හදිසි ගංවතුර තත්ත්වයකින් ජර්මනියේ 81 මරුට -1000කට වඩා අතුරුදහන්

හදිසි ගංවතුර තත්ත්වයකින් ජර්මනියේ 81 මරුට -1000කට වඩා අතුරුදහන්

බටහිර ජර්මනියේ සහ බෙල්ජිමයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 81ක් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් දහසකට අධික සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

වසර ගණනාවක් තුලදී ජර්මනියට බලපෑ ප්‍රබලතම හා ස්වභාවික ගං වතුර වියසනය මෙය වන බවයි සඳහන් වෙන්නේ.

ගංවතුර තත්ත්වය නිසා බටහිර ජර්මනියේ, Ahrweiler දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1,300 දෙනෙකු අතුරුදහන්වී තිබෙන අතර ඇතැම් ප්‍රදේශවල ජංගම දුරකථන සංඥා, ෆේස්බුක් සමාජ ජාලා බිඳ වැටීම නිසා ඔවුන් සම්බන්ධයෙන් නිසි තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් පැනනැගී ඇත.

ධාරානිපාත වර්ෂාවත් සමග ගංගා පිටාර ගැලීමෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිවීමට බලපෑ ප්‍රධාන හේතුව වී තිබෙන අතර නිවෙස් තුල කොටුවී සිටින පුද්ගලයින් බේරා ගැනීමට සහන සේවකයින් කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.