සෞදිය යලිත් වැට් බදු ඉහළ දැමීමේ සූදානමක

සෞදිය යලිත් වැට් බදු ඉහළ දැමීමේ සූදානමක

සෞදි අරාබිය විසින් වැට් බදු (එකතු කළ අගය මත බදු) වැඩිකිරීමට අවධානය යොමුකර තිබෙන බව සෞදි පුවත් සේවා වාර්තා කරයි.

විශේෂයෙන් කොරෝනා වසංගත තත්ත්වය පහව යාමෙන් පසුකාලීනව වැටි බදු ඉහළ දැමීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන බවයි සෞදියේ වැඩබලන තොරතුරු අමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ.

සෞදිය අරාබිය පසුගිය ජූලි මාසයේදී එකතුකළ අගය මත බද්ද 15%ක් දක්වා තුන් ගුණයකින් ඉහළ දැමීමට කටයුතු කළ අතර ඒ කෝවිඩ් 19 අර්බුදයත් සමඟ තෙල් මිල පහත වැටීම, ආර්ථිකය පසුබෑමකට ලක්වීම මෙන්මසෞඛ්‍ය වියදම් වැඩිවීම හේතුවෙන් රජයේ ආදායම පහත වැටීම යන කරුණු සැලකිල්ලට ගනිමිනි.

කෙසේ වෙතත් නැවතත් වැට් බදු ඉහළ නැංවීමට සෞදි රජය තීරණය කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞදි ඔටුන්න හිමි කුමරු සඳහන් කර ඇත්තේ වැට් බදු වැඩි කිරීමට ගත් තීරණය ඉතා වේදනාකාරී එකක් වන බවයි.

වැඩබිම