කොරෝනා පොකුරක් නිසා සිංගප්පූරුව අර්බුදයක

කොරෝනා පොකුරක් නිසා සිංගප්පූරුව අර්බුදයක
නව ආසාදිතයින් පොකුරක් හඳුනා ගැනීමත් සමග සිංගප්පූරුව තුළ යළිත් කොරෝනා අවදානමක් මතුව තිබෙන බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි. 
 
කැරෝකේ සමාජ ශාලා 03 කින් එලෙස ආසාදිතයින් හඳුනා ගෙන  ඇති අතර මාස 10 කට පසුව පළමු වරට සිංගප්පූරුවෙන් මෙලෙස කොරෝනා ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් හමුවී තිබෙන්නේ. 
 
 
 
 
 
 

එලෙස හඳුනාගෙන ඇති පිරිස 56 ක්. ඔවුන් අතර අදාළ කැරෝකේ සමාජ ශාලා තුනේ සේවය කරන්නන් හා ඒවාට පැමිණි පිරිස් වන බවයි එරට සෞඛ්‍ය අංශ අනාවරණ කර ඇත්තේ.

පවතින තත්ත්වය පාලනය කිරිමේ අරමුණින් ආසාදිතයින් හඳුනා ගැනුණු කැරෝකේ සමාජ ශාලා තුනම වසා දැමීමටත්, එහි පැමිණි පුද්ගලයින් හට වහාම පරීක්ෂණ සඳහා යොමුවන ලෙස දැනුම්දීමටත් සිංගප්පූරු බලධාරීන් පියවර ගෙන තිබුණා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග සිංප්පූරුවේ කැරෝකේ ඇතුළු සියලුම රාත්‍රී සමාජ ශාලා දිගු කාලයක් පුරා වසා තැබුණා. කෙසේවෙතත්, එම සමාජ ශාලා යළි විවෘත කෙරුණේ නව සෞඛ්‍ය රෙගුලාසි හඳුන්වා දෙමින්.

එහෙත් ජනතාව එම සෞඛ්‍ය රෙගුලාසිවලට පටහැනිව ක්‍රියාකිරීම හේතුවෙන් මෙලෙස නව කොවිඩ් පොකුරු මතුවීමේ අවදානමක් ඇති බවයි සිංගප්පූරු බලධාරීන් පැවසුවේ.

රාත්‍රී සමාජ ශාලා යළි විවෘත කිරීම හේතුවෙන් ආසියානු රටවල් කිහිපයක්ම යළිත් කොරෝනා රැල්ලක අවදානමට මුහුණ දී තිබෙනවා. දකුණු කොරියාව සහ තායිවානය ඒ අතරින් ප්‍රමුඛයි.