කහට සුවඳ කවි" "Tea Stained Lines"  එළිදැක්වීම  සැප්තැම්බර් 11දා කොළඹ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී

කහට සුවඳ කවි" "Tea Stained Lines"  එළිදැක්වීම  සැප්තැම්බර් 11දා කොළඹ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී

වසර දෙසීයකට ආසන්න කාලයක් මේ රටේ ජාතික ආර්ථික පෝෂණයට දැවැන්ත දායකත්වයක් දුන් ඉන්දීය සම්භවයක් සහිත වතු කම්කරු ජනතාවගේ  පද්‍ය සාහිත්‍ය සිංහල සහ ඉංග්‍රීසි පාඨකයන්ට සමීප කරවීම අරමුණු කරගනිමින්,PEN International හි  සහයෝගීතාවය ඇතිව PEN Sri Lanka  සංවිධානය ප්‍රකාශයට පත් කරන මලෛග කාව්‍ය සරණිය " කහට සුවඳ කවි" "Tea Stained Lines" කවි පොත එළිදැක්වීම 2024 සැප්තැම්බර් 11 දින  පස්වරු 2.30 කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේ දී (R.G.සේනානායක මාවතේ බෞද්ධයා නාලිකාව ආසන්නයේ - කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට - CIS අසල) පැවැත් වේ.

වතුකරයේ කවීන් විසි දෙනෙකුගේ කවි ඇතුළත් මෙම ග්‍රන්ථය ජනගත කිරීමේ වැඩසටහන කොළඹ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ ඉන්දියා ශ්‍රී ලංකා සමාජයේ  සහයෝගය ඇතිව සංවිධානය කර ඇත.