ආසියාතික යුවලක් අලුත උපන් බිළිඳිය කටාර් ගුවන්තොටේ දමා ගිහින්

ආසියාතික යුවලක් අලුත උපන් බිළිඳිය කටාර් ගුවන්තොටේ දමා ගිහින්

කටාර්හි හමාද් ගුවන්තොටුපළේ කසළ බඳුනක දමා ගොස් තිබූ බිළිඳියකගේ මවුපියන් ගුවන්තොටුපළ ආරක්ෂක අංශ විසින් සොයා ගෙන ඇත.

මෙම බිළිඳිය සොයා ගැනීමත් සමගම ගුවන්ගත වීමට නියමිතව තිබූ යානාවල සැක කරන මගීන් 31 ක් එම යානාවලින් ඉවතට ගෙන පරීක්ෂාවට ලක් කර තිබේ.

ගුවන්තොටුපළේ සී. සී. ටී. වී. කැමරා පරීක්ෂාවට ලක් කිරීමේදී එම බිළිඳියගේ මවුපියන් ආසියානු යුවළක් බව සනාථ වී ඇත.

මේ නිසා එම ආසියානු යුවළට වසර 15 ක සිර දඬුවමක් නියම වන බව ආරංචි මාර්ග කියා සිටියහ.