බ්‍රිතාන්‍යයේ දෛනික කොවිඩ් ආසාදිතයින් ඉහළට

බ්‍රිතාන්‍යයේ දෛනික කොවිඩ් ආසාදිතයින් ඉහළට

බ්‍රිතාන්‍යයෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා.

එරටින් නව ආසාදිතයින් 44,985 දෙනෙකු ඊයේ හඳුනාගැනුනා. එම කාලසීමාවේදී එරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 135 ක්. බ්‍රිතාන්‍යයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 88,734,934 කි. සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 139,461 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට ලක්ව ඇති බැවින්, ආසාදන අවම කිරීමට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි, එරට වෛද්‍යවරුන් රජයෙන් ඉල්ලා සිටින්නේ. සමාජ දුරස්ථකරණය මෙන්ම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අඛණ්ඩව අනුගමනය කරන ලෙස ද බ්‍රිතාන්‍ය රජය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.