නව වෛරස ප්‍රභේදය හේතුවෙන් එංගලන්ත සෞඛ්‍ය පද්ධතියට බලපෑම්

නව වෛරස ප්‍රභේදය හේතුවෙන් එංගලන්ත සෞඛ්‍ය පද්ධතියට බලපෑම්

එක්සත් රාජධානියෙන් හඳුනා ගැනුණු කොරෝනා වෛරස භයානක බව මූලික දත්තවලින් පෙන්නුම් කෙරෙන බව එරට අගමැති බොරිස් ජොන්සන් පවසයි.

විශ්ලේෂකයින් විසින් කොරෝනා වෛරසයේ පැරණි සහ නව ප්‍රභේද ආසාදිතව මියගොස් ඇති පුද්ගලයින් ගේ දත්ත සංසන්දනය කිරීමෙන් අනතුරුව එවැනි අදහසක් මතුව ඇති බව සඳහන් වේ.
   
වඩාත් වේගයෙන් පැතිරෙන බවට හඳුනාගෙන ඇති කොරෝනා වෛරස් ප්‍රභේදයක් මේ වනවිට එක්සත් රාජධානිය පුරා පැතිර යයි.

මාධ්‍ය අමතමින් ජොන්සන් පැවසුවේ, "වේගයෙන් පැතිර යනවා මෙන්ම මේ වනවිට ලැබී ඇති දත්ත අනුව අනුමාන කළ හැකියි නව ප්‍රභේදය මරණ ගණන වැඩිවීමට හේතුවක් ලෙස," යනුවෙනි.

නව වෛරස ප්‍රභේදය හඳුනාගැනුනේ ලන්ඩන් නගරයෙනි.
    

"මෙම නව වෛරසයේ බලපෑම හේතුවෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය ට දැඩි පීඩනයක් එල්ල වෙලා තිබෙනවා," යනුවෙන්ද ජොන්සන් පැවසීය.