හමුදා නියෝගයෙන් මියන්මාරයේ අද සිට තවත් තහනමක්

හමුදා නියෝගයෙන් මියන්මාරයේ අද සිට තවත් තහනමක්

මියන්මාරයේ රැහැන් රහිත අන්තර්ජාල සේවා වසා දමන්නැයි එරට හමුදාව නියෝග කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මෙම තහනම අද (03) සිට බලාත්මක බවයි.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන්නේ ෆයිබර් ලයින් පමණක් බව අන්තර් ජාල සේවා සපයන ආයතන ප්‍රකාශ කළේ ය.

මේ අතර සේව් ද චිල්ඩර්න් සංවිධානය නිවේදනය කළේ, ‍ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපි කරන්නැයි ඉල්ලා මියන්මාරයේ ඇති වූ විරෝධතා මර්දනය කිරීම හමුවේ ළමුන් 43 දෙනෙකු අවම වශයෙන් මිය ගොස් ඇති බවයි.

මිය ගොස් ඇති සමස්ත පිරිස 536 කි.