දෙනව කියන්නෙ,
1. අපේ ශරීරයෙන්, රෝගියෙකුගේ හෝ අසාදිතයෙකුගේ ශරීරයෙන් පිටවන වෛරසයක් විනාශ නොවෙමින් වාතයේ ඔහේ රැඳිල තියෙන්න පුළුවන් කියන එක සහ
2. ඒ වාතයේ රැඳිල තියෙන වෛරසය ඒ රෝගියා හෝ අසාධිතයා නැති අවස්ථාවකදී පවා තව කෙනෙක් ආවහම ඔහුගේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන් කියන එක
මේ කාරණා දෙක ඉතා විශාල වෙනස්කමක් තියෙන කාරණ දෙකක් විදියට තමයි විද්‍යාවෙදි අපි හඳුන ගන්නේ
එතකොට කොරෝනා වෛරසය සම්බන්ධයෙන් හිටපු ගමන් මේ වාතයෙන් සම්ප්‍රේෂණය වෙන ප්‍රභේදයක් පිළිබඳව සාකච්ඡා වෙන්නේ ඇයි කියන කාරණාවෙදි තමයි මේ පටලැවිල්ල ඇති වෙන්නේ, මොකද ලෝකය පුරා විද්‍යාඥයන් මේ කොරෝනා Airborne තත්ත්වයේ එකක්ද කියන එක සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ, වෛරසය ලෝකය හඳුනාගත්ත දවසේ ඉඳන් පරීක්ෂණ කරනවා.
දැන් පසුගිය අප්‍රේල් මාසෙදි වාර්තාවක් නිකුත් උනා. ඒ වාර්තාව නිකුත් උනේ මේ ප්‍රකාශය ලංකාවේ කරන්න දින 20කට විතර ඉස්සෙල්ල
ලෝකයේ කීර්තිමත් පර්යේෂකයන්ගේ කණ්ඩායමක් සහිත “ලැන්සට්” කියන ආයතනය කොරෝනා Airborne විය හැකියි කියන එකට යම් පක්ෂපාතී බවක් පෙන්නුව.
නමුත් දැන් කොහොමද මේ රෝගයක්, එහෙම නැත්නම් මේ වෛරසය Airborne කියන Conclusion එකට එහෙම නැත්නම් ස්ථිර අදහසකට අපි එන්නේ
රටක් සාමාන්‍යයෙන් තනියෙන් එහෙම අදහසකට එන්නෙ නෑ.
එක එක රටවල් වලට විවිධ අදහස් වලට එන්නත් බෑ.
ලෝකයේම මේ සෞඛ්‍ය සේවා පද්ධතිය කලමනාකරණය කරන මූලික මධ්‍යස්ථානය විදියට ලෝක සෞඛ්‍ය සංවිධානය තමයි මේ පරීක්ෂණ සියල්ල අවසාන වශයෙන් සැළකිල්ලට අරගෙන මේ වෛරසය එහෙම නැත්තම් මේ රෝග කාරකය වාතය මඟින් සම්ප්‍රේෂණය වනවාද? නැද්ද කියන එක ප්‍රකාශ කරන්නේ. එහෙම නැත්නම් Airborne එකක් විදියට නිර්දේශයක් ලබා දෙන්නට ඕන.
ඉතිං තාම ලෝකයේ කිසිම රටක් ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් පිළිගත් ආයතනයක් මේ කොරෝනා රෝගය එහෙම නැත්නං කොරෝනා වෛරසය Airborne තත්ත්වයෙන් ප්‍රවාහනය වන බෝවන වෛරසයක් විදියට නම් කරල නෑ.
ඒක තමයි පළවෙනි කාරණය. ඒක නිසා ලංකාවට කිසිසේත්ම එහෙම නම් කිරීමක් කිරීමේ හැකියාවක් නෑ.
දෙවැනි කාරණාව
මේ සමහර ප්‍රකාශන වලින් මහජනතාව වැරදි අවබෝධයක් අරගෙන තියෙනව කොරෝනා වෛරසයේ අළුත් ප්‍රභේදයක් Airborne තත්ත්වයට ලඟා වෙලා වගේ එකක්.
ඒක ලෝකයේ කිසිම දවසක මෙතෙක් සිද්ද වෙලා නැති දෙයක්.
එකම වෛරසයක Airborne සහ Airborne නොවන ප්‍රභේද දෙකක් තිබීම අතිශය දුර්ලභ තත්වයක් එතකොට එහෙම තත්වයක් අපේ රටට සුවිශේෂිව ඇති උනා නං අද මේ වෙන කොට ලංකාව කියන්නේ ලෝකයේ වැඩිපුරම කතා බහට ලක්වෙන රට බවට පත්වෙනවා. අනාගතයේදී ලංකාව මේ කියන සියළු දේවල් වලට වඩා ඉතිහාසගත වෙනවා. කොරෝනා රෝගය මුලින්ම ඇතිවෙච්ච චීනයටත් වඩා ලංකාව තහවුරු වෙන්නේ කොරෝනා රෝගයේ Airborne ප්‍රභේදයක් බවට ප්‍රථම වතාවට හඳුනාගත්ත රට විදිහට.
ඒ නිසා පළවෙනි කාරණාව කොරෝනා Airborneද? නැද්ද කියන එක සංවාදයක් පමණයි.
නමුත් දැනට ලෝකයේ සමස්ථ පිළිගැනීම මේක droplet Infection එකක් එහෙම නැත්නම් බිඳිති මඟින් සම්ප්‍රේෂණය වෙන එකක්.
නමුත් මේකෙ Airborne රෝගයක වාතය මඟින් සම්ප්‍රේෂණය වන රෝගයක තියෙන ලක්ෂන සමහර විට පෙන්නුම් කරනවා කියන පර්යේෂණ සිද්ද වෙලා තියෙනවා.
ඒ නිසා ගොඩාක් අය පිළිගන්න කැමතියි මේක වාතය මඟින් සම්ප්‍රේෂණය වන ලක්ෂණ සමහර අවස්ථාවන් වලදී පෙන්වන නමුත් බිඳිති මඟින් පරිවහනය වන බෝවන රෝගයක් විදිහට.
ඒ වගේම මේ රෝගය සම්බන්ධයෙන් කතා කරන කොට ලංකාවට සුවිශේෂී ප්‍රභේදයක් කිසිසේත්ම ඇවිල්ල නෑ වාතය මඟින් සම්ප්‍රේෂණය වන ආකාරයේ එතකොට මේ කාරණා දෙක මෙසේ තිබියදී අපි කියනව නං ලංකාවේ කොරෝනාව Airborne තත්ත්වට පත්වෙලා කියල, එහෙම නැත්තම් එහෙම තත්වයට පත්වීමේ හැකියාවක් තියෙනව කියල අපි කළ යුත්තේ කුමක්ද?
ඒක තමයි මෙතනදි වඩා වැදගත් වෙන්නේ.
රජය හරි සෞඛ්‍ය අමාත්‍යාංශය හරි යම් විශේෂඥ වෛද්‍යවරයෙක් හරි පුන පුනා කියනව මේක වාතය මඟින් සම්ප්‍රේෂණය වන රෝගයක් කියල අපි මේක වාතය මඟින් සම්ප්‍රේෂණය කරනව කියල මහජනතාව බය කරන්න ඉස්සෙල්ල අපි මේක පාලනය කරන සෞඛ්‍ය සේවාව සහ රජය විසින් ගතයුතු ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනව.
එතකොට වාතය මඟින් පරිවහනය වෙන රෝගයක් නම් මේ රටේ තියෙන්නෙ, මේ ලෝකයේ තියෙන්නෙ ලෝකයේ කිසිම රටක් එහෙම රෝගයක් තියාගෙන සංචරනයන් පවත්වන්නේ නැහැ.
එතකොට අද වෙනකොට ලෝකයේ බොහෝ රටවල්වල සංචරණය පවත්වමින් රටේ සාමාන්‍ය කටයුතු පවත්වමින් රෝගයට මුහුණ දෙනව කියන තීරණය ගන්නෙම මේ රෝගය Airborne නොවන නිසා කියන එක තහවුරු වෙනවා. මේක Airborne නම් එසේ කල නොහැකියි කියන කාරණය ඉතාමත් හොඳින් තහවුරුයි.
ඒ වගේම අපි පාවිචිචි කරන දේවල් දැං උදාහරණයක් ගත්තොත් අපි පාවිච්චි කරන මුඛ ආවරණ ඔබ දන්නව අපේ රටේ පාවිච්චි වෙන මුඛ ආවරණ ගණනාවක් තියෙනවා නියමිත ප්‍රමිතියෙන් තොරව විශේෂයෙන්ම ශල්‍ය මුඛ ආවරණයක් හෝ ඊට උඩ මට්ටමේ මුඛ ආවරණයක් නොවන්නේ නම් අපි පාවිච්චි කරන්නේ Airborne වර්ගයේ රෝගයක් බරපතල විදියේ ප්‍රචාරය කිරීමකට ලක් වෙනව එවැනි මුඛ ආවරණයක් මඟින්.
අපි පාවිච්චි කරන මුඛ ආවරණය නිකංම නිකං රෙදි මුඛ ආවරණයක් නම් රෙදි වලින් තැනූ මුඛ ආවරණයක් නම් වාතයේ ඉන්න අර වාතයෙන් බෝවන වෛරසය මුඛ ආවරණයට ඇවිල්ල මුඛ ආවරණයේ ඇලවිලා ඒක මඟින් අමතර රෝග ප්‍රචාරණයක් සිද්ධ වෙන්න පුළුවන්.
එහෙම නං අපි සැක කරනව නං මේ රෝගය Airborne විය හැකියි කියල අපි වහාම කලයුතු දේ තමයි මේ මුඛ ආවරණ වල ප්‍රමිතිය ආරක්ෂා කරන එක සහ රෙදි මුඛ ආවරණ තහනම් කරන එක.
දෙවැනි කාරණාව තමයි ලංකාවේ කොරෝනා රෝගය එසේ පැතිරෙනවද කියල හොයාගැනීමේ පර්යේෂණ පවත්වන්නට පුළුවන් උදාහරණයකට අපිට මේ වාතයේ කොරෝනාව තියෙනවද කියල හොයාගන්න ඉතාම පහසු ඉතාම පහසු නැති උනත් කල හැකි පරීක්ෂණ තියෙනව.
මේ වාතයේ නිදර්ශක අරගෙන ඒ වාතයේ නිදර්ශක වල රෝග කාරකය තියෙනවද කියල අපිට පරීක්ෂා කරන්න පුළුවන්.
අපි හිතුවොත් වැඩිපුරම රෝගීන් ඉන්න වාට්ටුවක් වෙන්න පුළුවන්, රසායනාගාරයක් වෙන්න පුළුවන්, නිරෝධායන මධ්‍යස්ථානයක් වෙන්න පුළුවන් ඒ වගේ තැන් කිහිපයක් තෝරගෙන ඒවගෙන් නිදර්ශක අරගෙන ඒ නිදර්ශක පරික්ෂා කරල අපිට හොයන්න පුළුවන් ඒ වාතයේ කොරෝනා වෛරසය තියෙනවද කියල.
ඒ වගේ සාක්ෂි මඟින් අපිට තහවුරු කර ගැනීමේ හැකියාව තියෙනව.
දැං උදාහරණෙකට සමහර රටවල් මේ රෝගය හොයන්න අපිරිසිදු ජල කාණු වල තියෙන ජලය පරීක්ෂා කරා. ඒ පරීක්ෂා කරල අළුත් ප්‍රභේද හොයාගත්තා.
එතකොට අපිටත් පුළුවන් එවැනි ක්‍රියාවලියකට යන්න.
අවසාන වශයෙන් කියනව නං ලංකාවට අළුතෙන් Airborne එහෙම නැත්නං වාතයෙන් සම්ප්‍රේෂණය වන ලක්ෂන තියෙන කොරෝනා ප්‍රභේදයක් ඇවිල්ල නැහැ.
ඒ වගේම Airborneද? කොරෝනා Airborne නැත්ද? කියන සංවාදය තාම විවෘත සංවාදයක්.
ලෝකෙ කොහේවත් රටක හෝ කොහේවත් ආයතනයක පිළිගත් විදිහට මේක තහවුරු කරල නෑ.
තුන්වන කාරණාව තමයි කොරෝනා Airborne නම් අපි මේ වෙනකොට අනුගමනය කරිමින් ඉන්න ක්‍රියාවලිය සම්පූර්ණයෙන් වැරදියි. අපි නිශ්චිත වශයෙන්ම සංචරණ සීමා පනවන්න ඕන, නිවැරදිව මුඛ ආවරණ පළදින්න ඕන, නිවැරදි මුඛ ආවරණ පාවිච්චි කරන්නට ඕන, ඒ වගේම මේ ක්‍රියාවලිය සමස්ථයක් විදියට මීට වඩා අතිශය බයානක තත්වයට පරිවර්තනය වෙනව කියන එක මතක තියාගෙන කටයුතු කරන්න ඕන.
රවී කුමුදේශ්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය