කම්කරු අමාත්‍යංශය ඉදිරිපිටදී - 2023.07.14 දින වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එක්ව පැවැත්වූ විරෝධතාවයේ සටන් පාඨ
1. කාගෙද මේ - බලවේගේ
කම්කරු අපෙ - බලවේගේ
මොකක්ද මේ - බලවේගේ
පොදු ජනතා - බලවේගේ
2. මොකක්ද මේ - විරෝදේ
කම්කරු අපෙ - විරෝදේ
අපිව රකින - නීති මකන
ඇමතියටයි - විරෝදේ
3. මොකක්ද මේ - විරෝදේ
සේවක අපෙ - විරෝදේ
අපිව රකින - අරමුදලට
කෙලින එකට - විරෝදේ
4. වැඩ මුරයේ - තිබූ පැය අට
වැඩි කරලා - දහසයකට
කොම්පැනිවල - ලාභ වලට
කම්කරුවා - වලපල්ලට
5. පඩි සහිතව - සති නිවාඩු
මුං කපලා - අපෙ නිවාඩු
කම්කරුවට - කරල පාඩු
මුං ගන්නව - අපෙන් වාඩු
6. වැඩ මුරයට - මුං කෙලියා
නිවාඩු වට - මුං කෙලියා
රැකියාවෙන් - නෙරපන්නට
කොම්පැනියට - ඉඩ දුන්නා
7. නරියන් හට - දී කුකුල්ලු
කොම්පැනියේ - මහ මෝල්ලු
සමිති හදන - එක කඩන්න
නව නීතිය - හරි ෂෝක් ලු
8. හිතුන ගමන් - නෙරපන්නට
නිවාඩුවට - කෙලවන්නට
වැඩ මුරයට - කෙලවන්නට
ඉඩ දෙනවද - ආණ්ඩුවට
9. කම්කරුවා - රකින නීති
අකුලාලා - ගෙනෙන නීති
වහල් යුගේ - යලි ගේන්න
එපා එපා - වහල් නීති
10. වහල් නීති - අකුල ගනිං
තොපේ නීති - අකුල ගනිං
අයි එම් එෆ් - කපටි උගුල්
එපා අපිට - අකුල ගනිං
11. ණය අරගෙන - ලෝකෙ වටෙං
රට යැව්වා - මුං හොම්බෙන්
ණය ගෙවන්න - බැරුව ඉතිං
කම්කරුවට - කෙලිනව මුං
12. ඊ පී එෆ් - ඊ ටී එෆ්
කම්කරුවා - රැක්ක මුදල්
ණය කපනා - සූදුවකට
දමනු එපා - අපේ මුදල්
13. කම්කරුවගෙ - ෆන්ඩ් එකකට
අත නොතබව් - ෆන්ඩ් එකකට
අත තියලා - අරමුදලට
එන්න එපා - අපේ ගමට
14. නීති නීති - වහල් නීති
අපට එපා - වහල් නීති
අපෙ හිමිකම් - කපන නීති
එපා එපා - වහල් නීති
15. ඊ පී එෆ් - ඊ ටී එෆ්
මංකොල්ලය - නතර කරව්
හොර හැත්තගෙ - පව් ගෙවන්න
අරමුදලට - අත නොතබව්
16. නීති වලට - කෙලවාලා
ෆන්ඩ් එකකට - අත තියලා
වැඩ කෙරුවොත් - පිටුපාලා
ආණ්ඩුවට - බායි ටටා
17. ඊ පී එෆ් - අරමුදලට
එකතු කළේ - අපෙ දහදිය
ඒ මුදලට - අත තියන්න
රනිල් උඹට - නැහැ අයිතිය
18. රනිල් ඔයා - පිං ජනපති
ජනවරමක් - නැති ජනපති
ජනතාවගෙ - අරමුදලට
අත තියන්න - දෙන්නෑ අපි
19. මෑන් පවර් - වහල් ක්‍රමේ
නීති පොතට - ගෙනත් ඇතේ
ධඔ නැතිව - වැඩ ගන්නට
නීති සකස් - කරල තියේ
20. කරව් කරව් - නතර කරව්
කොල්ල කෑම - නතර කරව්
ඊ පී එෆ් - ඊ ටී එෆ්
හොරා කෑම - නතර කරව්
21. ජනතාවනි - මේ අහන්න
ඊ පී එෆ් - බේරගන්න
ඊ ටී එෆ් - බේරගන්න
වහල් නීති - පරදවන්න
අපේ මුදල් - බේර ගන්න
හොර තක්කඩි - එළව ගන්න
මේ සටනට - එකතු වන්න
වැඩ කරන ජනතාවට ජයවේවා !
කම්කරු පන්ති අරගලයට ජයවේවා !!
එක්වෙමු ! ஒன்றிணைவோம் ! UNITE !