රටවල් කිහිපයක කොවිඩ් ආසාදිතයන්ගේ ඉහළයාමක්

රටවල් කිහිපයක කොවිඩ් ආසාදිතයන්ගේ ඉහළයාමක්

රටවල් කිහිපයක කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

එහෙත් එන්නත්කරණයේ ප්‍රතිඵලයක් ලෙස මරණ සංඛ්‍යාව අඩු මට්ටමක පවතින බවයි, සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ අතර ඔස්ට්‍රේලියාවේ වසා දමා තිබූ පාසල් අද යළි විවෘත කෙරුණා.

ඕස්ට්‍රේලියාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් දෙදහසකට අධික සංඛ්‍යාවක් හඳුනා ගැනුණා. සිදුවී ඇති මරණ සංඛ්‍යාව 11ක්. රෝගීන්ගේ අඛණ්ඩ වර්ධනයත් සමඟ රජය එන්නත්කරණය වේගවත් කිරීම සඳහා විශේෂිත වැඩපිළිවෙළක් සංවිධාන කොට තිබෙනවා.

ඒ සමඟම දීර්ඝ කාලයක් වසා දමා තිබූ පාසල් පද්ධතිය ද යළි විවෘත කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා. එරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ 45,000කට අධික වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 1,543ක්.