චිකාගෝවෙ - බල කොටුවේ
හේමාකට් - චතුරස්රේ
කම්කරු ලේ - ගලා ගියේ
සිහි කරන්නෙ - දිනයයි ඒ
ලේ හලලා - දිවි පුදලා
කම්කරුවා - දිනු අයිතිය
රැක ගන්නට - පෙරට එන්න
කම්කරුවනි - පෙරට එන්න
කාගෙද මේ - බලවේගේ
කම්කරුවගෙ - බලවේගේ
පොදු ජනතා - බලවේගේ
බලය අයිති - බලවේගේ
කම්කරුවනි - සටන් වදිමු
ගොවි ජනයිනි - පෙරට ඇදෙමු
තරුණ ශිෂ්‍ය - බලය සමග
අලුත් ලොවක් - දෙසට හැරෙමු
කන්න බොන්න - ඉන්න නැතේ
ඉඩම් ටිකත් - ගසා කතේ
තුට්ටු දෙකම - හූරං කන
බඩු මිල යයි - රොකට් වගේ
හාල් පාන් - අඩු කරපං
උද්ධමනෙට - වැට බැඳපන්
හොරා කෑම - නවත්වපං
ජනතාවට - සහන දියං
දමව් දමව් - ඉහළ දමව්
අපේ වැටුප් - ඉහළ දමව්
ජීවන බර - දරාගන්න
හැකි වැටුපක් - ලබා දියව්
විදුලිය බිල - ඉහළ යතේ
ජනතාවට - සහන නැතේ
මුළු රටක්ම - ගිනි ගත්තත්
මුංට ඒව - වගක් නැතේ
ලංකාවම - උගස් කරල
ජනතාවම - ණය කරවල
ගත්ත ඩොලර් - හොරා කාලා
පාලකයෝ - සැප විඳිනවා
කාගෙද මේ - විරෝදේ
කම්කරුවගෙ - විරෝදේ
අධ්‍යාපනෙ - සුව සේවේ
විකුණනවට - විරෝදේ
බදු ගහපිය - ධනපතියට
සහන දියව් - ජනතාවට
හොරකං කර - රට පටවපු
ධනය ගෙනෙව් - යළිත් රටට
වරාය ටික - විකිණෙනවා
ඛණිජ තෙලුත් - විකිණෙනවා
ටෙලිකොම් සහ - රක්ෂණයත්
විකුණන්නට - දත කනවා
IMF - කොන්දේසිය
කරයි රටම - වෙන්දේසිය
ජනතාවට - අරන් එන්නෙ
මර්දනයේ - සන්දේසය
ජනතාවගේ - පොදු දේපළ
මතු පරපුර - සතු දේපළ
විදස්වලට - විකුණං කන
නතර කරව් - වෙන්දේසිය
ධීවරයට - ගොවි ජනයට
සහන දියව් - දිවි රැකුමට
සහතික මිල - අස්වැන්නට
ලබාදියව් - නියම කලට
මාධ්‍යයට - අත නොතබන්
විකල්ප මත - වඳ නොකරන්
පීඩිත මත - අහන් ඉඳින්
ජන මතයට - ගරු කරපන්
පොදු ජනතා - විරෝදේ
සීමා නැති - විරෝදේ
ඇවිලෙනවා - හතර අතේ
ආණ්ඩුවට - විරෝදේ
ඊ.පී.එෆ් - ඊ.ටී.එෆ්
කම්කරුවට - අයිති මුදල්
ඩීල් දාලා - හොරා කාල
නැති නොකරව් - අපේ මුදල්
රෝහල්වල - බෙහෙත් නැතේ
බෙහෙත් මිලත් - ඉහළ යතේ
මහජනයා - මැරිල ගියත්
මුන්ට වගේ - වගක් නැතේ
එපා එපා - නසනු එපා
ගහ කොළ වැල් - මරනු එපා
වන දියවැල් - වනසාලන
කැලෑ හොරුන් - යවමු අපා
භාෂණයට - ලේඛනයට
ඇති නිදහස - නැති නොකරව්
PTA - ATA
ත්‍රස්ත පනත් - හකුල ගනිව්
නීති කඩන - සිංගල් ලෝ
අයිති නසන - සිංගල් ලෝ
සූරාකන - සිංගල් ලෝ
ඉරාදමමු - සිංගල් ලෝ
වැඩ වැරුමට - ඇති අයිතිය
කම්කරුවගෙ - පරම අවිය
අධිකරණයෙ - විලංගුලන
නතර කරව් - ජඩ මර්දන
සිහල, දමිළ - යෝනක සැම
පවුලක් ලෙස - ඉඳිමු එකම
බේද කරලා - උන් කොටවන
පන්නා දමමු - පාලක රැළ
ජන මතයට - හිස නමපං
මැතිවරණය - කල් නොදමන්
අපිට කැමති - පාලනයක්
ඇති කරන්න - ඉඩ දීපං
අපිට ඕනි - රටක් රටක්
සතුට සැපත - විඳින රටක්
ණයට සින්න - නොවෙන රටක්
අපිට බලය - තියෙන රටක්
සටන් කරමු - සටන් වදිමු
ජනතාවනි - සටන් වදිමු
වැඩ කරනා - ජනතාවට
බලය තියෙන - රටක් හදමු
ලාංකේය කම්කරු ව්‍යාපාරයට ජයවේවා !
ලෝක කම්කරු ජනතාවට ජයවේවා !
(වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් මාලිගාවත්ත පී. ඩී. සිරිසේන පිටියේ පැවැත්වූ මැයි දින පෙළපාලි යේ සටන් පාඨ - 2023)