රෝහල්වලට අවශ්‍ය වන උපකරණ යැයි සදහන් කරමින් තමාගේ නම ඈදාගනිමින් විවිධ පුද්ගලයින් විසින් සිදුකරනු ලබන ව්‍යාජ ක්‍රියාකාරකම්වලට හසුනොවන්න.
අවශ්‍ය උපකරණ අදාල රෝහල්වලට පමණක් ලබාදෙන්න
කොවිඩ් රෝගය වැළදුනු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල්වල දැඩිසත්කාර ඒ්කක ඇතුලුව රෝහලට කඩිනමින් අවශ්‍යව ඇති වෛද්‍ය උපකරණ ලබාදීමට එක්වන්නැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගියදා දානපතියන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විවිධ ආයතන හා පුද්ගලයින් විසින් සිය දායකත්වය ලබාදීම පිළිබදව අමාත්‍යවරිය ඔවුන්වෙත සිය කෘතවේදීත්වය පුදකර සිටී.
එහෙත් ඇතැම් පුද්ගලයින් සහ කණ්ඩායම් මේ වසංගත අවස්ථාවේ අමාත්‍යවරියගේ නම භාවිතා කර ව්‍යාජ පුවත් මවමින් රෝහල්වලට අවශ්‍ය උපකරණ යැයි සදහන් කළ ව්‍යාජ ලැයිස්තු ඉදිරිපත්කර ආධාර ලබාදෙන ලෙස ඉල්ලා කටයුතු කරන බවට නිරීක්ෂණය වී ඇත. Sri Lanka Unites නමින් පුද්ගල කණ්ඩායමක් විසින් ව්‍යාජ වෛද්‍ය උපකරණ ලයිස්තුවක් ඉදිරිපත් කරමින් අමාත්‍යවරියගේ නම භාවිතා කර ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ඔස්සේ ආධාර ලබාදෙන ලෙස ඉල්ලා කරනු ලබන පුවත සාවද්‍ය වන අතර ඒ සදහා මුදල් ආධාර හෝ වෛද්‍ය උපකරණ ලබානොදෙන ලෙස අමාත්‍යවරිය ඉල්ලා සිටී. එවැනි ඉල්ලීමක් අමාත්‍යවරිය විසින් ඔවුන්ගෙන් සිදුකර නොමැත. මේ පිළිබදව විමසා බැලීමට ඔවුන් ප්‍රසිද්ධ කර ඇති දුරකතන ඔස්සේ කිහිප විටක් උත්සාහ ගනු ලැබුවද සම්බන්ධ කර ගැනීමට නොහැකිවිය.
මේ මොහොතේ අවශ්‍ය වන්නේ පුද්ගල නාම ප්‍රවර්ධනය හෝ ආයතන ප්‍රවර්ධනය නොව අවශ්‍යතාවට සරිලන වෛද්‍ය උපකරණ ලබාදීම පමණක් වන බැවින් අදාල රෝහල් විමසා අවශ්‍යතාවට පමණක් සරිලන උපකරණ පරිත්‍යාග කිරීම ප්‍රමාණවත් වන අතර ඒ සදහා තමාගේ නාමය යොදාගැනීම අවශ්‍ය නොවන බවත් තමන් සිදුකරනු ලැබුවේ දෙස් විදෙස් දානපතියන්ගේ අවදානය ඒවෙත යොමු කිරීම පමණක් බව අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කර සිටී.