ගුරු නායක ජෝසප් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කිරීමට එරෙහිව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් 2022.08.08 දින කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැති උද්ඝෝෂණයේ සටන් පාඨ
කාගෙද මේ - බලවේගේ
ගුරු-විදුපති - බලවේගේ
හිරේ දමපු - ගුරු සගයා
රැක ගන්නා - බලවේගෙ
බටලන්දේ - මරපු රනිල්
පිං ජනපති - ගහල රනිල්
මහ බැංකුවෙ - හොරා රනිල්
හිරේ දමව් - චෞර රනිල්
යුක්තියෙ හඬ - අරගලයේ
අපේ එවුං - අද ඇතුලේ
හොර හැත්තක් - මැති සබයේ
ගසති ගේම් - හතර අතේ
බැංකු හොරා - රජ වීලා
හිරේ දමපු - ජෝසප්ලව
කරව් කරව් - නිදහස් කරව්
වහ වහාම - නිදහස් කරව්
මර්දනයේ - හදිසි නීති
අකුලා පං - මරිසි නීති
බටලන්දෙගෙ - කැලෑ නීති
අකුල ගනිං - තොපේ නීති
මිලිටරියේ - යකඩ පොල්ල
බිම තබපං - යකඩ පොල්ල
ජනමතයට - වෙලා මෙල්ල
අකුලං පල - තොපේ මල්ල
කම්බ හොරෙක් - ගොස් රජගෙට
ගෙනෙයි නීති - මර්දනයට
අරගලයේ - ජන හදවත
බිය වෙන්නෑ - මර්දනයට
අරගලයේ - නායකයෝ
දඩයම් කර - සිර කෙරුවෝ
එකෙක් මලත් - තව දාහක්
සටන් බිමට - පණ පෙව්වෝ
අත නොතබන් - අරගලයට
තිත තබපං - මර්දනයට
සහන දියව් - මහජනයට
හිස නවපං - ජනමතයට
හිර කෙරුවොත් - අපේ එකෙක්
පෙරට එනව - තව දහසක්
ජන මතයේ - සුනාමියක්
හකුලනවා - හොරු රෑනක්
කඳුළු ගෑස් - තව ගහපං
බැටන්, බුලට් - තව එවපං
අරගලයේ - නායකයින්
බය නැති බව - හිතට ගනිං
තෙල් පෝලිං - තිබෙන තුරා
හොරු රජකං - කරන තුරා
ජනමතයෙන් - නොයන තුරා
වදිමු සටන් - මියෙන තුරා
ජෝසප් ස්ටාලින් ඇතුළු අත්අඩංගුවේ සිටින අරගලකරුවන් වහා නිදහස් කරනු !