- රසායනාගාර සේවා සාමාන්‍යාධිකාරි තනතුරට ගණකාධිකාරීව පත් කරලා, අමුතුම හොරකමකට අර අදිනවා
රසායනාගාර සහ තාක්ෂණික සේවා වෙනුවෙන් ප්‍රාමාණික දැනුවත් බවක් ඇති වෘත්තීයවේදීන් ඕනෑ තරම් සිටියදි , ඖෂධ සංස්ථාවේ රසායනාගාර සහ තාක්ෂණික සේවා සාමාන්‍යාධිකාරි තනතුර සඳහා ඒ පිළිඳව කිසිදු දැණුමක් නැති අයෙකු පත් කිරීම ඖෂධ සංස්ථාව කටයුතු කර ඇත.
ඖෂධ නීතිගත සංස්ථාව විසින් ගණකාධිකරණය සහ මුළ්‍ය පාළණය සදහා සුදුසුකම් ලැබූ නිළධාරියෙකුගෙන් රසායනාගාර සහ තාක්ෂණික සේවා සඳහා උපදෙස් ගෙන පිට පාරේ තීරණ ගනිමින් සිටින්නේ වැරදි තාක්ෂණ උපදෙස් හේතුවෙන් හොර ඉමියුනෝග්ලොබියුලින් එන්නත් හේතුවේ සෞඛ්‍ය සේවාවේ ඇති වී තිබෙන බරපතල අර්බුධයේ අගමුල සොයා ගැනීමට පවා නොහැකිව තිබෙන මොහොතකය.
වඩාත්ම උභතෝකෝටික ගැටළුව වන්නේ ඖෂධ සංස්ථාව විසින් මෙම පත්කිරීම සඳහා එම ආයතනයේම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මුල්‍ය තනතුරේ රාජකාරී කල නිළධාරණිය වීමයි. මුල්‍ය පාලනය සඳහා සුදුසුකම් ලැබු නිළධාරිනියක් රසායනාගාර සේවා සඳහා යොදවමින්, මුල්‍ය අංශය සඳහා ඊට නුසුදුසු අයෙකු පත් කිරීම හරහා අවිධිමත් සහ අක්රමික ගණුදෙණු සඳහා පාර කපා ගැනීමට ඖෂධ සංස්ථාව විසින් උපායමාර්ගිකව හොරකම් සිදු කිරීමට පාර කපා ගනිමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.
සියල්ල නිවැරදි කිරීම සඳහා පත්වූ නව සෞඛ්‍ය අමාත්‍ය වරයාගේ අනුමැතිය මෙවැනි තීරණ සඳහා ලබාගෙන තිබෙන්නේද යන්න පිළිබඳව අප ඉතා සැල කිල්ලෙන් බලා සිටිමු. ඖෂධ සංස්ථාවේ සභාපති තනතුර මෑත කාලයේ වෙනස් කලද, ඊට පහලින් සිටින ජාවාරම්කාර නිළධාරීන්ගේ ක්‍රියාකලාපය පාළණය කිරීම වෙනුවට, සභාපතිවරයා තවදුරටත් ඔවුනගේ රූකඩයක් සේ කටයුතු කරන්නේනම් ඒ පිළිබඳවද සෞඛ්‍ය ඇමතිවරයාගේ අවධානය යොමු විය යුතුය.
| රවි කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය