මොඩර්නා එන්නත ගැන ලෝකෙටම සුබ පුවතක්

මොඩර්නා එන්නත ගැන ලෝකෙටම සුබ පුවතක්

කොවිඩ් -19 වෛරසය මර්දනය සඳහා මේ වනවිට භාවිත කෙරෙන මොඩර්නා එන්නත වෛරසයේ නව ප්‍රභේදවලට එරෙහිවද ක්‍රියාත්මක වනබව වාර්තා වී තිබේ.

අමෙරිකානු සෞඛ්‍ය විද්‍යාඥයින් ප්‍රකාශකර ඇත්තේ එම එන්නත මගින් බ්‍රිතාන්‍ය සහ දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති වෛරස් ප්‍රභේදවලට එරෙහිව සාර්ථකව ක්‍රියාත්මකවන බව පරීක්ෂණාගාර ප්‍රතිඵලවලට අනුව තහවුරු කරඇති බවය.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.