කුවේටය විදේශික ශ්‍රමිකයින්ට නරකම ගමනාන්තයක් වෙයි

කුවේටය විදේශික ශ්‍රමිකයින්ට නරකම ගමනාන්තයක් වෙයි

කුවේටය විදේශික ශ්‍රමිකයින්ට නරකම ගමනාන්තයක් බවට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙලිවී තිබේ.

විදේශිකයින් සඳහා වන 2020 පරිසර හා තිරසාර වර්ගීකරණ සමීක්ෂණයට අනුව මෙම දත්ත ඉදිරිපත්ව තිබෙන අතර එහිදී සමීක්ෂණය සඳහා ලෝකයේ රටවල් 60ක් යොදා ගෙන තිබේ.

එක් රටකින් විදේශිකයින් 75 දෙනෙකු බැගින් තෝරාගෙන මෙම සමීක්ෂණය සිදුකර තිබෙන අතර එය ඉන්ටර්නේෂන්ට් නම් ආයතනය මඟින් සිදුකර තිබේ.

රටවල් ශ්‍රේණිගත කිරීමේදී විදේශිකයින්ට නරකම ගමනාන්ත බවට පත්ව තිබෙන රටවල් අතර 58 වෙනි ස්ථානට ඊජිප්තුවටත්,59 වන ස්ථානය කුවේටයටත් 60 වන ස්ථානය ඉන්දියාවටත් හිමිව තිබේ.

විශේෂයෙන් මැදපෙරදිග රටවල් වන ඕමාන 21 වෙනි ස්ථානයේත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය 22 වන ස්ථානයෙත්, ඊශ්‍රායලය 23 වන ස්ථානයේත්, බහරේනය 29 වෙනි ස්ථානයේත්, කටාර් රාජ්‍ය 34 වන ස්ථානයේත් 49 වන ස්ථානය සෞදි අරාබියටත් හිමිව තිබේ.

සමීක්ෂණය සඳහා තෝරාගත් රටවල් අතරින් විදේශික ශ්‍රමිකයින්ට හොඳම ගමනාන්තය ලෙස ෆින්ලන්තය පලමු ස්ථානයටත්, ස්වීඩනය දෙවන ස්ථානයටත්,නොර්වේ රාජ්‍ය තෙවන ස්ථානයේත් පසුවෙයි.

ඔස්ට්‍රියාව සිව්වන ස්ථානයේත්, ස්විට්සර්ලන්තය පස්වන ස්ථානයේත්, ඩෙන්මාර්කය 06වන ස්ථානයේත් පසුවෙන අතර නවසීලන්තය, ජර්මනිය හා කැනඩාව යන රටවල් පිළිවෙලින් 7,8,9 ස්ථානවල පසුවෙයි.

රටවල් අතරින් කුවේටය,ඉන්දියාව,ඊජිප්තුව, ඉන්දුනීසියාව හා වියට්නාමය විදේශිකයින්ට නරකම ගමනාන්ත බවට තහවුරු වී තිබේ.

මෙම සමීක්ෂණයේදී විවිද නිර්නායකයන් ඔස්සේ විදේශිකයින්ගෙන් ඒ ඒ රටවල් පිළිපදව විස්තර ලබාගෙන තිබෙන අතර එම කරුණු පාදක කරගනිමින් මෙම සමීක්ෂණයේ නිගමනයන් හෙලිකර තිබේ.

ඔබත් කුවේටයේ රැකියාවකට යාමට සිතනවානම් දෙපාරක් සිතන්න.