බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දුන් 07ක් මියයයි

බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දුන් 07ක් මියයයි
බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දුන් 07ක් මිය ගොස් තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත ලබා දීමෙන් අනතුරුව ලේ කැටිති ඇතිවූ පුද්ගලයින් 30 දෙනෙකු අතුරින් මෙලෙස 07ක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි සඳහන් වෙන්නේ.
 

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය ඖෂධ සහ සනීපාරක්ෂක නිෂ්පාදන නියාමන අධිකාරිය පෙන්වා දී ඇත්තේ එලෙස ලේ කැටිති ඇතිවූ සිද්ධීන් 30ක් පමණ වාර්තා වී තිබෙන බවත් එලෙස වාර්තා වූයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන දහ අටයි දශම එකක් (මිලියන 18.1) පමණ ලබා දීමෙන් අනතුරුව බවයි.