150 වැනි ලෝක තැපැල් දිනය සමරද්දී ශ්‍රී ලංකාවේ පුරවැසියන් හැටියට අපේ රටේ තැපෑල ආරම්භයේ සිට ඉදිරියට ප්‍රවර්ධනය වී ඇති අයුරු අප දැනසිටීම වැදගත් කොට සැලකිය හැකිය.
1796දී ලිපි භාරගැනීමේ කාර්යාලයක් කොළඹ පිහිටුවීමෙන් පසු 2001 වසරේ ටෙලිමේල් සේවාව හඳුන්වා දෙනතෙක් අපේ තැපෑල ප්‍රවර්ධනය වී ඇති ආකාරයෙන් එතෙක් විශේෂ තොරතුරු හැටියට ලංකාවේ තැපැල් කාර්යාල 609ක් ද උප තැපැල් කාර්යාල 3440ක් ද නියෝජිත තැපැල් කාර්යාල (පෞද්ගලික) 380ක් ද නියෝජිත තැපැල් කාර්යාල 138ක් ද නියෝජිත තැපැල් කාර්යාල (වතු) 17ක් ද ලියුම් පෙට්ටි 15,302ක් හා තැපැල්කරුවන් 7,278ක් ද ඇත. මේ තැපෑලේ දියුණුවේ තරමට මුළු සේවක සංඛ්‍යාව 23,418ක් වේ. ඒ වනවිට අපේ තැපෑලට වෑන් සහ ලොරි 103කින් සේවා කටයුතු කෙරුණු අතර ඊට අමතරව මේල් බස් 675කින් හා මේල් දුම්රිය 34කින් සේවාව ලබාගෙන ඇත.
1796දී පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගම මගින් ලිපි භාරගැනීමේ කාර්යාලයක් කොළඹ පිහිටුවීමෙන් පසු ශ්‍රී ලංකා තැපැල් ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් සිදුවිය. එකල මාර්ග පහසුකම් නොතිබූ අතර තැපැල් ප්‍රවාහනය සිදුව ඇත්තේ ධාවකයන් මගිනි.
1798 ඔක්තෝබර් 12 දින තැපැල් දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසු එවකට එකම පෝස්ට් මාස්ටර් ජනරාල් වශයෙන් කැප්ටන් ඒ කෙනඩි පත්කර ඇත. ඉන්පසු කොළඹ, ගාල්ල, මන්නාරම, යාපනය හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල තැපැල් කාර්යාල පහක් පිහිටුවා ඇත. තැපැල් ගාස්තු හා නීතිරීති හඳුන්වාදීම 1799 ජනවාරි 15දා සිදුව ඇත. 1804 වන විට මාතර ද තැපැල් කාර්යාලයක් පිහිටුවීමෙන් පසු තැපැල් කාර්යාල හයක් වුණි.
මේ වනවිට තැපැල් ප්‍රවාහනයේ යෙදුණු ධාවකයන් බොහෝ දෙනකු තුවාල ලබා සිටි අතර සිව්දෙනකු අලි හා වලසුන්ගෙන් මරුමුවට පත්වූ හෙයින් ඔවුන්ගේ පවුල්වලට විශ්‍රාම වැටුප් ලබාදුන් බවද පැවසේ.
1815දී කන්ද උඩරට රාජධානිය ඉංග්‍රීසින් අත්පත්කර ගත්හ. 1832දී ආසියාවේ පළමුවරට අශ්ව රථ මගින් තැපැල් ප්‍රවාහනය ඇරඹුණේ කොළඹ හා මහනුවර අතරයි. ඉන්පසු කොළඹ හා ගාල්ල අතර ද 1832 ජූලි 02 දින අශ්ව රථ මගින් තැපැල් ප්‍රවාහනය ඇරඹිණ.
1850 දී සැප්තැම්බර් 24දී කොළඹ සහ ගාල්ල අතර පරෙවියන් මගින් පණිවිඩ හුවමාරු ඇරඹිණි. මෙම සේවය වසර අටක් පමණ පැවතිණ. මේ කෙරෙන් ටයිම්ස් පුවත්පතට ප්රවෘත්ති රැගෙන ඒමට ගාල්ලේ සිට කොළඹට පැය 1යි විනාඩි 45ක් පමණ ගතවී ඇත.
1857 අප්‍රේල් 01 දින වික්ටෝරියා රැජිනගේ නිවසෙහි අනුරුව සහිත ප්‍රථම තැපැල් මුද්දරය නිකුත් විය. එය වටිනාකමින් පැන්ස 6කි. 1858දී කොළඹ සහ ගාල්ල අතර පළමු විදුලි පණිවිඩ මාර්ගය ඉදිකළ පසු ඉන්දියාව සමග එක එල්ලේ විදුලි පණිවිඩ හුවමාරුව ඇරඹී ඇත. 1859දී මෝස් සංඥා ක්‍රමය මගින් විදුලි පණිවිඩ හුවමාරුව ඇරඹිණ.
1864දී කොළඹ – මහනුවර දක්වා ඉදිකර තිබූ විදුලි පණිවිඩ මාර්ගය, දඹුල්ල හරහා ත්‍රිකුණාමලය දක්වා දීර්ඝ කර ඇත. 1865දී කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය මගින් තැපැල් ප්‍රවාහනය ඇරඹුණි. මෙම වසරේදී යුරෝපයේ සිට එක එල්ලේ කොළඹට විදුලි පණිවිඩය ප්‍රථමයෙන්ම ලැබී ඇත. 1866 අගෝස්තු 01දා ඇමරිකා එක්සත් ජනපදයේ සිට විදුලි පණිවිඩය ප්‍රථමයෙන්ම කොළඹට ලැබුණු බව සඳහන් වේ. 1967දී පෞද්ගලික තැපැල් මලු සහ පෙට්ටි සේවාව කොළඹ සහ මහනුවර නගර අතර පැවැති අතර මේ වනවිට තැපැල් කාර්යාල 77ක් විවෘතව තිබුණි. 1870දී සබ්මැරින් කේබලයක් මගින් ලංකාව ප්‍රථමවරට විදේශ රටවලට සම්බන්ධ වී ඇත. 1872 අගෝස්තු 22 පළමු තැපැල්පත අලෙවි කිරීමත් 1972 ජනවාරි 01 දින ලංකාවේ මුදල් භාවිතය රුපියල් ශතවලින් ඇරඹීමත් සිදුවිය. 1873දී ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර මුදල් ඇණවුම් සේවාව ඇරඹුණි. 1876 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදේශ පාර්සල් සේවය ආරම්භ කර ඇත.
බි්රතාන්ය පාලනය යටතේ ශ්‍රී ලංකාව විශ්ව තැපැල් සංගමයට බඳවා ගැනීම සිදුකළ 1877 වසරේ මෙරට මුදල් ඇණවුම් සේවය ද ආරම්භ කර ඇත. 1880දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුදල් ඇණවුම් සේවය ඇරඹුණි. 1882දී තැපැල් කාර්යාලය ඉතිරිකිරීමේ බැංකු පනත සම්මත වී ඇත. 1883දී තැපැල් කාර්යාලය ඉතිරිකිරීමේ බැංකුව පිහිටු විය. 1885 වනවිට ලංකාවේ තැපැල් කාර්යාල ගණන 130කි.
ලංකාවේ ප්‍රථම ජංගම තැපැල් දුම්රිය 1892දී කොළඹ සහ පේරාදෙණිය අතර ධාවනය වූ අතර එය 1928දී මහනුවර දක්වාත් 1929දී බදුල්ල දක්වාත් ධාවනය කෙරුණි. ඉන්දියානු රජය පාලනය කළ ඉන්දු – ලංකා විදුලි පණිවිඩ මාර්ගය ලංකා ආණ්ඩුවේ පාලනයට පැවරුණේ ද 1892 වසරේදිය. 1893 පෙබරවාරි 01දා රුපියල් ශතවලින් වටිනාකම් ඇති මුද්දර නිකුත් කිරීම ඇරඹුණි. එහි පළමු මුද්දරයේ වටිනාකම ශත 02කි.
1895 අගෝස්තු 19දා කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයට ගෙවැදීම සිදුවිය. 1896දී ඔරියන්ටල් ටෙලිෆෝන් සමාගමේ අයිතිය ලංකාණ්ඩුවට පවරාගත් අතර ඒ වෙනුවෙන් රු. 12,660/-ක වන්දියක් ගෙවා ඇති බවද සඳහන් වේ. 1899දී තැපැල් ප්‍රවාහනය සඳහා පළමු වෑන් රථය ගෙන්වාගත් අතර 1900 වනවිට ලංකාවේ තැපැල් කාර්යාල 147ක් විය. ජාතික ඉතිරිකිරීමේ බැංකු ගිණුම් සංඛ්‍යාව 51,887ක් දක්වා වර්ධනය වී තිබූ අතර 1900 ජනවාරි 20දා ශත 03ක් වටිනා මුද්දර කාවරයක් හඳුන්වා දී තිබුණි.
1909 පෙබරවාරි 02 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි මුදල් ඇණවුම් සේවාව ආරම්භ වූ අතර එම වසර තුළදී මහජනතාව සඳහා ටෙලිෆෝන් මැඳිරියක් ප්‍රධාන තැපැල් කාර්යාලයේ ආරම්භ විය. 1911දී මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලය විවෘත වීමත් සමග මුදල් ඇණවුම් සඳහා රු. 600 සීමාව නියම විය. 1912දී ගුවන්විදුලි පණිවිඩ අංශය විවෘත කළ අතර 1914 මාර්තු 01 (පළමුදා) ඉන්දු – ලංකා ජංගම තැපැල් කාර්යාල සේවාව අනුරාධපුරය දක්වා ව්‍යාප්ත කිරීම ඇරඹුණි. 1921දී පළමු උපතැපැල් කාර්යාල 06 පිහිටුවා ලූ අතර ඒවා අක්මීමන, ආණමඩුව, වලාවතුර, දිවුලපිටිය හා මුතූර් යන ප්‍රදේශවල ඇරඹුණි. ඒ වනවිට තැපැල් දෙපාර්තමේන්තුවේ පෝස්ට් මාස්ටර් ජනරාල් වූයේ එස්.ජී. ස්මිත් මහතාය.
1924 මැයි 15 දින යාපනය ජංගම තැපැල් දුම්රිය ආරම්භ වූ අතර ගාල්ල ජංගම තැපැල් දුම්රිය 1926 නොවැම්බර් 17 ඇරඹුණි. 1928 කොළඹ, මහනුවර සහ කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලය පිහිටුවීමත් සමග එක්සත් රාජධානියේ ගුවන් සේවය මගින් යවනු පිණිස මුල්ම ගුවන් ලිපි ප්‍රංශයට යැවීමට කටයුතු කිරීමට ද 1930දී ගුවනින් යැවිය යුතු ලිපි කරච්චිය වෙත යැවීම ද සිදුවිය.
1931දී ගාස්තු ගෙවා ලිපි යැවීමේ ක්‍රමය හඳුන්වා දීම, පිටපළාත්වල දෙවරක් ලිපි බෙදීම එකවරක් කිරීම හා කොළඹ 4වරක් ලිපි බෙදීම දෙවරක් කිරීම දැනුවත් කළ අතර 1932 දී ව්‍යාපාර පිළිතුරු කවර සහ කාඩ්පත් ක්‍රමය හඳුන්වා දීම හා ගුවනින් යැවිය යුතු ලිපි මදුරාසිය වෙත යැවීම ද ඇරඹුණි.
1933 දේශීය තැපැල් නීතිරීති සම්පාදනය වීමත් සමග ලංකාව, ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර දුරකථන සේවය ආරම්භ විය. තැපැල් හැඳුනුම්පත් ක්‍රමය ඇරඹීම, එක්සත් රාජධානියේ සිට නත්තල් තැපෑල කොළඹට ගෙන ඒම සහ ගෘහ සේප්පු ක්‍රමය ද ඉතිරිකිරීමේ සහතික පත් ක්‍රමය ද හඳුන්වා දීම 1933 වසරේම සිදුවිය.
1938දී තැපැල් කාර්ය ආඥාපනත මගින් රුපියල් 5/- සහ ඊට අඩු වටිනාකමින් යුත් මුද්දර තැපැල් මුද්දර බවට ප්‍රකාශයට පත්වූ අතර එම වසරේම පෙබරවාරි 28දා මුල්ම ගුවන් තැපෑල ටාටා ගුවන් සේවය මගින් ගෙන යෑම ද එම වසරේ මාර්තු 01දා ලන්ඩනයේ සිට එවූ මුල්ම ගුවන් තැපෑල කොළඹට ලැබීම හා පළමු ස්වයංක්‍රිය ටෙලිෆෝන් හුවමාරු මරදාන සහ හැව්ලොක් ටවුම යන නගරවල පිහිටුවීම සිදුවිය.
කොළඹ දුරකථන ක්‍රමය ස්වයංක්‍රිය කිරීම, කොළඹ -හැටන් අතර දුර මුද්‍රණ මාර්ගයක් පිහිටුවීම හා වෘහාර් ග්‍රාෆ් සේවය හඳුන්වා දීම ද 1938 වසරේම සිදු වූ අතර 1939දී ඕස්ට්‍රේලියාව වෙත සෘජු ගුවන් තැපැල් සේවය හඳුන්වා දී ඇත.
1947 දී මහජන ආධාර මාසික ගෙවීම තැපැල් කාර්යල මගින් ඇරඹීමත් පී.ජේ. පෙරේරා මහතා ප්‍රථම ලාංකීය තැපැල්පති වශයෙන් පත්වීම ද සිදුවිය. 1948 අප්‍රේල් 01දා වෑන් රථ 15ක් යොදා ගනිමින් තැපැල් ප්‍රවාහන අංශය ඇරඹුණි.
1949 පෙබරවාරි 04දා සියවස් සමරු ප්‍රථම සංවත්සර මුද්දර නිකුත් වූ අතර කොළඹ – යාපනය අතර අභ්‍යන්තර ගුවන් තැපැල් සේවය ද ඇරඹිණ. ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් ලෙස විශ්ව තැපැල් සංගමයේ සාමාජිකත්වය ලබාගැනීමත් තැපැල් කාර්යාල මගින් විශ්‍රාම වැටුප් ගෙවීමත් 1949 වසරේම සිදුවිය.
1957දී විදේශ විදුලි සංදේශ සේවය (OTS) ඇරඹුණු අතර 1951 ජූලි 01 දින යාපනය දක්වා වෑන් රථ මගින් තැපැල් සේවය ඇරඹී ඇත. 1952 ඔක්තෝබර් ශ්‍රී ලංකා විදුලි පණිවුඩ සේවයේ සිංහල හා දෙමළ පරිවර්තනය හඳුන්වා දී තිබේ.
1957දී සිංහල – ඉංග්‍රීසි දුරකථන නාමාවලිය නිකුත් වූ අතර එම වසරේ ඔක්තෝබර් 01දා ශත 07ක වටිනාකමින් යුත් දේශීය ලියුම් කාඩ්පතක් හඳුන්වා දුනි. 1958දී මැයි 14දා සිංහල අකුරු සහිත ප්‍රථම මුද්දරය නිකුත් වූ අතර එම වසරේදීම තැපැල් ප්‍රවාහනය සඳහා ලං.ග.ම. බස් යොදා ගැනීම ද නිලධාරීන් සඳහා මාරුවීම් මණ්ඩල පිහිටුවීම ද සිදුවිය.
1964දී අනගාරික ධර්මපාලතුමාගේ රුව ඇතුළත් තැපැල්පතක් නිකුත් වූ අතර 1964 ජනවාරි 20දා මඩකළපු ජංගම තැපැල් කාර්යාලය ඇරඹුණි.
1967 ජනවාරි 01 තැපැල් දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය පිහිටු වූ අතර එම වසරේ සැප්.16-19 දක්වා ප්‍රථම මුද්දර ප්‍රදර්ශනය පැවැත්විණි.
මුද්දර නිකුත් කිරීමේ කාර්යය මුද්දර කාර්යාංශයට පැවරීම ද ජාතික ඉතිරිකිරීමේ බැංකුව පිහිටුවීම ද 1972දී සිදුවිය. 1975 ජනවාරි 01දා ශ්‍රී ලංකා තැපැල් අභ්‍යාස ආයතනය වැල්ලවත්තේ පිහිටු වූ අතර 1979 ජුනි 28 පළමු ප්‍රාදේශීය ලිපිතෝරන මධ්‍යස්ථානය රත්නපුරයේ පිහිටුවා 1979 නොවැ. 02 ප්‍රාදේශීය ලිපිතෝරන මධ්‍යස්ථානයක් මහනුවර පිහිටුවිය. ශ්‍රී ලංකාව, ආසියා – පැසිෆික් තැපැල් සංගමයේ සාමාජිකත්වය ලබාගත්තේ 1979 නොවැම්. 23දාය.
නත්තල් උත්සවය නිමිති කරගෙන පළමුවරට මුද්දරයක් නිකුත් කිරීම 1980 නොවැම්බර් 20 සිදු වූ අතර ප්‍රාදේශීය ලිපිතෝරන හැටන් මධ්‍යස්ථානය 1980 දෙසැම්. 08දා ඇරඹුණි. එමෙන්ම මාතර ප්‍රාදේශීය ලිපිතෝරන මධ්‍යස්ථානය එම වසරේම මැයි 17දා ආරම්භ වූ අතර කුරුණෑගල මධ්‍යස්ථානය ජුනි 9දාත් බදුල්ල මධ්‍යස්ථානය ජූලි 26දාත් මඩකළපුව මධ්‍යස්ථානය 198, සැප්. 06දාත් ආරම්භ වී ඇත.
තැපැල් දෙපාර්තමේන්තුව හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව වෙන් වශයෙන් වෙනම දෙපාර්තමේන්තු දෙකක් බවට පත්කිරීම 1980 අගෝස්තු 15දා සිදුවූ අතර ශීඝ්‍රගාමී ලිපි බෙදීම ද CTO එම CME වෙත පැවරීම 1980 සැප්. 08 මෙදින සිදුවිය.
1981 පෙබර. 02 යාපනේ ප්‍රාදේශීය ලිපිතෝරන මධ්‍යස්ථානය පිහිටුවූ අතර රේඩියෝ ඉලෙක්ට්රෝන්ස් ප්‍රථම නියෝජිත තැපැල් කාර්යාලය 1981 ජූලි 27 දින බොරැල්ල නගරයේ විවෘත විය.
ශ්‍රී ලංකා තැපැල් සේවය අලළා සැකසුණු 1982 මුල්ම රූපවාහිනි වැඩසටහන 1981 නොවැ. 08 ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වුණි. 1982 ජුනි 24 ප්‍රථම ත්‍රිකෝණ හැඩැති රු. 2.50 වටිනා මුද්දරය නිකුත් විය.
1985 ජනවාරි 04 දෙවන තැපැල් අභ්‍යාස ආයතනය මහනුවර විවෘත විය. 1989 ඔක්තෝබර් 01 දින ජාත්‍යන්තර අධිවේගී තැපැල් සේවය (EMS) ඇරඹුණි. දේශීය අධිවේගී තැපෑල (Speed Post) ඇරඹුණේ 1990 ජූලි 02 දිනය. තැපැල් කළමනාකරණ අභ්‍යාස විiාලය 1990 මැයි 14 දින වැල්ලවත්තේ විවෘත විය.
1992 මැයි 02 ඒකාබද්ධ තැපැල් සේවාව පිහිටුවා ඇති අතර තැපැල් පරිපාලනය විමධ්‍යගත කිරීම, පෝස්ට් ෆැක්ස් සේවාව ඇරඹීම 1992 සැප්. 21 සිදුව ඇත.
1994 ඔක්. 10 දින විදේශ පාර්සල් භාරදීමේ කාර්යාලයක් ගාල්ල තැපැල් සංකීර්ණයේ පිහිටුවූ අතර උප තැපැල් ස්ථානාධිපතීන් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීම 1994 නොවැම්. 12දා සිදුවිය.
1995 පෙබ. 16දා තොග තැපැල් පහසුකම් ක්‍රමය හඳුන්වා දුන් අතර 1996 පෙබරවාරි 17 ව්‍යාපාරික ජනතාව සඳහා ලියුම් කවරයේ දැන්වීම් පහසුකම් හඳුන්වා දී ඇත. ඒ හැර ග්‍රාමීය නියෝජිත තැපැල් කාර්යාල (සණස) පිහිටුවා 1996 දීම සාක් කලාපීය රටවල මුද්දර ප්‍රදර්ශනයක් කොළඹදී පවත්වා ඇත.
1997 ජනවාරි 01 නිදහස් තැපැල් පහසුකම් විධිමත් කිරීම හා රාජ්‍ය අංශවලට මුද්දර මුද්‍රක යන්ත්‍ර ලබාදීම හා තැපැල් සංකේත ක්‍රමය හඳුන්වා දීම සිදුවිය. එම වසරේදීම කොළඹ නගරය තුළ තොග තැපැල් එකතුකිරීමේ සහ බෙදාහැරීමේ සේවය අරඹා, විද්්‍යුත් තැපැල් පහසුකම් (E-mail) සහ අන්තර් ජාල තොරතුරු තාක්ෂණය ශ්‍රී ලංකා තැපෑලට හඳුන්වා දීම ද සිදුවිය.
1977 ඔක්තෝබර් 15 ෆැක්ස් මුදල් ඇණවුම් හඳුන්වා දුන් අතර සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා මුලින්ම මුදල් භාරගැනීම 1997 ජූලි 01දා සිදුවිය.
1998 දී අන්තර්ජල පහසුකම් ඇතුළු නවීන පහසුකම් සහිත තැපැල් කාර්යාලයක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටුවා එහි සේවාව ව්‍යාප්ත කිරිම ඇරඹිණ. 1999 සියලු පහසුකම් සහිත නවීන තැපැල් කාර්යාලයක් මාතර පිහිටුවා එහි පහසුකම් දෙහිවල තැපැල් කාර්යාලයට ලබාදුනි. 2001 අප්‍රේල් 02 ටෙලිමේල් සේවාව හඳුන්වා දී ඇත.
(හිඳගල රත්නායක - දිවයින)