කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ යලිත් 24 පැයේම විවෘතයි

කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ යලිත් 24 පැයේම විවෘතයි

කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ යලිත් 24 පැයේම විවෘතව පවතින බව එරට රජය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව පසුගිය නොවැම්බර් 17 වෙනි දින සිට ගුවන්තොටුපළ පැය 24 පුරාම විවෘතව තැබෙන බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

කොරෝනා වසංගත තත්ත්වයත් සමග කුවේට් ගුවන්තොටුපළ මාස 06කට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කරන ලදී.

කෙසේ වෙතත් නැවත පැය 24 පුරා ගුවන්තොටුපළ විවෘතව තැබීම නිසා එරට සිට මව් රටවල් බලා යාමට සිටින විදේශිකයින්ට අලුත් බාලාපොරොත්තුවක් ඇතිකර තිබේ.

වඩබිම