වැඩ ලෝකයේ හිංසනය හා ප‍්‍රචණ්ඩත්වය තුරන් කරමු - ILO සම්මුතිය පිළිගැනුමට ආණ්ඩුවට බල කරමු

වැඩ ලෝකයේ හිංසනය හා ප‍්‍රචණ්ඩත්වය තුරන් කරමු - ILO සම්මුතිය පිළිගැනුමට ආණ්ඩුවට බල කරමු

 මෙම සම්මුතිය ලියවිල්ලකට සීමා වන්නට ඉඩ නොදී එය කි‍්‍රයාවට නගා ගැනීමට මැදිහත්වීමේ වගකීමක් වෘත්තීය සමිති ලෙස අපට ඇත.

සාමාජික රටවල් මෙය පූර්ණ ලෙස පිළිගනිමින් එය රටේ නීති පද්ධතියට එකතු කෙරෙන සම්මුතියක් බවට පත් කරන්නට අප සැවොම එකමුතුව වැඩ කළ යුතු වෙමු.

 වෘත්තීය සමිති වලට කළ හැක්කේ කුමක්ද?

  • වෘත්තීය සමිති සාමාජිකත්වය හා පොදුවේ සමාජය මේ පිළිබඳව දැනුවත් කිරීම
  • සෑම රටකම ILO සම්මුතිය 190 නිල පිළිගැනුමට ලක් කිරීමට කි‍්‍රයාකාරීව වැඩ කිරීම
  • වැඩපළෙහි හිංසනය හා ප‍්‍රචණ්ඩත්වය තුරන් කිරීම වෙනුවෙන් පිරිස් ගොනු කිරීම
  • වැඩපළෙහි හිංසනය හා ප‍්‍රචණ්ඩත්වය තුරන් කිරීම වෙනුවෙන් අනෙක් වෘත්තීය සමිති, ජාතික සම්මේලන, රාජ්‍ය නොවන සංවිධානය හා විශේෂයෙන් කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් සමග පුළුල් සන්ධාන ගොඩ නැගීම
  • ILO සම්මුතිය 190 පිළිගැනුමට ලක් කිරීම වෙනුවෙන් ව්‍යුහයන් හදා ගැනීම

වැඩකරන ලෝකයේ හිංසනය හා ප‍්‍රචණ්ඩත්වය - වැඩපළෙහි, සේවක විවේකාගාරයේ, ආහාර ගන්නා පොදු ස්ථානයේ, සනීපාරක්ෂණ හා සෞඛ්‍ය කටයුතු කෙරෙන ස්ථානයේ, පොදු වැසිකිළියේ සහ මගී ප‍්‍රවාහනයේ දී වැනි  ඕනෑම තැනක සිදුවිය හැකිය.

එය අපට නතර කළ හැක

හිංසනය හා ප‍්‍රචණ්ඩත්වය නතර කරනු යැයි කීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය 2019 ජූනි මාසයේ ෂඛධ සම්මුතිය 190 (C190) සහ නිර්දේශ අංක 206 (R206) සම්මත කිරීමෙන් අතිශය වැදගත් ජාත්‍යන්තර මෙවලක් සකසා ඇත.

මේ අලූත් සම්මුතිය විසින් රැකියාවේ තත්ත්වය නොතකා වැටුප් ලබන, නොලබන සියල්ලන් ආරක්ෂා කරනු ලැබේ. තාවකාලිකව පුහුණු වෙන්නන්, ආධුනිකයින්, දෛනික කුලී සේවකයින්, කොන්ත‍්‍රාත් සේවකයින්, සේවයෙන් ඉවත් කළ වුන් පමණක් නොව, රැකියා සොයා පැමිණෙන්නන්ද ඉන් ආවරණය කෙරේ.

  • එහි ස්තී‍්‍රන් සම්බන්ධ විශේෂ අවධාරණයක් ඇත - සේවාවේදී, වැඩපළේදී හිංසනයට හා ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත්තේ ස්තී‍්‍රන්ට ය.
  • එය සියලූ අංශ ආවරණය කරන්නේය - රාජ්‍ය හා පෞද්ගලික, නාගරික, ග‍්‍රාමීය හා වැවිලිකර, ආර්ථිකයේ විධිමත් හා අවිධිමත් සියලූ අංශ ඉන් ආවරණය කෙරෙන්නේය.
  • එය සමස්ථ සේවක ප‍්‍රජාව සඳහා වන්නකි - එහි ආවරණ ක්ෂේත‍්‍රය හුදෙක් වැඩපළට සීමා නොවුනකි. එය කොතැන කෙසේ සිටියත් සේවකයා ආවරණය කරන්නකි.
  • ILO සම්මුතිය 190 (C190) කිසිවකු අත හැර නැත.

ILO සම්මුතිය 190 (C190) වැදගත් වන්නේ ඇයි?

හිංසනය හා ප‍්‍රචණ්ඩත්වය කිසිදු සේවා ක්ෂේත‍්‍රයක ඉවසා නොසිටිය යුතු හෙයිනි.

ලොව පුරා සියලූ සේවා ක්ෂේත‍්‍රයන්හි හිංසනය හා ප‍්‍රචණ්ඩත්වය තුරන් කිරීම වෙනුවෙන් නිර්ණායක හා නීතිමය අවකාශ සපයන පළමු මෙවලම මෙය වන හෙයිනි.

ලොව සියල්ලන්ට හිංසනයෙන් හා ප‍්‍රචණ්ඩත්වයෙන් තොර සේවා පරිසරයක් සඳහා අයිතියක් ඇතැයි එය පිළිගන්නා හෙයිනි.

ජාතික නීති පද්ධතියෙහි ඇති අඩු පාඩු හිස් තැන් සියල්ල ඉන් සම්පූර්ණ කරන හෙයිනි.

එයට ජීවිත දියුණු කළ හැක.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය