අම්මා

අම්මා

පුංචි කාලේ පොඩි දේටත් එපා

කියපු අම්මා …

ඉගෙන ගන්න කන්න බොන්න සරිකර

දුන් අම්මා …

තාත්තාට එපා කියලා දාලා

ගියත් අම්මා …

දාලා ගියේ නෑ ඇය නම් දරුවන්

රැක අම්මා …

දුක් ගිනි අමතක කරමින් සිනා

නගන අම්මා …

දන්නෙම නෑ ඈ වයසයි නේද

කියා අම්මා …

මහළු මඩමේ උජාරුවට

සල්ලි ගෙවා අම්මා …

තනි කලේ ඈ දූ දරුවන් එපා

කියා අම්මා …

| ශෂී ගලගොඩ

කටුනායක නිදහස් වෙළඳ කලාපය