මිසයිල ප්‍රහාර මාලවකින් රියාද් ගුවන්තොටේ ගුවන්ගමන් තාවකාලිකව නවතී

මිසයිල ප්‍රහාර මාලවකින් රියාද් ගුවන්තොටේ ගුවන්ගමන් තාවකාලිකව නවතී
සෞදියේ රියාද් නුවරට එල්ලවූ මිසයිල ප්‍රහාර මාලවක් නිසා සෞදිය තුළ නොසන්සුම් වාතාවරණයක් උද්ගතවූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
කෙසේ වෙතත් මෙම මිසයිල උඩු ගුවනේදී පුපුරුවා හැරීමට සෞදි ගුවන් හමුදාව කටයුතු කර තිබෙන අතර එම ප්‍රහාර එල්ල කර ඇත්තේ යෙමනයේ සෞදි විරෝධී ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන් වන බවයි වාර්තා වෙන්නේ.
 
පසුගිය කාලවකවානුව තුළ අවස්ථා කිහිපයකදීම සෞදියට හවුති කැරැලිකරුවන් විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන අතර ඒවා සාර්ථකව මැඩපැවැත්වීමට සෞදි ගුවන් හමුදාව කටයුතු කරන ලදී.
 
මෙම ප්‍රහාර මාලාවද එසේ විනාශකර දැමීමට සෞදි ගුවන් හමුදාව යුහුසුළුව කටයුතු කිරීම නිසා විනාශයක් වළක්වා ගැනීමට හැකිව තිබේ.
 
මිසයිල ප්‍රහාර නිසා රියාද් ගුවන්තොටුපළේ ගුවන් ගමන් කටයුතු තාවකාලිකව නැවැත්වීමට සෞදි බලධාරීන් පියවර ගත් අතර ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාලයක් සිදුව නැති බවත් විදෙස් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර ඇත.