දකුණු කොරියාවේ සැමට විශේෂ දැනුවත් කිරීමක් - වැරදිලාවත් මේ තහනම් ක්‍රියා කරන්න එපා

දකුණු කොරියාවේ සැමට විශේෂ දැනුවත් කිරීමක් - වැරදිලාවත් මේ තහනම් ක්‍රියා කරන්න එපා

වර්තමානය වනවිට දකුණු කොරියාව කොරෝනා තුන්වන රැල්ලට මුහුණ දෙමින් සිටින අතර දිනෙන් දින නව ආසාදිතයින් හමුවීම වර්ධනය වීමක් පෙන්නුම් කරන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඊයේ (29) දිනය තුළ නව ආසාදිතයින් 450 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ කොරෝනා මර්ධන නිරෝධායන ක්‍රියාවලිය තවත් දැඩි කිරීමට එරට රජය තීරණය කර තිබේ.

දින තුනක් අඛණ්ඩව දකුණු කොරියාව තුළ නව ආසාදිතයින් 500කට අධික ප්‍රමාණයක් හඳුනා ගැනීම නිසා මෙම තීරණය ගැනීමට එරට රජය තීරණය කර තිබේ.

තවද ආසාදිතයින් හමුවීම දකුණු කොරියාවේ හමුදා කඳවුරු ආශ්‍රිතවත්, සවුනා, උසස් පාසල් හා දේවස්ථාන කේන්ද්‍රකොටගෙන බව තහවුරු කරගෙන තිබේ.

මේ සියලුම දේ පදනම් කරගනිමින් දකුණු කොරියාවේ වසර අවසානයේ සාද තහනම් කොට ඇති අතර, පොදු සවුනා පහසුකම් ආදිය මෙන්ම ඇතැම් අවන්හල්ද වසා දැමීමට පියව ගෙන තිබෙනවා.