මර්දනය නවතනු! අරගලකරුවන් වහා නිදහස් කරනු ! 2022. 08. 04 වෘත්තීය සමිති හා බහුජන සංවිධාන විසින් සංවිධානය කළ විරෝධතා උද්ඝෝෂණයේ සටන් පාඨ
හතර දෙසින් - වරෙල්ලා
රොඳ බැදගෙන - වරෙල්ලා
බට ලන්දේ - මිනී මරුවා
පන්නන්නට - වරෙල්ලා
රනිල් රනිල් - උඹ ජනපති
හොර නඩේට - උඹ අධිපති
ජනතාවට - කොඩි විණයකි
දැන් පලයන් - හොදටම ඇති
හොර ගෝඨත් - ගෙදර යැව්ව
ජන බලයට - උඹ මොකෙද්ද
ලැයිස්තුවෙන් - ආපු උඹට
යන්න වෙන්නෙ - ඇපත් නැතුව
යන්න ගෙයක් - නෑ කිය කිය
බොරු කියන්නෙ - උඹ කාටද
ඉඩ දුන්නොත් - ඉන්න උඹට
නැතිවෙනවා - රටක් අපිට
නැතිවාදම් - ගැන කියන්න
ජන පතියෙක් - ඇයි රටකට
රට වැනසුව - තොපේ පවට
දුක් විදින්නෙ - අපි මොකටද
අරගල කළ - උන් දඟගෙට
බැංකු හොරා - රජ පුටුවට
ජනතාවනි - ඉඩ දෙනවද
යන්න තවත් - මේ ක්රමේට
ජෝසප් ලා - හිරේ යනවා
සටන් කරල - රට වෙනුවෙන්
බැංකු හොරා - රජ කරනවා
නීතිය දැන් - අමු හෙලුවෙන්
අරගලයට - සවිය දුන්නෙ
බැංකු සේවෙ - නායකයො
හිරේ දාලා - තොපි හිතුවද
නවත්තන්න - අපේ සටන
මහ දවාලෙ - වෙඩි තිය තිය
මිනි මරද්දි - කෝ නීතිය
හොර නඩයක් - රටකරද්දි
රජ කරන්නෙ - අවනීතිය
ඇදිරි නීති - හදිසි නීති
මොක එන්නෙත් - මර්දනේට
හොරා කද්දි - මිනි මරද්දි
කොහෙද තිබ්බෙ - ඔය නීතිය
පොදු දේපල - රකින බයිලා
කියපල්ලා - චීන්නුන්ට
අපි දන්නව - තොපි හදන්නෙ
විකුණන්නයි - පොදු දේපල
මර්දනයේ - හදිසි නීති
අකුලා පං - මරිසි නීති
බටලන්දෙගෙ - කැලෑ නීති
අකුල ගනිං - තගරි නීති
අත නොතබන් - අරගලයට
තිත තබපං - මර්දනයට
සහන දියව් - මහජනයට
හිස නවපං - ජනමතයට
අපි ආවේ - මහ පාරට
තොපි වනසපු - රට හදන්න
හෙට උපදින - දරුවට වත්
හුස්ම ගන්න - ඉඩක් දෙන්න
හොරා කාල - විකුණ කාල
දශක හතක් - රට වැනසුව
විරුද්ධ වුණු - මහ ජනයට
වෙඩි තිය තිය - ලේ හැලුවා
ධන පතින්ට - සහන දුන්නා
ජනතාවට - බර පැටෙව්වා
අන්තිමේදි - මුළු රටක්ම
මහපාරට - ඇදල දැම්මා
උලත් එකයි - පිලත් එකයි
තොපි වනසපු - රටේ අපිට
විසඳන තුරු - අපේ ප්රශ්න
අපි හැපෙනවා - තොපිත් එක්ක
හිරේ දාපු - අපේ එවුන්
නිදහස් කර - එවපල්ලා
රට වනසපු - තොපි ඔක්කොම
බැහැල ගෙදර - පලයල්ලා
එතෙර මෙතෙර - හැම තැනින්ම
විරෝධයේ - රැල්ල එනවා
වැඩි දවසක් - නෑ රනිලෝ
උඹට ගෙදර - යන්න වෙනවා
මහ පාරත් - හිර ගෙදරත්
අපිට එකයි - අපි බය නෑ
ජන බලයෙන් - තොපි ඔක්කොම
යවල මිසක් - හැරෙන්නෙ නෑ
මොන බලයත් - ජන බලයට
යටයි ඒක - දැනගනිල්ලා
ඉස්සරහට - ජනතාවගෙ
යුගය එන්නෙ - දුවපල්ලා
ජනතාවනි - සටන් වදිමු
ජන පීඩක - බලය බිඳිමු
එක්ව නැගෙමු - එක්ව හැපෙමු
ජනතාවගෙ - බලය හදමු
වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව