කොවිඩ් වසංගතය හමුවේ විටෝරියා ප්‍රාන්තය පස්වෙනි වරටත් වැසෙයි

කොවිඩ් වසංගතය හමුවේ විටෝරියා ප්‍රාන්තය පස්වෙනි වරටත් වැසෙයි
ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න් හි වික්ටෝරියා ප්‍රාන්තය  තුළ කොරෝනා ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් හමුවීම නිසා එම කලාපය හදිසියේ වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත.
 
පසුගිය 15 වෙනි දින වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් හමුවී ඇති අතර මෙතෙක් එම ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 18 දෙනෙක් වාර්තා තිබේ.
 
කොවිඩ් -19 වසංගතය ඇරඹීමෙන් පසුව එම ප්‍රාන්තය ලොක්ඩවුන් කෙරෙන 5 වැනි අවස්ථාව මෙය වේ. එය ලබන අඟහරුවාදා දක්වා බල පැවැත්වේ.
 
වික්ටෝරියා ප්‍රාන්තයේ මිලියන 6.6ක ජනතාවක් වෙසෙන අතර ඔවුන්ට නිවෙස්වලින් පිටතට යා හැක්කේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට, අත්‍යවශ්‍ය රැකියා සඳහා, ව්‍යායාම සඳහා හෝ එන්නත් ලබාගැනීමට පමණි.