කොටුව දුම්රියපොල ඉදිරිපිට 2023.02.22 දින අසාධාරණ බදු පනතට එරෙහි වෘත්තීය සමිති ඒකාබද්ධ විරෝධතා පිකට් උද්ඝෝෂණයේ සටන් පාඨ
1. කාගෙද මේ - බලවේගේ
වෘත්තිකයගෙ - බලවේගේ
රට සුරකින - බලවේගේ
ජනතාවගේ - බලවේගේ
2. මොකක්ද මේ - විරෝදේ
බදු පනතට - විරෝදේ
පීඩනයට - විරෝදේ
බදු පනතට - විරෝදේ
3. ජනතාවට - කන්නත් නෑ
බඩු මිල යයි - ඉහට උඩින්
කහින්නවත් - විදියක් නෑ
බදු ගහනව - හතර වටින්
4. උපයන විට - බදු ගෙවන්න
සාධාරණ - පනත් ගෙනෙන්
වෘත්තිකයන් - එලවා දමලා
රට හදනා - හැටි කියපන්
5. සාධාරණ - බදු ගහපං
ජනතාවට - සහන දියන්
උද්ධමනෙට - වැට බැදපන්
බුද්ධි ගලනෙ - නවත්තපන්
6. බදු බර මහ - ජන හිස මත
රජ සැප නම් - උන් හැම හට
චංචා බොරු - රට හැම තැන
තවමත් උන් - මන්දිරවල
7. වෘත්තිකයන් - හූරන් කන
බදු යෝජනා - හකුල ගනින්
දේශපාලු - හොරාකාපු
සල්ලි අරන් - රට හදපන්
8. බැංකු හොරුන් - මහ පුටුවල
බදු හොරු සැම - උන් වට කර
කොම්පැනි රැක - බදු මග හැර
හොරු සැම රැක - රජ පුටුවල
9. සීනි බද්ද - හොරා කාලා
බැඳුම්කරෙන් - හොරා කාලා
බදු වංචා - මගඩි කරලා
මුලු රටක්ම - වලට දාලා
10. බදු වැඩිකර - පටි හිර කර
මාසේ පඩිය - තව අඩුකර
ජන සේවය - අඩපණ කර
උන් වැජඹෙයි - මහ පුටුවල
11. ආණ්ඩුවක් - ආණ්ඩුවක්
පොකට් ගහන - ආණ්ඩුවක්
ආණ්ඩුවක් - ආණ්ඩුවක්
හොරු රකිනා - ආණ්ඩුවක්
12. බලවු බලවු - හොඳට බලවු
මිනිස්සුන්ගෙ - කඳුළු බලවු
දියව් දියව් - වහා දියව්
මිනිස්සුන්ට - සහන දියව්
13. ගිවිසුම අපෙ - වලට දමා
පඩියම බදු - වලට කපා
බෙල්ලට අපෙ - තොණ්ඩු දමා
ජුවල් නටයි - මැති ඇමතිලා
14. කන්නත් නෑ - බොන්නත් නෑ
මිනිස්සුන්ට - බෙහෙතක් නෑ
ඒ හැම දුක් - උන් හට නෑ
ඒත් මුන්ට - තේරෙන් නෑ
14. විකුණන් කන - සුත්තරේ
විදුලි බිලේ - සාත්තරේ
තෙල් වලටත් - හීන්සැරේ
ජනතාවට - දුන්න බැටේ
15. බැංකු පොලි - වැඩි කෙරුවා
විදුලි බිලත් - වැඩි කෙරුවා
ගෑස් තෙල්ද - වැඩි කෙරුවා
ආණ්ඩුවයි - මග මරුවා
16. අපි යන්නේ - කොයි පාරේ
රට රකිනා - අඩි පාරේ
අපි යන්නේ - කොයි පාරේ
රට රකිනා - හරි පාරේ
17. මේක අපේ - පොඩි සටනක්
ලඟ එනවා - මහ සටනක්
බේද එපා - වාද එපා
එකතු වෙලා - දෙමු සටනක්
ජන පීඩාකාරී බදු සංශෝධනයට එරෙහි සටනට ජයවේවා !
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව