දරුවන්ට එන්නත් ලබාදීමට ජර්මනිය තීරණය කරයි

දරුවන්ට එන්නත් ලබාදීමට ජර්මනිය තීරණය කරයි

ජර්මනියේ වයස අවුරුදු 12ට වැඩි ළමුන් සඳහා ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබාදීම ආරම්භ කරන බව චාන්සලර් ඇන්ජලා මර්කල් පවසන්නීය. 

ඇය සඳහන් කරන්නේ ලබන මස 07 වන දින සිට එම එන්නත්කරණ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බවය. 

කෙසේවෙතත් දරුවන් අදාළ එන්නත ලබානොගත්ත ද පාසල් යෑමේ කටයුතු සිදුකිරීමට හැකියාව පවතින බවද ඇන්ජලා මර්කල් අවධාරණය කළාය. 

කලාපීය නායකයින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් මේ බව ප්‍රකාශ කර ඇත.